ශ්‍රී ලාංකික අනන්‍යතාවය නියෝජනය වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන පැරීසියේ ජීවත්වන ලාංකිකයන්ගේ සංවිධාන හා පැරීසියේ විවිධ සමාජ මෙහෙවරෙහි පෙරමුණ ගත් අතීත හා වර්තමාන ක‍්‍රියාකාරීන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ සංවිධානයක් ගොඩ නැඟීම සදහා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයය පෙරමුණ ගනියි. ජාතීන් අතර සහජීවනය ඇති කිරීමත් ඒ සදහා සියලූ දෙනාගේ එකමුතුවක අවශ්‍යතාවයද ඒ මගින් ගොඩ නැගෙන ශක්තිය එකම ජාතියක් පෝෂණය කිරීමට බෙහෙවින් ඉවහල් වන බවත් පසුගිය දිනක පැවැති හමුවකදී මහාචාර්ය කරුණාරත්න හගවත්ත මහතා පැවසීය.
මේ අනුව මහාචාර්ය හඟවත්ත මහතාගේ ඇරයුම හා උපදෙස් අනුව මෙහි මුලික කටයුතු ඇරැඹිණි.ඊට සමාන්තරව ඔක්තෝබර් මස 26 වෙනි සෙනසුරාදා සවස හතරට තානාපති කාර්යාලයේ දි විශේෂ හමුවක් පැවැත්වීමට ද යයි.
ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයට අනුබද්ධිත පැරිස් යුනේස්කෝවේ විදේශ හා සංස්කෘතික කටයුතු භාර ලේකම් කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය හා තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තක, පැරීසියේ ධම්මචක්ක දහම් පාසැලේ ආචාර්ය සෝමපාල විජේසිංහ මහතා ඉහත සංවිධාන කටයුතු බාරව කටයුතු කරති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ලැබුණු ඉතාම හොඳ ගුරුවරියක් තමයි මිස් කිසා. එයා වඩාත් වටින්නේ විශ්ව විද්‍යාලයට කියලා තමයි මට හිතෙන්නේ. ඔබ ගැන අහන්න ලැබුණු එක ලොකු දෙයක්. (නි)
හොඳ අදහස ආලෝක.අපිත් ඉන්නේ පැරිසියේ තමයි. (නි)
ශාක්‍ය ජයවර්දන මහතා ද පැරිසියේ වසන බොහෝ සිංහල ජනයාට උදව් උපකාර කර ඇති කෙනෙකි. පැරිසියේ සිංහල ආදී වැසියෙක් වන මොහු ලංකාවෙන් මුලින්ම පැරිසියට පැමිණි විවිධ අසරණ පුද්ගලයන්ට පදිංචි වීමට උදව් කර ඇති අතර පැරිසියේ ශ්‍රී ලංකික සමිති කීපයක්ම ආරම්භ කිරීමේදී මොහු මුලිකත්වය දැරුවේය.(දිල්)
ඉතාම හොඳ වැඩක් නමුත් මෙතන හැමදාම අරධනා ලැබුනේ තෝරාගත් පිරිසකට පමණි එම නිසා මෙම ක්‍රියාවත් අතරමග නවතීද,කරුණාකරලා රටජාතියට නිහඬව අවංක සේවය කරන ප්‍රංශයේ ඉන්න පරණ මිනිසුන්ටත් අරධන කරොත් හොඳයි නේද ?,(අ)
හොද වැඩක්. සෑම රටකටම මේ විදියට වැඩ කර සමගිය වර්ධනය කරමු.(දිල්)
