පැරීසියේ ලෙබුර්ජේ පිහිටි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 24 වන සංවත්සරය සෙනසුරා (12) පැවැත්වීමට යයි.
එදින සවස 05 ට ආරම්භ කරන ආශිර්වාද පුජා, බුද්ධ පුජා හා සෙත් පිරිත් දේශනා වලින් පසුව දන්සලකි. පසුදින හීල් දානයකි.
කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත හිමි, පුවක්ගහහේනේ වජිරඤාණ හිමි, මාපලගම බුද්ධසිරි නාහිමි, කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විතාරන්දෙ‚යේ මේධානන්ද හිමියන් හා ප්‍රංශයේ වාසය කරන භික්ෂූන් වහන්සේලා මීට වැඩම කිරීමට නියමිතය.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමියෝ පිංකම් මාලාව සංවිධානය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දුප්පත් මව්පියන්ට වාසයට ගෙයක් හදනවා. පිංවත් ඔබ මට උදව්කරන්න.(නදී)
අපේ ස්වාමින් වහන්සේලා තුන්දෙනා .ලංකාවෙන් /ලාඔස් /කම්බෝජ් .වගේ රටවල් වලින් ප්‍රංශයෙන් පැමිනි බෞද්ධයන්ව නිවන් දැක්කීම සදහා කරන මෙහෙය අගේ නොකර බැරිය.(නදී)
චන්ද්‍රරතන හාමුදුරුවන් කලක සිට විශේෂයෙන් තායි සහ ශ්‍රී ලංකික බතිමතුන්ගේද ආධාර උපකාර ඇතිව ලංකාවට කරන සේවය විශිෂ්ටය. ලංකාවේ දුෂ්කරතා ඇති ළමුන් රාශියක් උන්වහන්සේගේ පිහිටෙන් දෑස් පාදාගෙන ඇත. උන් වහන්සේට මෙම පුණ්‍ය ක්‍රියාවලියේ නිරත වීමට නිරෝගී භාවයත් වාසනාවත් ලැබේවා! (ඉහත තවත් පිටිගල කෙනෙක් මිලානෝ සිට දන්සලට එනවා යයි කියා තිබෙනවා)..(නදී)
වෙලා තිබුනොත් දන්සලටවත් ඇවිල්ලා යන්න එන්නම්. දන්සල රෑටද තියෙන්නේ? (නි)
පරවාහැර චන්දරතන හිමියන් විසින් ශාසනමය හා සමාජමය වශයෙන් කරන මෙහෙය විදේශ රටවල ධර්ම දූත කටයුතු වල නියැලෙන සියලුම භික්ෂුන් වහන්සේලාට මහඟු ආදර්ශයක්. මේ කටයුතු වලින් ආශිර්වාදාත්මක පිටුබලයක් හා සහනයක් ලබන්නේ ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පමණක් නොවේ. ආධාර ලැබිය යුතු දුප්පත් ගම්බද සිසුන් වගේම වැඩිහිටියන්ද ඒ හිමියන්ගේ ආධාරයෙන් කටයුතු සඵල කරගත් ආකාරය අපගේම ඇසින් දැක ගැනීමේ වාසනාව අපට ද ලැබුනා. ඉතින් හිමියනේ, පැරිසියේ සිටින අප හිතවත් කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ද, මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන්ගේද සහය ඇතුව මේ උත්සවය සාර්ථක කරගැනීමට ඔබ වහන්සේට ධෛර්ය හා ශක්තිය ලැබේවා කියා පතමි. (නි)
අපේ ගරු චන්ද්‍ර රත්න නායක ස්වාමින් වහන්සේට මෙතෙක් කර ගෙන ආපු සියලු පුණ්‍ය කර්මයන් ඉදිරියෙදීත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා!!!සාදු සාදු සාදු (ස)
බුදු සසුන බැබළේවා! (නි)
මොකද පැරිස් අනික් පන්සලේ අපේ ආනන්ද හාමුදුරුවන් ගැන කවුරුවත් මුකුත් කියලා නැත්තේ . ආනන්ද හාමුදුරුවොත් නිහඩව බෞද්ධයන්ට ලොකු සේවයක් කරන ඉතා නිහනමානි, මුදල් පසු පස බෞද්ධාගම වෙළඳාම කර නොගත් කෙනෙක් (ස)
පද්මා,පැරිස්, ඔයා ආනන්ද හාමුදුරුවන්ට අගෞරව කරන්න එපා. (නි)