(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ දිය හැකි සියලු සහයක්ම දීමට පැරිස් ආධාර කණ්ඩායම තුළ සහ ඉන් පිටතත් ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා පැවසීය.


ප්‍රංශ ගුවන්සේවා සමාගම් කීපයක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා පැවැත්වීමට කැමැත්ත පළකර ඇති බවත් ඒ තුළින් ප්‍රංශ ජාතික සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවන බවත් තානාපතිවරයා එහිදී සඳහන් කළේය.


වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා අතර වරාය අමාත්‍යාංශයේදී පැවැති හමුවේදී තානාපතිවයරයා එසේ පවසා තිබේ.