ඇත්ටම හොද වැඩක් (දිල්)
පැරීසිය කලා පුරයක් වෙලා.(දිල්)
ඇත්තෙන්ම හොදම අදහසක්.කැනඩාව,ඔස්ට්‍රේලියාව, එංගලන්තය,ඉතාලිය,සුවිස්,ඩෙන්මාර්කය,වැනි රටවලත් සුලුවෙන් හෝ එවනි සංවිධාන ඇතිකර ඒකාබද්ධව සම්බන්ධිකරණ කර කටයුතු කරන්න සුභපෑතුම්...!!!(දිල්)
මේ සහජීවනය රැකගන්නඕනී නම් වෙනත් බලවේග වලට මැදිහත් වෙන්න දෙන්න එපා. (දිල්)
බොහොම ස්තුතියි සනත් රෝහණ. මම මෙහි ඔය දේවල් සඳහන් කරනවාට එපමණ කැමති නැහැ. මට ලැබෙන සෑම අවස්ථාවකදීම මම ලාංකිකයින්ට උදව් උපකාර කරමි. නිහඩව සේවයක් කරමි (නි)
පිටිගල මහතා ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කර ඇත. ඔහුගේ ප්‍රශ්නයට විසඳුමක් තිබේද?(දිල්)
ඉතාලියේ වාසය කරන ලාංකිකයන් මෙන් නොව . ප්‍රංසයේ ජිවත්වන ලාංකිකයන්ට හොඳ මානසික තත්වයක් තිබේ . එබැවින් ඔබ බිය නොවන්න පිටිගල මිලානෝ (අ)
වැඩේ නම් හොඳයි.ඒත් අපේ අය එකතු කරනවා කියන්නේ ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්.කොහොම වුණත් වැඩේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ! (නි)
මම ප්‍රංශයේ අවුරුදු 30 කට වඩා කාලයක් රැකියාව කළා. මගේ විශ්‍රාම කාලය දැන් ගත කරන්නේ ලංකාවේ. මම හොඳින් දන්නවා ප්‍රංශයේ සිටින ලාංකිකයන් අපේ රට වෙනුවෙන් නිහඩව සහ සංවිධාන මාර්ගයෙන් ඉමහත් සේවයක් කරන කොටසක් කියා. මම මෙයට සුබ පතන අතරම, මේ ඉතාලියේ වසන පිටිගලට අවවාදයක් දෙන්නට සිතුවෙමි. රටට වැඩදායක මිනිසෙකු වන්න (නි)
අනේ අන්න හොද වැඩක් (දී)
අපේ උණුසුම් සුභ පැතුම් මෙවැනි උසස් වැඩ වලට. කාලෝචිතයි. එහෙත් අවාසනාවකට අභාග්‍ය කාලයක් ලන්ඩනයේ සිටින අපිට දැන් උදාවෙලා. (නි)
ශ්‍රී ලාංකික අපි පැරිස් වලදී එක රටක මිනිසුන් වෙමු (නි)
මෙම සංවිධානයෙන් අවසානයේ වෙන්නේ සුපුරුදු උත්සවයක් තිබීම පමණක්ම නම් මෙයත් සාමාන්‍ය පැරිස් සමිතියක්ම වනු ඇති බව මාගේ හැගීමයි. (නි)
අපිත් 5 වෙනිදා තානාපති කාර්යාල රැස්වීමට ගියා. එතන ඒ වෙලාවේ කෙනෙක් පැවැත්වූ කථාව ඒ රැස්වීමට කොහෙත්ම ගැළපෙන්නේ නෑහැ. (නි)
පිටිගල පැරිසියේ සිංහලයන්ට උපදෙස් දෙනවට වඩා නරකද මිලානෝ වල වෙන්නප්පු අයියලා ටික කුලප්පු නොවී ඉන්න හදා ගන්න එක. (දී)
