දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රංශ ශඛාවේ 2013 නව නිළධාරි මණ්ඩලය පත් කර ගැනීම පසුගිය සතියේ සිදු වුයේය. වසරකට වරක් පැරීසියේ සිංහල භාෂා දිනය පැවැත්වීමේ ගෞරවය හිමි වන එම සංවිධානයේ හිටපු සභාපති රුවන්සිරි විතානගේ මහාතාගේ ධූර කාලය අවසන් විය.
රුවන්සිරි මහතා එම සංවිධානයේ පැරීසියේ සිංහල සමාජයට යහපත් සමාජ සේවයක් සිදු කළේය.
ඔහුගෙන් පුරප්පාඩුව මුල් වරට කාන්තාවක් පත් කර ගැනිණි. ඒ අනුව චම්පා සේනානායක මහත්මිය නව සභාපති ලෙස තෝරා පත් කර ගත්තේය. ඇය පන්සල, දහම් පාසැල, මළ ගෙදර, බක්මහ උළෙල, පිටස්තර සමාජය ආදි ලෙස සෑම තැනකම ස්වේච්ඡාවෙන් පෙරමුණේ සමාජ සේවයට කැපවී සිටින්නීය. ඇගේ පත්වීමට සියල්ලෝ සුභ පැතුවෝය. නව නිළධාරි මණ්ඩලය පහත දැක්වේ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රංශ ශඛාවේ 2013 නව නිළධාරි මණ්ඩලය පත් කර ගැනීම පසුගිය සතියේ සිදු වුයේය. වසරකට වරක් පැරීසියේ පවත්වන සිංහල භාෂා දිනය පැවැත්වීමේ ගෞරවය හිමි වන එම සංවිධානයේ හිටපු සභාපති රුවන්සිරි විතානගේ මහාතාගේ ධූර කාලය අවසන් වීම හේතුවෙන් එය සිදු වුයේය. රුවන්සිරි මහතා එම සංවිධානය තුලින් පැරීසියේ සිංහල සමාජයට යහපත් සමාජ සේවයක් සිදුකල ෙහෙිතෂියෙකි. ඔහුගේ එම හිඩැසට මුල් වරට කාන්තාවක් පත් කර ගැනීම විශේෂ කඩ ඉමකි. ඒ අනුව චම්පා සේනානායක මහත්මිය නව සභාපති ලෙස තෝරා පත් කර ගත්තේය. ඇය පන්සල, දහම් පාසැල, මරණ ගෙදර, බක්මහ උළෙල, පිටස්තර සමාජය ආදි ලෙස සෑම තැනකම ස්වේච්ඡුාවෙන් පෙරමුණේ සමාජ සේවයට කැපවී සිටින කාන්තාවකි. ඇගේ පත්වීමට සියල්ලෝ සුභ පැතුවෝය. නව නිළධාරි මණ්ඩලය පහත දැක්වේ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව විසින් 15/06/2013 වැනි දින පැවැත් වු මහා සභා රැස්වීමේදී තේරී පත් වු නව නිලධාරී මණ්ඩලය.
සභාපති -චම්පා සේනානායක මහත්මිය දුරකථන අංකය -01 53 67 45 42
ලේකම් - ශානක විජේසිංහ මහතා දුරකථන අංකය -06 95 49 92 79
භාණ්ඩාගාරික - දයානන්ද හේවාවිතාරණ
සංවිධායක - ලකී ගනේවත්ත
ප්‍රචාරක ලේකම් - ලක්ෂමන් යහම්පත්
උප සභාපති - හේනේගොඩ විතාන ආරච්චිගේ නිශාන්ත
උප ලේකම් - වර්නි තිලකරත්න
උප භාණ්ඩාගාරික - අනුර කතළුව
උප සංවිධායක - ස්වර්ණා කුලතුංග
කාරක සභාව - ලලිත් හේවගේ
සුනිල් හෙට්ටිආරච්චි
ඔසී සියඹලාපිටිය
ගුණපාල හේවගේ
මධුර අත්තනායක
