ප්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරයේ වෙසක් පිංකම විහාරාධිපති මුරුංගාගස්යායේ ඥානිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් සහ පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවතියේය.
සිංගප්පුරුවේ සමාධි මහා විහාරාධිපති ආචාර්ය රම්බුකෙවෙල ඥානසීහ හිමි, බුරුම ජාතික යු කුමාර හිමි, චීන ජාතික චින්නම් හිමිවරුන් ඇතුළු ප්‍රංශය,කාම්බෝජය, චීනය, බුරුමය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහෝ ගණනක ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වුහ.දන්සලක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ඉන්නේ ලංකාවේ කට්ටිය .......(ස)
ඉතාමත් අලංකාරයි!! නිහතමානී ධාර්මික උත්සවයක්!! සාදු!! සාදු! සාදු!!! (ස)
ලලිත්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවී ඇස් දෙකම බලාගන්න. ආබාධයක් ඇති බව පැහැදිලියි. (නි)
මුරුංගාගස්යායේ ඥානිස්සර හිමියන්ගේ ශාසනික මෙහෙය අගයන අග්නිදිග ආසියානු රටවල් කිහිපයක දායක දායිකාවන් මෙන්ම ශ්‍රී ලාංකික බැතිමතුන් මෙම විහාරස්ථානය සම්බන්ධ කරගෙන වසර දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන බොදු ආගමික උත්සව ප්‍රංශයට පමණක් නොව මුළු ලොවටම වැදගත් ආගමික පණිවිඩයක් රැගෙන යනවා. එතුමා ඇතුළු කොන්ගස්දෙනිය ආනන්ද හිමියන්ටත් අප නීරෝගී සුව පතනවා. (නි)