IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ප්‍රංශ බොදු සංවත්සරය සෙනසුරාදා

පැරීසියේ ලෙබුර්ජේ පිහිටි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 24 වන සංවත්සරය   සෙනසුරා  (12) පැවැත්වීමට යයි.

එදින සවස 05 ට ආරම්භ කරන ආශිර්වාද පුජා, බුද්ධ පුජා හා සෙත් පිරිත් දේශනා වලින් පසුව දන්සලකි. පසුදින හීල් දානයකි.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත හිමි,   පුවක්ගහහේනේ වජිරඤාණ හිමි, මාපලගම බුද්ධසිරි නාහිමි, කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විතාරන්දෙ‚යේ මේධානන්ද හිමියන් හා ප්‍රංශයේ වාසය කරන භික්ෂූන් වහන්සේලා මීට වැඩම කිරීමට නියමිතය.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමියෝ පිංකම් මාලාව සංවිධානය කරති.



අදහස් (0)

ප්‍රංශ බොදු සංවත්සරය සෙනසුරාදා

ඉන්දුසාර හිමි Monday, 07 October 2013 10:25 PM

මම දුප්පත් මව්පියන්ට වාසයට ගෙයක් හදනවා. පිංවත් ඔබ මට උදව්කරන්න.(නදී)

:       0       0

ජයසිංහ Tuesday, 08 October 2013 11:19 AM

අපේ ස්වාමින් වහන්සේලා තුන්දෙනා .ලංකාවෙන් /ලාඔස් /කම්බෝජ් .වගේ රටවල් වලින් ප්‍රංශයෙන් පැමිනි බෞද්ධයන්ව නිවන් දැක්කීම සදහා කරන මෙහෙය අගේ නොකර බැරිය.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 08 October 2013 11:22 AM

චන්ද්‍රරතන හාමුදුරුවන් කලක සිට විශේෂයෙන් තායි සහ ශ්‍රී ලංකික බතිමතුන්ගේද ආධාර උපකාර ඇතිව ලංකාවට කරන සේවය විශිෂ්ටය. ලංකාවේ දුෂ්කරතා ඇති ළමුන් රාශියක් උන්වහන්සේගේ පිහිටෙන් දෑස් පාදාගෙන ඇත. උන් වහන්සේට මෙම පුණ්‍ය ක්‍රියාවලියේ නිරත වීමට නිරෝගී භාවයත් වාසනාවත් ලැබේවා! (ඉහත තවත් පිටිගල කෙනෙක් මිලානෝ සිට දන්සලට එනවා යයි කියා තිබෙනවා)..(නදී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 08 October 2013 02:17 AM

වෙලා තිබුනොත් දන්සලටවත් ඇවිල්ලා යන්න එන්නම්. දන්සල රෑටද තියෙන්නේ? (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 08 October 2013 04:30 AM

පරවාහැර චන්දරතන හිමියන් විසින් ශාසනමය හා සමාජමය වශයෙන් කරන මෙහෙය විදේශ රටවල ධර්ම දූත කටයුතු වල නියැලෙන සියලුම භික්ෂුන් වහන්සේලාට මහඟු ආදර්ශයක්. මේ කටයුතු වලින් ආශිර්වාදාත්මක පිටුබලයක් හා සහනයක් ලබන්නේ ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පමණක් නොවේ. ආධාර ලැබිය යුතු දුප්පත් ගම්බද සිසුන් වගේම වැඩිහිටියන්ද ඒ හිමියන්ගේ ආධාරයෙන් කටයුතු සඵල කරගත් ආකාරය අපගේම ඇසින් දැක ගැනීමේ වාසනාව අපට ද ලැබුනා. ඉතින් හිමියනේ, පැරිසියේ සිටින අප හිතවත් කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ද, මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන්ගේද සහය ඇතුව මේ උත්සවය සාර්ථක කරගැනීමට ඔබ වහන්සේට ධෛර්ය හා ශක්තිය ලැබේවා කියා පතමි. (නි)

:       0       0

සුජාතා Tuesday, 08 October 2013 01:11 PM

අපේ ගරු චන්ද්‍ර රත්න නායක ස්වාමින් වහන්සේට මෙතෙක් කර ගෙන ආපු සියලු පුණ්‍ය කර්මයන් ඉදිරියෙදීත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා!!!සාදු සාදු සාදු (ස)

:       0       0

ධනුක Tuesday, 08 October 2013 06:24 AM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

පද්මා - පැරිස් Tuesday, 08 October 2013 03:01 PM

මොකද පැරිස් අනික් පන්සලේ අපේ ආනන්ද හාමුදුරුවන් ගැන කවුරුවත් මුකුත් කියලා නැත්තේ . ආනන්ද හාමුදුරුවොත් නිහඩව බෞද්ධයන්ට ලොකු සේවයක් කරන ඉතා නිහනමානි, මුදල් පසු පස බෞද්ධාගම වෙළඳාම කර නොගත් කෙනෙක් (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 08 October 2013 07:46 PM

පද්මා,පැරිස්, ඔයා ආනන්ද හාමුදුරුවන්ට අගෞරව කරන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site