ප‍්‍රංශ ලංකා සංවිධානය පසුගිය මැයි මස පැරීසියේ සේන් ගඟ ඉවුරේදි සහෘද ශ්‍රී ලාංකිකයන් සමග එක්වී පැවැත්වූ ගිම්හාන සැඳෑවෙන් එක් රැස්කර ගත් මුදලින්; අනුරාධපුරයේ ගම්මාන ගණනාවක දරුවන් අධ්‍යාපනය ලබන පදවියේ ශ්‍රී පුර අලි වංගුව විද්‍යාලයට සුවිශේෂි වතුර පෙරන යන්ත‍්‍රයක් ප‍්‍රදානය කළේය.
එම සංවිධානයේ සභාපති ලොයිඞ් විදානආරච්චි මහතාගේ මග පෙන්වීමත් ,උප සභාපති චමින්ද රාමනායක, ගරු සංවිධායක චමිඳු ප‍්‍රනාන්දු ඇතුළු සියලූ නිලධරයන්ගේ මැදිහත්වීම හා පූර්ණ කැපවීම මත ලේකම් බාබානුර් ෆාරුක් හා භාණ්ඩාගාරික ප‍්‍රියන්ත වික‍්‍රමසිංහගේ හා එම සංවිධානයේ ශ්‍රී ලංකා සංවිධායක බර්ටි ප‍්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් එම පාසැලේදී පැවැත්වූ විශේෂ උත්සවයකදී මෙම පරිත්‍යාගය ඇතුළු පරිත්‍යාගයද තිලිණ රැසක්ද ප්‍රදානය කළේය.
එම අවස්ථාවට ප‍්‍රදේශයේ ගෞරවණීය මහා සංඝ රත්නයද, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ලාද, විදුහල්පතිද වෙනත් පාසැල් ප‍්‍රධානීන් රාශියක් මෙන්ම ප‍්‍රදේශවාසීන්ද සහභාගි වුයේය.
එම ප‍්‍රදේශ වල සීඝ‍්‍රයෙන් පැතිරී යන වකුගඩු රෝග කාරකයන්ගෙන් මුදවා ගැනීමේ මුලික අදියරක් ලෙස වතුර පෙරන යන්ත‍්‍ර ලබාදී ඉදිරි දරු පරපුර එම උවදුරෙන් රැක ගැනීම සදහා දායක වීමට ලැබීම සතුටට කරුනක් බවත්, එයට දායකත්වය සැපයූ පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ට තම සංවිධානය වෙනුවෙන් ස්තුතිය පුද කරන අතරම ඉදිරියේදිත් එම දායකත්වය අගේ කොට සලකන බවත් මෙවැනිම ව්‍යාපෘති ගනනාවකට ඉදිරි සැළසුම් සංවිධානය විසින් දියත් කිරීමට අවශ්‍යය කටයුතු සිදුකර ඇති බවද සංවිධානයේ භාණ්ඩාගාරික ප‍්‍රියන්ත වික‍්‍රමසිංහ මහතාගේ දේශනයේදි පැවැසීය.
අනතුරුව එහි සිසුන්ට අවශ්‍යය පාසැල් ලිපි ද්‍රව්‍ය බෙදා දීමක්ද සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තවත් මෙවැනි ජාතික සේවාවන් කරන්නට ඔබ සියලු දෙනාට යෝධ බල ශක්තිය ලැබේවා. (ස)
ඔබගේ මෙම කර්තව්‍යට මුදල් එකතු කරපු "ගිම්හාන සාදයට" එක්වීමට ලැබීමත් එමගින් වක්‍රාකාරයෙන් මෙයට දායක වෙන්න ලැබීමත් සතුටක්. (ස)
කාගෙත් එකතුවෙන් බොහෝ දේවල් කරන්න පුලුවන් (නි)
බොහොම හොඳ වැඩක් මේ කරලා තියෙන්නේ (නි)
පැරිස්වල තව කට්ටියක් වකුගඩු රෝගීන් වෙනුවෙන් යමක් කරන්න හැදුවා නේද? (නි)
ඔන්න ඔය වාගේ හොද දෙයක්නේ පැරිසියේ දේශපාලන සමිති සමාගම් බදාගෙන කරන අයටත් කරන්න තිබුනේ. මොන තරම් පිනක්ද බලන්න. දැන්වත් ඒ කට්ටිය මොලේ පාදාගනීද දන්නේ නැහැ. (නි)
හොඳ වැඩක් එකතුවෙලා කරලා තිබෙනවා දායක වුන සැමට ස්තුති ප්‍රණාමය , නමුත් මට දැනගනීමට නොහැකි වුන නිසා එකතුවෙන්නට අවස්ථාව නොලැබුණ ද හද පතුලෙන් සතුටු වෙමි , ජයවේවා ඔබ සැමට සුබ අනාගතයක්. (අ)
උපන් බිමෙන් නොමිලේ අපි දැනුම අරන් පිටරවල වෙසෙමු. නොයෙකුත් හේතු මතින් හැකි සැමවිටම හදතුල පුරවා බැතියෙන් පිහිටක් ලබා දෙමු මතු පරපුරට ඉතින් ! (නි)
හොඳ වැඩක්, ජයවේවා අපේ ප්‍රංශ මිතුරනි (ස)
හොඳ වැඩක්. ජය වේවා
නිදුක් නිරෝගී සවිබල ලැබේවා,, ප්‍රංශ මිතුරු මිතුරියනි ..! (ස)