මේක උතුරේත් කරනතෙක් මිනිස්සු තුල විශ්වාසය ඇතිකරවන්න බැහැ. පිටරට වලදී මිනිස්සු අතරේ ගැටුම් අඩුයි. පුළුවන් නම් යාපනයට ඇවිල්ලා ඕක කරන්න.ඒකයි යථාර්තය. ඇත්ත තත්ත්වය ගැන කතා කරන්න. උතුරේ කරන වෙනස්කම් ඉවසන්න කියලා කියන එකත්, කරන එකත් ලාංකිකයන්ගේ නිවටකම. මේකයි ඇත්ත ! (නි)
කුමාරි,සමගිය ඇතිවෙන්න ඕනෑ ලංකාවෙයි. පිටරට වල ඉන්න අය කවදත් හොදින් ඉන්නවා. ප්‍රශ්න තියෙන්නේ රටේ උතුරෙයි නැගෙනහිරයි. සමගිය පටන් ගන්න ඕනෑ උතුරෙන්. එයාලා තවමත් රටේ නීතියට ගරහනවා. අනේ! මහ පොළොවේ අපිට තිබෙන ප්‍රශ්න ඕවා නොවෙයි. දැන්වත් රටේ මිනිස්සුන්ට නැගිටින්න අත දෙන්න. (නි)
යෝජනාවක් කරන්නද? සල්ලි එකතු කරලා උතුරේ නැගෙනහිර දුක් විඳින අයට ගෙවල් හදලා දෙන්න. ඉඩම් නොමැති අනාථයන්ට උදවු කරන්න. පිල්ලේ එන්නේ නැහැ ඒ අසරණයෝ ගැන කතා කරන්න. රටේ කාටත් පෙනෙන්නෙත් නැහැ. සමහර අය ලැජ්ජයි බයයි ඒ ප්‍රශ්න ගැන කතා කරන්නවත්. ඒවයි කරන්න ඕනෑ මේ වෙලාවේ, සමගියක් ඇතිවෙන්න නම්? (නි)
සංවිධාන හදලා රටට වැඩදායක දෙයක් කරන්න. (නි)
සිංහලයාගේ මතකය අඩුයි කියලා ප්‍රබාකරන් කිවුවා වගේ,පිටිගල කියන දේ සමහර ඇත්තන්ට තේරෙන්නේ නැහැ රටේ අවාසනාවට (නි)
ඇත්තටම හොද වැඩක්
සමගි වෙලා ඇවිල්ලා උතුරේ සිංහල සුළු ජාතියට උදවු කරන්න. ඒ මිනිස්සු බයෙන් ඉන්නේ. කවුරුත් නැහැ බලන්න. හැමෝම හොයන්නේ අනිත් ජාතින් ගැන විතරයි. ඇයි මේ මිනිස්සුන්ට අයිතිවාසිකම් නැද්ද? (නි)
කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය බොහෝ කලකට ඉහත පැරිසියේ පදිංචිව සිටි කාලයේත් විශාල සේවයක් කළ කෙනෙක්. (නි)
පිටිගල, ඔබට ඉතාලියේම පිහිට තමා. ස්විස්, ජර්මන්, ප්‍රංශය වැනි රටක ජිවත්වීමට වරම් නොලැබූ ඔබ එම රටවලට සැමදා ගරහන එක මම දැක ඇත්තෙමි. (නි)
පළමුව තම ගෙදරින් සිංහලකම ජාතික කම පටන් ගැනීම මැනවි . මොකද මෙහි වාසය කරන බොහෝ දෙනෙකුගේ ළමයින්ට සිංහල කතා කිරීමට ලිවීමට කියවීමට අවම හැකියාවක් නැත . ඉතා සුළු පිරිසක් පමණක් තම ළමයින් සමඟ ගෙදර සිංහල කතා කරමින් ඔවුන්ට ලිවීමට කියවීමට හැකියව තනිවම හෝ ලබා දෙනවා . නමුත් ඔය බොහෝ සංවිධාන වල සිටින සිංහල ගෙවල් වල ගොස් බැලුවොත් ළමයින් වචනයක් සිංහල දන්නේ නැහැ . එපමණක් නොව දෙමාපියන් එය කියන්නේ ලොකු ආඩම්බරයකින් අපේ ළමයි සිංහල දන්නේ නැහැනේ කියා . මේක තමා ප්‍රංශයේ තිත්ත ඇත්ත . (සමාවන්න මෙහෙම ලිව්වාට ) (ස)
