දින කිහිපයක නිවාඩුවකට ලංකාවට පැමිණ සිගිරියේ සංචාරක හෝටලයක නැවතී සිටි යුවළකගේ රුපියල් ලක්ෂ දෙකක මුදල් පසුම්බිය හා විසා කාඩ් බැංකු කාඩ් සියල්ල හෝටල් කාමරයේ තිබී අතුරුදන් වී ඇතැයි සිගිරිය පොලිසියට පැමිණිලි කර ඇත.
අතේ කිසිදු මුදලක් නැතිව තමන් දැඩි ලෙස අසරණවී සිටින බව ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් වන ජිවනි බාලසුරිය මහත්මිය පැවසුවාය.
තමන් සැමියා හා දියණිය ද ප්‍රංශයේ සිටම ලංකාවේ සුපිරි සංචාරක හෝටල් වෙන්කර මුදල් ද ගෙවූ බවත් සිගිරිය රන්ගිරිගම දී මේ සිද්ධියට මුහුණ පෑ බවත් ඇය කීවාය.
COMMENTS
මෙවැනි දේවල් ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා... රටේ නමට සහ සංචාරක ව්‍යාපාරයට අහිතකරයි... ලොකු ලොකු රටවලත් මෙව්වා වෙනවා.. නමුත් අපි වගේ පොඩි රටක මෙහෙම වුනාම ඉක්මනට නරක නාමය ලොව පුරා පැතිරෙනවා... මෙය සිද්ද වුනු හෝටලේ පාලනාධිකාරිය මේ ගැන සොයා බැලිය යුතුයි... නමුත් තමන්ගේ මුදල් පසුම්බි ආරක්ෂාකාරීව තියාගන්නත් සංචාරකයෝ දැනගත යුතුයි.... (ර)
නාලක, හරියට හරි. (ර)
සිදුවීම ගැන කණගාටුයි. පොලිසිය උපරිම සේවාව. කරාවි. අපිනම් ලංකාවට යන්නේ ගමේ ගොඩේ ඇවිදලා අහිංසක ගම්මුන් සමඟ එකතුවෙලා දානයක් මානයක් දීල වෙල්යායේ සුවද විදලා එන්න.(ම)
හෝටල් කාමරවල අනිවාර්යෙන් රහස් අංක යොදා වැසිය හැකි සේප්පු තිබේ. මොවුන් මෝඩ කමට ඒවා පාවිච්චි කරලා නෑ. එහෙමත් නැත්නම් ලෝබ කමට එවැනි පහසුකම් නැති හෝටලේක නතර වෙන්ඩ ඇති. (අ)
නලකට මගෙන් මල් මිටක් (අ)
කවුරු කවුරුත් දැනටමත් නිගමන වලට බැහැලා වගෙයි. නාලක විතරයි මෙතනින් යම් වැදගත් යමක් දැක තිබෙන්නේ. (නි)
බොහෝ අය රක්ෂණ මුදල් ලබාගැනීමටත් මෙය සිදුකරනවා (නි)
මෙම ප්‍රංශ යුවල ලංකාවට ආවහම ඉන්නේ පවුලේ කිසි කෙනෙකු නැතුවද? ප්‍රංශ නිසා පවුලේ අය සමඟ ඉන්න ලැජ්ජද? නැතිවු බැංකු කාඩ් ක්‍රියාවිරහිත කිරීමට සහ තමනට පාඩු නොවන්නට තමන්ගේ බැංකුවට දැනුම් දෙන්න ක්‍රම තියෙනවා. අමතරව බැංකු කාඩ්පත් වලින් රක්ෂණයක් තියෙනවා. සිදුවූ පාඩු බොහොමයක් ලබාගන්නට පුළුවන්. පුදුමය මේ අයට ලාංකික පවුලේ අය හෝ යහළු යෙහෙළියන් නැති එක (නි)
ජෝශප් පෙරේරා මහතාගේ කතාව ඇත්ත. මෙවැනි දේවල් ලංකාවේ පමණක් නොව පිටරටවලත් සිදුවෙනවා. ඒ බව බොහෝ හෝටල් කාමරවල උපදෙස් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. දවල් කාලයේදී කාමර පිරිසිදු කරන සේවකයින් ඇතුළුවන නිසා තමන්ගේ වටිනා දේවල් රැකගැනීමට තමන් දැනගත යුතුයි. (නි)
තව සමහරු රක්ෂණ වලින් වන්දි ගන්නත් මෙවැනි දේ නිර්මාණය කරනවා (නි)