IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප‍්‍රංශ පොලිසියටත් බැරිවේ.

ප‍්‍රංශයේ තුලූස්හි යුදෙව් පාසලක ගුරුවරකු සහ ඔහුගේ දරුවන් තිදෙනා වෙඩි තබා මරා දැමූ  මිනිමරුවකු පණිපිටින් අල්ලා ගැනීමට  ප‍්‍රංශ පොලිසිය අසමත් විය. මොහොමඞ් මෙයාර් (23) නම් මිනීමරුවා සැගවී සිටි ගොඩනැගිල්ල වැටලූ  පොලීසිය එහි පදිංචිකරුවන් ඉවත් කළේය. හෙලිකොප්ටර්, ට‍්‍රක්, ලොරි, ජිප්, කාර්, ගිලන් රථ, මෝටර් සයිකල්  සහ දහසක්  පමණ ආරක්‍ෂක භටයෝ ගොඩනැගිල්ල වට කළහ. පැය 32ක් ගොඩනැගිල්ලේ නාන කාමරයක සැඟවී සිටි ඔහු  පොලිසියට වෙඩි තබමින් ජනේලයකින් එළියට පැන්නේය. පොලිසියේ වෙඩි  පහරටද ලක්වූ ඔහු  මරුමුවට පත්විය.මාර්තු 19 මෙය සිදුවිය. ලොව  පුහුණු හා දක්‍ෂතම පොලිසියක් වුවත් තනි මිනිසකු පණ පිටින් අල්ලා ගැනීමට නොහැකි විය.



අදහස් (0)

ප‍්‍රංශ පොලිසියටත් බැරිවේ.

අලිබබා Friday, 06 April 2012 11:12 PM

හැමෝම කියන්නේ ලංකාවෙ පොලිසියට මෙිවගේ වැඩ බෑයිකියල. බැලින්නමි පුංශ පොලිසියටත් බෑනේ.

:       0       0

පොඩි ළමයා. Saturday, 07 April 2012 12:44 AM

මානව හිමිකම් උල්ලංඝනය වුනාද දන්නේ නැහැ.

:       0       0

සෑම් Saturday, 07 April 2012 03:53 AM

කොටි පොලීසියෙ ට නම් පුළුවන්වෙයි. නෝවේ පොලීසියට කියල අල්ලලා දෙයි.

:       0       0

ශ්‍රී ලාල් Saturday, 07 April 2012 04:25 AM

මේ වගේ දෙයක් ලංකාවේ සිදුවුනානම් මුලු ලොකෙම එනවා මානුෂික අයිතිවාසිකම් ගැන කතා කරන්න. මුන්ට මරන්නත් පුළුවන්. මරලා මුහුදේ දමන්ටත් පුළුවන්. ලංකාවේ ත්‍රස්තවාදියෙක් මැරුණම ඒකට වන්දි ගෙනවන්නත් කියනවා. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු.

:       0       0

ගාල්ලේ සමන් Saturday, 07 April 2012 07:07 AM

ලංකාවේ පොලීසියට බැරිවෙන්නේ දේශපාලකයින්ට සම්බන්ධ මිනීමරැවන් සහ කුඩු කාරයින් අල්ලන්නට පමණයි. අනික් ඒවායේ දී ඔවුන් අති දක්ෂයි.

:       0       0

සමන්ත Saturday, 07 April 2012 07:30 AM

ඔයිට වඩා හොද දේවල් අපේ පොලීසියෙ සහ හමුදාවෙ අය කරල පෙන්වලා තියෙනවා.

:       0       0

kts Saturday, 07 April 2012 07:58 AM

මෙහෙනම් වෙන කෙනෙක්ව හරි අල්ල ගන්නවා.

:       0       0

විජේ Saturday, 07 April 2012 12:23 PM

ගොන්නාම්බා මරපු එක හොදයි.

:       0       0

ශාන් - සෞදි අරාබි Saturday, 07 April 2012 01:28 PM

අපේ අයට කිව්වනම් ඉක්මනින් අල්ලයි...

:       0       0

ප්‍රභා Saturday, 07 April 2012 03:07 PM

අපේ අය රත්තරම්...

:       0       0

සුමී Saturday, 07 April 2012 06:53 PM

ප්‍රංශ පොලිස් හොදයි. රටවල් අල්ලන්න බෝම් දාලා. එක මිනිහෙක් අල්ලගන්න බැරිවුනාම මුන්ට එතරම් බයයි ඕකුන්.

:       0       0

රුවන් Sunday, 08 April 2012 04:40 PM

ලංකාවෙ පොලීසිය ගොඩක් දක්ෂයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 347 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1006 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site