ප්රංශයේ ශ්‍රී ලාංකික සිංහල සංස්කෘතික සංවිධානයේ 26 වැනි බක් මහා උළෙල පැරීසියේදි නිමාවිය. සංවිධානයේ නව සභාපති ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ අධ්‍යක්ෂක රංජිත් කුලතුංග, ප‍්‍රංශයේ දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති රුවන්සිරි විතානගේ, හා නගර සභා ක‍්‍රීඩා අංශය බාර නිලධරයෝ පිළිවෙළින් සංවිධානයේ, ශ්‍රී ලාංකික හා ප‍්‍රංශ ධජ ඔසවා උළෙල ආරම්භ කළහ. අවුරුදු රබන් හඬ මැද්දේ දෙගුරුන් හා වැඩිහිටියන් නැමදල කැවුම්, කොකිස්, කිරිබත් සංග‍්‍රහ සමග අවුරුදු චාරිත‍්‍ර සිදුකැරිණිග ජාතික ක‍්‍රීඩා ඇතුළත් තරග 44 කින් සමන්විත මෙවර උළෙල අවසානයේ පැරීසියේ සරසවි රංඟ කලායතනයේ දරුවෝ ද ආචාර්ණි සුසිලා මල්ලිකාආරච්චි, දමිත‍්‍රි පීරිස්ගේ කලායතනයේ නර්තන සිසුහු ද සංස්කෘතික සංදර්ශනයක් සමග කැරෝකේ සංගීත සැදැවක්ද පැවැත් වුහ. සංවිධානයේ වැඩිම වාර ගනනක් සභාපති ධුරය දැරූ ඉන්ද්‍රකුමාර මාකේවිට, හා කලා කටයුතු වලින් සංවිධානයට මෙහෙයක් සිදුකළ අනුර කතලූව මහතාටද විශේෂ තිලිණයන් ප‍්‍රදානය කැරිණිග ප‍්‍රංශයේ වැඩ බලන තානාපතිනිය ස්වර්ණා පෙරේරා මහත්මිය, කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය ආචර්ය නීතිඥ කොඞ්ලින් වෛද්‍යරත්න සංවිධානයේ ස්වර්ණා කුලතුංග හා අනුර කතලූව යන මහත්ම මහත්මින් බක්මහ උළෙලේ ප‍්‍රධාන විනිශ්චය මඩුල්ල නියෝජනය කළහ.
බක්මහ උළෙල සාර්ථක කර ගැනීමට වැඩිපුර ධනය වැය කල ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ ආයතනය ඇතුළු අනුග‍්‍රහාකයන් දැක්වුවන් අතර නේෂන් ට‍්‍රස්ට් බැංකුව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා ලංකාදීප එසැණ, ඉරිදාා ලංකාදීප පුවත් පතටද පොලිස් පරිපාලන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක, බස්නාහිර පලාත භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ. පි. පි පතිරණ මහතා හා රංජිත් අබේරත්න මහතාටද බක්මහ උළෙල සාර්ථක කර ගැනීමට ආධාර, උපකාර හා සහභාගි වූ සියලූ දෙනාටමද සංවිධානය වෙනුවෙන් ස්තුතිය පුද කර සිටින බව සංවිධානයේ මාධ්‍ය හා ප‍්‍රචාරක කටයුතු භාර රොහාන් දයාදර මහතා පැරීසියේ ලංකාදීප එසැණට පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහන්ත, එංගලන්ත ජාතිකයා ලංකාව යටත් කරගන්නත් එක හේතුවක් තමා නැපොලියන් අධිරාජ්‍යයා.ඒක නිසා ප්‍රංශ ජාතිකයෝ ලංකාව ගැන දන්නේ අපි මෙහෙට එන්න කලින්. හොද දේ අගයන්න පුරුදු වන්න . (නි)
සේරම් පැරිස් , මම හිතුවා මේ වගේ අවස්ථාවක ගුටි කෙල ගන්නේ මැදපෙරදිග අය විතරක් කියා (නි)
දැන් වැඩකරන්න අලුත් කොල්ලෝ ඉන්නවා. අපිට තියෙන්නේ මග පෙන්වන්න (නි)
රෝහන්ත ද සිල්වා නොකියා කියන්නේ ප්‍රංශයේ මිනිසුන් ලෝකය ගැන නොදන්නා මොට්ටයෝ කියලාද? (නි)
දේශීය දේ අගය කිරීම හොඳ ගුණයක් (නි)
මැයි මාසයේ අවුරුදු උත්සව පවත්වන්නේ කොහෙද?(නදී)
රෝහන්ත ද සිල්වා, ඔයා තමයි ප්‍රංශකාරයෝ ගැන නොදන්නේ. ඔයාගේ දැනුම ගැන අපිට දුකයි. ඔයා දන්නවද මීට අවුරුදු සියයකට එහා ප්‍රංශකාරයෝ රුවල් බෝට්ටු වලින් ලංකාවට ගියා කියලා. යුරෝපයේ යටත් විජිත යුගය ගැන පොතක් හොයාගෙන කියවන්න. (නි)
හරිම ආඩම්බරයි. හැබැයි මේක අප්‍රියෙල් වල කළා නම් තමයි ගොඩක් ලස්සන. 2014 දී අප්‍රියෙල් වල කරන්න හොදේ (නි)
බොදු බල සේනා ගිහිල්ලා නැද්ද ? ඉන්නම ඕනෑ කට්ටිය . අපරාදේ ? (නි)
ප්‍රංශේ මිනිස්සු "ශ්‍රී ලංකා" කියනකොට දන්නෙවත් නැහැ ඒ වගේ රටක් තියෙනවද කියලා. අපේ කට්ටිය දැක්කම කළු හම හින්දා හිතන්නේ ඉන්දියාවෙන් කියලා. අපිව සත පහකට ගණන් ගන්නේ නැහැ. අපි ඇවිල්ලා දුප්පත් තුන් වැනි ලෝකෙන් ආපු කුලී කම්කරුවෝ හැටියට තමයි ගණන් ගන්නේ. ඕවා කෙරුවා කියලා "මහා ලොකු අභිමානයක්" නෙමෙයි එන්නේ, ලැජ්ජාවක් (නි)
ගොන් නාම්බෝ.
