ප‍්‍රංශයේ තුලූස්හි යුදෙව් පාසලක ගුරුවරකු සහ ඔහුගේ දරුවන් තිදෙනා වෙඩි තබා මරා දැමූ මිනිමරුවකු පණිපිටින් අල්ලා ගැනීමට ප‍්‍රංශ පොලිසිය අසමත් විය.
මොහොමඞ් මෙයාර් (23) නම් මිනීමරුවා සැගවී සිටි ගොඩනැගිල්ල වැටලූ පොලීසිය එහි පදිංචිකරුවන් ඉවත් කළේය.
හෙලිකොප්ටර්, ට‍්‍රක්, ලොරි, ජිප්, කාර්, ගිලන් රථ, මෝටර් සයිකල් සහ දහසක් පමණ ආරක්‍ෂක භටයෝ ගොඩනැගිල්ල වට කළහ. පැය 32ක් ගොඩනැගිල්ලේ නාන කාමරයක සැඟවී සිටි ඔහු පොලිසියට වෙඩි තබමින් ජනේලයකින් එළියට පැන්නේය. පොලිසියේ වෙඩි පහරටද ලක්වූ ඔහු මරුමුවට පත්විය.මාර්තු 19 මෙය සිදුවිය.
ලොව පුහුණු හා දක්‍ෂතම පොලිසියක් වුවත් තනි මිනිසකු පණ පිටින් අල්ලා ගැනීමට නොහැකි විය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම කියන්නේ ලංකාවෙ පොලිසියට මෙිවගේ වැඩ බෑයිකියල. බැලින්නමි පුංශ පොලිසියටත් බෑනේ.
මානව හිමිකම් උල්ලංඝනය වුනාද දන්නේ නැහැ.
කොටි පොලීසියෙ ට නම් පුළුවන්වෙයි. නෝවේ පොලීසියට කියල අල්ලලා දෙයි.
මේ වගේ දෙයක් ලංකාවේ සිදුවුනානම් මුලු ලොකෙම එනවා මානුෂික අයිතිවාසිකම් ගැන කතා කරන්න. මුන්ට මරන්නත් පුළුවන්. මරලා මුහුදේ දමන්ටත් පුළුවන්. ලංකාවේ ත්‍රස්තවාදියෙක් මැරුණම ඒකට වන්දි ගෙනවන්නත් කියනවා. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු.
ලංකාවේ පොලීසියට බැරිවෙන්නේ දේශපාලකයින්ට සම්බන්ධ මිනීමරැවන් සහ කුඩු කාරයින් අල්ලන්නට පමණයි. අනික් ඒවායේ දී ඔවුන් අති දක්ෂයි.
ඔයිට වඩා හොද දේවල් අපේ පොලීසියෙ සහ හමුදාවෙ අය කරල පෙන්වලා තියෙනවා.
මෙහෙනම් වෙන කෙනෙක්ව හරි අල්ල ගන්නවා.
ගොන්නාම්බා මරපු එක හොදයි.
අපේ අයට කිව්වනම් ඉක්මනින් අල්ලයි...
අපේ අය රත්තරම්...
ප්රංශ පොලිස් හොදයි. රටවල් අල්ලන්න බෝම් දාලා. එක මිනිහෙක් අල්ලගන්න බැරිවුනාම මුන්ට එතරම් බයයි ඕකුන්.
ලංකාවෙ පොලීසිය ගොඩක් දක්ෂයි..