මුදිත ගජනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තනතුර බලාගෙන කෙල හල හලා හිටපු අය පත් උනානම්, ප්‍රංසයේ දේශ හිතෛශියට දෙවියන්ගේම පිහිටයි. එසේ නොවී සංවිධානය රැකගත් සාමාජිකයන්ට ස්තුතිය පුද කරමි.(නදී)
මේ අයට පිස්සු ජීවත්වන්න ගෙවල්වල දරුවන්ගේ වැඩ ගැන බලන්නේ නැතිව කීයක් හරි හම්බ කරගන්න මොකක් හරි කෙහෙල්මලක් බදා ගන්න මෝඩ රැලක්.(නදී)
පැරිසියේ 'ල ෂපෙල්' පැත්තේ හවසට මේ අයව දකින්න පුළුවන් පදමට රත් වී 'ආච්චි' කඩෙන් බත් කන්න එනවා. (නදී)
. පුදුම නීතියක්. මස් කන්න හොඳ නැහැ. ඒත් මස් කඩේ පෝඅලිමේ ඉන්නේ ඔක්කොම සිංහලයා. (අ)
කෝ ඉතින් ලොකු තැනට එන්න ආසාවෙන් කෑදරකමින් හිටපු අය? අපි ජයපතනවා අනාගත වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා (නි)
දේශහිතෛෂී නම් ලංකාවට ගිහිල්ල රට වෙනුවෙන් මොනා හරිකරන්න. මොකටද මෙහෙ ඉන්නේ. අනික ගොඩක් අය දේශපාලන රකවරණය පතපු අය. ලංකවට බැන බැන ඉන්න බෑ කියලා දැන් දේශහිතෛෂී වෙලා. (නදී)
ඕක පවුලේ අයගේ කෑම දිරවීම සඳහා හදා ගත්තු පවුලේ සමිතියක්.(නදී)
දේශහිතෛෂී කෙසේ වෙතත් ඒ ගොල්ලන්ගේ හිතෛෂිය. සිංහල කියලා කතික තරගයක්, රචනා තරගයක් වත්වනවා ඒක තමයි මේකෙන් කෙරෙන ලොකුම වැඩේ. (නදී)
ප්‍රචාරක ලේකම් කම දෙන්න තිබුනේ සුරංගට, ජය වේවා දයා සහ ලකී.(නදී)
මිගමු සමිතිය කතෝලික නේද ? (අ)
මේ ගතු කියන අයට දැනෙන්නත් එක්ක කටයුතු කරන්න දිරිය ශක්තිය ලැබේවා. (ස)
මම දැනට අවුරදු කිහිපයකට පෙර පැරිස් වල තිබුන සිංහල අවුරුදු උත්සවයකට සහභාගී වුනා. එතනදී හෝමාගම කට්ටියක් පෞද්ගලික තරහක් පිරිමසා ගන්න අජිත් කියන කෙනෙකුට වට කරලා පොලු වලින් පහර දී ඔහුව රෝහල් ගත කරා. මම එදා එතන සිටියා. ඔහුව බේර ගන්න ඉදිරිපත් වන අයටත් හෝමාගම කට්ටිය බැනලා බය කරා. මට ආරංචි උනා ටික කලකට පසු ගුටි කාපු අජිත් සිය දිවි නසා ගත්ත කියලා. මෙහෙම තමා ප්‍රන්සයේ ජාතිහිතෙෂි ව්‍යාපාර. තනතුරු මාන්නයෙන් පුවත්පත්වල පින්තුර සහ නම පල කර ගැනිමට ඕනා තරම් දේශ හිතෛෂීන් ජාතික මාමකයින් සංස්කෘතික සංවිධාන බිහිවේ.(නදී)
දුර්වලකම පෙන්වන්නේ නැතුව එකමුතුව වැඩ කරන්න බලන්න. (ස)
සංවිධායක කම දෙන්න වෙන කවුරුවත් හිටියේ නැද්ද ? (ස)
මමත් පැරිසියේ අවුරුදු 25 ක පමණ කාලයක් ජිවත් වෙන අයකු ලෙසින් සේරම් මහතා දක්වා ඇති කරුණු සනාථ කරමි. (නි)
අනේ කියන්න ඔය ජාති හිතයිෂියෝ අඩු ගානේ ලංකාවට කීපාරක් ආපහු ගිහිල්ලවත් තියෙනවද කියල?ලංකාවේ දුප්පත් පවුලකට, දුප්පත් සිසුන්ට උදව් කරන අය නිහඩ ව ඒවා කරනවා.(ස)