හබි වේදිකාවට නැගල ඉන්නේ බොරුවට වංචාවට අදිපති කට්ටිය.(ස)
අප්‍රේල් සීතල නිසා කරන්න අපහසුවෙනවා. අපි ඉන්නේ ප්‍රන්සේ හරිම ලස්සන අවුරුදු උත්සවය නව සභාපතිතුමාට ස්තුතියි. (ස)
කෝ සෙනග නැනේ.. (ස)
අප්‍රේල් අවුරුදු උත්සවේ තියාගන්න බැරි සංවිධානය මොකටද? (නි)
අන්තිම පින්තුරේ ඉන්නේ "අව්රුදු" කුමාරියො වෙන්න ඇති නේ?(නදී)
අපේ පදිංචිය පැරිසියෙන් ගොඩක් දුර නිසා එන්න අපහසු වුණත්, ශ්‍රී ලාංකිකයන් වශයෙන් මොන රටක හෝ අපේ සංස්කෘතිය විදහා දැක්වෙන මෙවන් දේ ගැන ආඩම්බර විය යුතුයි. ඔබලාට ඊලඟ වසරේ මීටත් වඩා සාර්ථකව කරගැනීමට හැකි වේවා! රෝහන්ත ද සිල්වා මහත්මයෝ, අපි ගැන නොදන්න අයට අපේ රට ගැන , අපිටත් මෙහෙම සංස්කෘතියක් තියෙනවා කියලා පෙන්වන්නත් එක්ක මෙහෙම දේවල් කරන අයට ස්තුති කරන්නවත් පුරුදු වෙන්න. (නි)
කෝ තියෙනවාද
මමත් හිටියා. හරිම හොදයි. ජය වේවා, ඔබ සැමට! (නි)
අර හාමුරුවෝ නංගිලාගේ නැටුම් දැකලා තුෂ්නිම්භුත වෙලා වගේනේ ඉන්නේ (නි)
රොහාන් ද සිල්වා, අපිට ඔයා ගැන දුකයි. ඔයාගේ අධ්‍යාපනේ වැරැද්ද හොදට ඉගෙනගන්න ඔයා (නි)
අරවින්ද ඔබලා වගේ උපාසකයෝ ලංකාවේ ඉපදුනේ පෙර පිනකට උඹලට වේදිකාව ලගට වත් එන්න බැරි වුනානේ. ඒ ගැන දුකයි. ලබන පාර උත්සහ කරන්න.(නදී)
සිංහල සංවිධානයට න්ව්දනෙට පන ඇවිල්ල වගේ.(නදී)
රෝහන්ත ද සිල්වා ඔබ කියන තරම් ප්‍රංශයේ අය කලු ජාතිකයින්ට අපහාසාත්මකව සලකනවානම් අද බලන්න පැරීසියෙ ඉහල තැන් වල වැඩි හරියක් ඉන්නෙ කලු ජාතිකයන්. සමහර විට කුලී කම්කරුවෝ හැටියට ඔබගෙ හාම් පුතා ඔබට සලකනවා ඇති ඒ කුලී කම්කරුවෙක් නිසා වෙන්න ඇති. නමුත් 1983 සිට අපි නම් දැකලා නැහැ සිංහල අය පැරිසියෙ කුලී කම්කරුවන් හැටියට වැඩ කරනවා. තමන්ගෙ නූගත් කමක තරම පල්ලෙහයින් පෙරෙනවා කියන්නෙ ඕකට තමයි.(නදී)
අපේ මිනිස්සු අපේ මිනිස්සුන්ටමයි මඩ ගහන්න හදන්නේ (නි)
පැරිසියේ සිදුවූ මෙවර අලුත් අවුරුදු උත්සවය ගුටි කෙල ගැනිමකින් තොරව ඉවර උන එකට අප එක සිතින් ස්තුති කරමි. මෙය පටන් ගත් දවසේ සිට අවුරුදු 20 කට පෙර හැම දාම මෙය නිම වුයේ ලොකු ගුටි කෙල ගැනීමකිනි. දැන් එය බොහෝ දෙනෙක් තේරුම් අරන් වගේ. පැරිස් වල වාසය කරන සිංහල අයට මෙවර අවුරුදු උත්සවය ඉතා ඉහලයි.(නදී)
ප්රංශයේ මිනිසුන් ශ්‍රී ලංකාව ගැනත් සිංහලයන් ගැනත්, දමිළයන් ගැනත් හොඳ අවබෝධයක් තියෙන අය. (නි)