ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංවිධානය හෙවත් සෙක්සා පදනම වාර්ෂිකව පවත්වන බක්මහ උළෙල අපේ‍්‍රල් අටවැනිදා උදේ 10 සිට සවස 7 දක්වා ලබුෂේ නගරයේ ජෝ සීමන් ක‍්‍රීඩාගාරයේදී පැවැත්වේ.
ප‍්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන්ට ජාතික චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ ජාතික ක‍්‍රීඩා පිළිබඳ අවබෝධයක් ලබාදීමට මෙන්ම, වැඩිහිටියන් ජාතික ක‍්‍රීඩාවලට සහභාගි කැරගැනිමින් අවුරුද්ද සැමරීමට හැකි වන අයුරින් මෙම උළෙල සංවිධානය කර ඇත.
ප‍්‍රංශයේ විවිධ ශ්‍රී ලාංකික සංවිධානයන්හි සහභාගිත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් ද සිංහල සහ දෙමළ නැටුම් ඇතුළත් සංස්කෘතිකාංග ද නලීන් මධුරංග සංගීත ශූරීන්ගේ ඒක පුද්ගල සංගීත වැඩසටහනද විශේෂාංග අතර වෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට උවමනාම දෙයක් ජාතිකත්වය හා බැදුන චාරිත්‍ර කියල දීම. සාර්ථක වේවා.