මැතිනියනි, උත්සහ කරන්න විහාර මහ දේවියක් වෙන්න, සෝම බිසවක්. බලලොභී පාට පාට දේශපාලුවන්ට නැවෙන්න එපා. ඔබට ජය.(නදී)
වැඩක් කරලා පෙන්නන්න අපිට (නි)
බැලුවම ඉතාලි වල නැති දේවල් වෙනවනේ ප්‍රන්සයේ. රස්සාවෙන් ලැබෙන පඩිය මදිද?(නදී)
මම මෙය ලියන්නේ නොලියම බැරි කමට. ලංකාදීප පාඨකයන්ට මෙම සමිති වල නියම තතත්වය ගැන අවබෝදයක් දීමටය. 1980 වසරේ සිට මම පඅරිසියේ ජීවත් වෙමි. පළමුව ලංකාවේ සිංහල දෙමල යුද්ධය පටන් ගත් කාලයේ සිංහලයන්ට කොටි හිත වාදී දෙමළ අයගෙන් බොහෝ කරදර වෙන්න ගත්තා. සිංහලයෙකු ජනේලයකින් එලියට තල්ලු කර දැමුවා. එයත් සමගම සිංහලයන් කිහිප දෙනෙකු එකතුවී සිංහල සංවිදානය නමින් නීති ගත කරපු සංවිධානයක් ඇති කරා. ඒ කාලයේ මෙම සංවිධානය මගින් දමිළයනට බොහෝ ප්‍රතිචාර ලබා දුන්නා. මෙමගින් ඒ කාලයේ බොහෝ සේවයක් සිංහලයන්ට සිංහල අලුත් අවුරුදු උත්සව, ආගමික උත්සව සියල්ලටම මෙම සංවිධානයකර දීමෙන් සාර්ථක මෙහෙයක් කරනු ලැබුවා. නමුත් දෙමළ කරදර අඩුවීමත් සමගම සහ සංවිධානයේ සිටි තනතුරු බල ලොබින් මෙහි අරමුණු වෙනස් මුහුණකට යොමුකරා. එහි සිටි සමහරු මෙය වෙළඳ ව්‍යාපාරයක් හැටියට සහ තමන්ගේ බුදලයක් හැටියට කටයුතු කරන්න පටන් ගත්තා. මොකද සංවිධානයට ආදාර පිණිස කියා ලංකාවෙන් සංගීත කණ්ඩායමක් ගෙන් වීමේදී ලංකාවේ සිටින තම පවුලේ කෙනෙකු මෙම කණ්ඩායමට ඇතුල් කිරීම. සමහරවිට මුදල් ලබා ගෙන කෙනෙකු මෙම කණ්ඩායමට ඇතුල් කර විසා ලබා ගෙනීම වගේ දේවල් සිදු උනා. මේ අතර හතු පිපෙන්නාසේ සිංහල සංවිදාන නොයෙක් නම් වලින් බිහි වන්න පටන් ගත්තා. මේ කිසිවකින් ලංකාවට සෙතක් හෝ මෙහි සිටින ලංකිකයනට සෙතක් උනේ නැත. එය හුදෙක් තම වාසිය තකා ප්‍රසිද්ධ වීමටත්, තම පින්තුර පුවත් පත් වල පල කරා ගැනීමටත් සිමා වුනා. මෙම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රංශ ශාඛාවද එහි ප්‍රතිඵලයකි. මම දන්නා හැටියට මෙම සංවිදාන වල ලොකු තනතුරු දරන අයගේ ගෙවල් වල සිටින ළමයින් අඩුම ගානේ සිංහල වත් කතා කරන්නේ නැත. සිංහල කතා කිරීමට ඔවුන්ව උනන්දු කිරීමක් වත් නැත. නමුත් මෙ සංවිධාන වලින් පිටින් සිටින සාමාන්‍ය ලාංකිකයන් සමහරු තම දරුවන්ට සිංහල කම සිංහල ජාතිය ඉගෙන්විමක් කරති. මා මෙය ලිවීමෙන් අදහස් කරේ නියම තත්වය පැහැදිලි කිරීමක් මිස කාටවත් අපහසුවක් කිරීම නෙමේ. මුදල් වෙනුවෙන් තනතුරු වෙනුවෙන් ජනප්‍රිය තාවය වෙනුවෙන් අද මෙහෙ බොහෝ සිංහලයන් ජාතිය සහ ආගම විකුණා කති . මම මෙය ලිවීමෙන් කවුරු හෝ අපහසු තාවයට පත් වුයේ නම් මම සමාව අයදිමි.(නදී)