ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රංශ කමිටුව 25 වැනි ඉල්මහ විරු සමරුව ඉරිදා (16) සවස 03 ට පැරිස් කලාප අංක 11හී අංක 177 රූ ඩෙ ෂරොන් හී අගේෂා ශාලාවේදී පැවැත් වීමට යයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේදී මියගිය නායකයන්ගෙන්, ලෝකෙම ඉන්න ලාංකිකයින්ගෙන් පිදුම් ලබන්නට වාසනාව ඇත්තේ මියගිය විජේවීර මහතාට පමණි. ලෝකෙම ඉන්න ඔහුගේ අනුගාමිකයින් ඉල්මහ විරුව පහනක් පත්තු කර සමරනවා. (ර)
මොහමඩ් සහෝදරයා, ඔබ දුටු විදිය අප රටේ බහුතරකට තේරුම් ගිය හොත් එදින රෝහණ සහෝදරයා ඇතුළු ඒ මියගිය බුද්ධිමතුන් මෙන් රටට අවංකව ආදරය කළ එම සියලු සහෝදරයන් සදා සැමරේවී. (දිල්)
කොමියුනිස්ට් ක්‍රමය සමාජවාදය මාක්ස්වාදය , විප්ලවවාදී ක්‍රම විමුක්ති සටන් , අද ලෝකයම බැහැර කරමින් සිටින්නේ , ඒවායේ උරුමක්ක්කරයන් වන සෝවියට් දේශය සහ චීනය පවා ඒවා අදට නොගලෙපෙන බැවින් ඒවා ප්‍රතිප්ෂේප කොට ලෝකය යන විදියට ධනවාදී ආර්ථික ක්‍රමයන්ට නැඹුරු වෙමින් සිටින්නේ , නුගත් 3 වන ලෝකයේ රටවල් පමණක් තවමත් මේවා කර පින්නා ගෙන යෑමට පොරකති. (අ)
චේගුවේරා හිටිය බොලිවියාවත් අද මාක්ස්වාදය නේද. ? (ර)
ලංකාවේ විමුක්තිය සඳහා සිටිය යුතු මෙම විමුත්තිකාමීන් ප්‍රංශය වැනි ධනවාදී රටකට සේවය කරන්නේ මොකද? ඔබ සිටිය යුත්තේ ලංකාවේ නේද? ඔබගේ සේවය තම උපන් රට වෙනුවෙන් විමුක්තිය වෙනුවෙන් පුදන්න. (නි)
ඔහු ලංකාවේ බිහිවූ බුද්ධිමත්ම දේශපාලඥයෙකි. ඔහු බොහෝ නිර්මාණාත්මක දේ කළා පමණක් නොවේ, අනාගතයේ සිදුවන බොහෝ දේ කල්තබා දුටු මහා ප්‍රාඥයෙකි. ඉන්දියානු ආක්‍රමණය,සෝවියට් දේශයේ බිඳවැටීම, සෝදාපාළුව යන දේ ඔහු දුටුවේ 60 දශකයේය. ඒ කාලයේ ඔහු ලියු පොත් හා ප්‍රකාශන කියැවූ විට මේ හැමදෙයක්ම දකින්න පුළුවන්. (නි)
අපේ සහෝදරවරුන්ට සැමදා ජයවේවා! අපි අද මෙහෙමවත් ජීවත්වෙන්නේ ඔබ නිසයි (නි)