ලෝකයේ සම ජනකොට්ඨාස්හයක්ම නියෝජනය කර මින් ආගමික සහජීවනයෙන් ජිවත් වන්ට ප්‍රංශයේ තිබෙන නිදහස ගරු කල යුතුයි. අපේ පුංචි රට, ජාති, කුල, නිකාය, වශයෙන් කැඩී තිබීම හානියක් , ශ්‍රී ලංකාවේ උපන් හැමෝම ශ්‍රී ලාංකිකයෝ වෙන්ට ඕන. (දී)
පැරිසියේ ජිවත් වන්නට හේතුවාසනා නොමැති නිසා, පිටිගල මිලානොගේ සිතට යම්කිසි සාධාරන වෛරයක් ඇතිවී යනු මගේ හැගීමයි (නි)
පිටිගල මහත්මයෝ, ප්‍රංශයේ විතරක් නොවෙයි පිටරට කොහෙත් අපේ කට්ටිය කරන්නේ මොනවාහරි කරන්න බැරි දෙයක් කතා කරලා, ප්‍රසිද්ධිය ලබාගන්න එකයි. මෙහෙ දැනට තිබෙන සමිති වල තත්ත්වයත් ඕකම තමයි. (නි)
පිටිගල මිලානෝ කියන පරිදි මෙම සංවිධානය ප්‍රමුඛව කටයුතු කර අඩිතාලම දැමිය යුත්තේ විශේෂයෙන්ම දෙමල ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධාන සමග මිස අහඹු ලෙස සාමාජිකත්වය ලබා ගන්නා දමිළ පුද්ගලයින් සමග නොවේ. එසේ නම් ඔවුන්ව කෙසේද මෙයට එකතු කර ගන්නේ? සරලව කියන්න. (නි)
මෙවැනි ජාතික හැඟීමක් තියෙන නිලධාරීන් ටිකක් ලන්ඩනයටත් එවනවා නම් කොපමණ හොදද? ඉංග්‍රීසි විතරක් මදි, රට, ඒ රටේ ඉන්න මිනිස්සු ගැනත් කැක්කුමක් තියෙන්න ඕනෑ. (නි)
දැන් අදහස් දාන කට්ටිය සිංහල ගැන කතා කරනවා .යන්නේ කොහේද ? මල්ලේ පොල් වගේ . උඩ නිවුස් එක සිංහල භාෂාව ගැන නොවෙයි නෙ දාල තියෙන්නේ . ශ්‍රි ලංකිකයන්ගේ එකමුතුවක් ගැන .ඔයාලට මතකද ? මීට ටික කලකට පෙර 17 ක එකමුතුවක් අවුරුදු උත්සවයක් කලා . 17න් පටන් අරගෙන අවසන් වෙන කොට බිංදුවයි. ඒ සිංහල පමණක් එකතු වෙලා . දෙමළ අයත් සමඟ එකමුතුව කොහොමට තියෙයිද ? කිසා නෝනට බුදු සරණයි ! (ස)
ඉතාලිය ඉගෙනගන්න පාඩම් ප්‍රංශයෙන් (නි)
පැරිසියේ තවත් අවුරුදු උත්සවයක් වැඩි වෙයි ලබන අවුරුද්දේ. ඊට එහා දෙයක් මම දකින්නේ නැහැ. (දී)
ජයමාන්න,අපිත් වෙන්නප්පුවේ තමයි (නි)
දයාන් ජයතිලක මහතා තානාපති ධුරය දරන විටදී ශ්‍රි ලාංකික (ප්‍රංශයේ) තරුණ දරුවන්ගේ හමුවීමක් කළා මට මතක විදියට. ඊටපසු ඒ අයගේ සංගමයකුත් හැදුවා. (නි)
මේ තානාධිපති කාර්යාලයේත් ඉන්න ලොකුම නිලධාරියෙක් පොඩි නිලධාරියකුගේ කීමට බයෙන් අනිත්යට කරදරකරනවා කියලා තමයි සේවකයෝ කියනේ. තවත් යහපත් නිලධාරියෝ ඉතා සුළු කිහිප දෙනෙක් නිසාලු මේ යහපත් දේවල් සිද්ද වෙන්නේ. අනේ මම දන්නේ නෑ පුතේ(දිල්).
