ප්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරයේ වෙසක් පිංකම විහාරාධිපති මුරුංගාගස්යායේ ඥානිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් සහ පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවතියේය.
සිංගප්පුරුවේ සමාධි මහා විහාරාධිපති ආචාර්ය රම්බුකෙවෙල ඥානසීහ හිමි, බුරුම ජාතික යු කුමාර හිමි, චීන ජාතික චින්නම් හිමිවරුන් ඇතුළු ප්‍රංශය,කාම්බෝජය, චීනය, බුරුමය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහෝ ගණනක ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වුහ.දන්සලක් ද පැවැත්විණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.