ඇත්තටම කිසාගෝතමී මහත්මිය වගේ අය තමයි විදේශ සේවයට වුවමනා වෙන්නේ. මම දන්නා හැටියට ඇය භාෂා පහක් කතා කරනවා.හරිම සතුටුයි (නි)
දෙමළ ඩයස්පෝරාවේ ඊළම සහ ඒ මත ගොඩ නැගී ඇති සරණාගත පැවැත්මෙන් මුදවා ගන්න මෙම සංවිධානය මොනාද කරන්න යන්නේ? අන්න එතනයි මම අදහස් කලේ මෙයත් සම්ප්‍රදායික කැවුම් කොකිස් සමිතියක්ම පමණක් වෙයිද කියා.(දිල්)
මේකට අපේ අහවල් සහෝදරයාගේ සම්බන්ධයක් නැද්ද? (නි)
ලංකාව විවිධ ආකාරයට අපකීර්තියට පත් කරන මානසික මට්ටමක සිටින පුද්ගලයින් මෙම සංවිධානයට ඒමට තැත් කිරීමේදී ඒ අය සම්බන්ධයෙන් ඔබට තිබෙන යෝජනාවලිය හෝ ක්‍රමය කුමක්ද? (නි)
කොහොම වුණත් ප්‍රංශයේ වෙසෙන බහුතර ශ්‍රී ලාංකිකයන් දෙමළ. ඉතින් දෙමළ මිනිස්සුන්ගේ අයිතීන් ලංකාවේදී පිළිගන්නේ නැති කට්ටිය ප්‍රංශයේදී සමගිය ගැන කතාකරනවා....? (නි)
කිසිම අවස්ථාවක කොටි කොඩිය එසවීමට අපි ඉතාලියේ ඉඩ නුදුන්නෙමු. මතුවට දෙන්නේත් නැත. (නි)
චන්ද්‍රාගේ කතාව ඇත්ත (නි)
මේ සැමදෙනාගේ භූමිකාව අපි හොදින් දැක ඇත්තෙමු. (නි)
චන්ද්‍ර පැරිස් මහතාණෙනි, සේරම් මහතා කියන ලද කතාවත් ඇත්තක්. එකමුතුව ජාතික මමත්වය ආගමික දේවල් පළමුව පටන්ගත යුත්තේ තමන්ගේ ගෙදරින්. තමන් නොකරන දෙයක් අනුනට ආදේශ කරන්න යන්නේ වෙළදාමක් හෝ වාසියක් තකාය (නි)
පිටරට වල හොඳින් ඉන්නවා කියලා පෙන්නලා පමණක් මදි. සිංහල කියලාත් කියන්න. උතුරේ සිංහල අයට තිබෙන දුක ගැන කතා කරන්නත් ඉඩදෙන්න. දෙමල මුස්ලිම් අය සමගියි.නමුත් සිංහලයන්ට තවම යන්න දෙන්නෙත් නැහැ උතුරට පදිංචියට. මේවා ගැන වාර්තා කරනවත් අඩුයි. ඒක ජාතිවාදයක් නොවේ. අසරණ වෙලා ඉන්න සිංහල මිනිස්සු ගැනත් කතා කරන්න. මේවා වටහල දෙනවා නම් ඔය සමිති වලින්, ඉතා හොඳයි (නි)
ඔය හැම සංගමයකින්ම ලංකාවට යහපතක් වෙනවා නම් කොච්චර සමිති බිහි වුණත් කමක් නැහැ. කොහොමත් හොද වැඩක් කරනකොට අඩුපාඩු හොයන අය වැඩියි. අරමුණ හොදනම් බාධක ජය ගත හැකිය. (නි)
කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය කියන්නේ දෙනට අවුරුදු 35 කට පෙර ප්‍රංයේ තානාපති ධුරය දෑරූ ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මගතගේ දියණියකි . මෙම මහත්මිය ඇමරිකාවේ ඉපිද පසුව ප්‍රංශයේ ඉගෙන උපාධි ලබා ගත් උගත් මහත්මියකි . කිසාගෝතමී මහත්මිය අවංකවම අපේ රටට සේවයක් කරනවා (දිල්)