IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රංශ නොබෙල් ශූරයෝ

2014 මෙවර පැවැත්වූ නොබෙල් ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ හොදම සාහිත්‍ය කරුවාට හිමි ත්‍යාගය 69 හැවිරිදි ප‍්‍රංශ ජාතික පැට්රික් මොඩියානෝට හිමි වුයේය.

ඉතාලි ජාතික යුදෙව් පවුලක පියෙකුට හා බෙල්ජියමේ පෙලොමොන්ග් ජාතික මවකට දාාව 1945 ජුලි 30 වැනිදා  පැරීසියට නුදුරු බුලොන්ග් බිලන්කූර්ට් නගරයේ උපත ලැබූ පැට්රික් මොඩියානෝ වයස අවුරුදු 22 දී ”තරු අතර ” යනුවෙන් ඔහුගේ ප‍්‍රථම සාහිත්‍ය කෘතිය එළිදැක්වීය.

අනතුරුව වර්ෂ 1978දී හා 1996 දි ප‍්‍රංශයේ ඉහළම සාහිත්‍ය සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් විය. දෙවන ලෝක යුද සමය හා යටත් විජිත සමය ඔහුගේ බොහෝ කෘති වල කේන්ද්‍රයයි. වර්ෂ 1901 දී නොබෙල් ත්‍යාග ප‍්‍රධානය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා සාහිත්‍යය සදහා වැඩිම නොබෙල් ත්‍යාග හිමිකර ගැනීමට ප‍්‍රංශය සමත්වී ඇත්තේය.

2014 එම ත්‍යාගය හිමිකර ගත් මොඩියානෝ ප‍්‍රංශයේ 15 වැනියාය. මින් පෙර ප‍්‍රංශ ජාතික කවියෙක් වූ සුලී ප‍්‍රරූඩොම් 1901 දීත් ඇනටෝල් ප‍්‍රාන්ශ් 1921දීත් මාධ්‍යවේදි හා නවකතා කරුවෙකුවූ උපතින් ඇල්ජීරියානු ප‍්‍රංශ ජාතික ඇල්බර්ට් කාමුෂ් 1957 දි හා දාාර්ශනිකයෙකු හා මහා ගත්කතු වරයෙකු වූ ජෝන් පෝල් සාත්‍රේ 1964 දී මෙම ත්‍යාගය හිමිකර ගත් ලොව ප‍්‍රසිද්ධ සුවිශේෂියෝය. මේ දක්වා සාහිත්‍ය ත්‍යාගය 15 වතාවක් ප‍්‍රංශයද 12ක් ඇමෙරිකාවට හා ඉංග‍්‍රීසි සාහිත්‍යයට මහද්වීප පහෙන්ම 27 දෙනෙක් ද ලෙස හිමිකර ගෙන ඇත්තාහ.

නොබෙල් විනිශ්චය මණ්ඩලය ප‍්‍රංශ සාහිත්‍ය ගැන දැඩි විමසිල්ලක් දක්වයි. එයට හේතුව ප‍්‍රංශ සාහිත්‍යයේ විවේචනයට ඉඩක් තබා නොමැති බව ප‍්‍රංශ සාහිත්‍යය ඇකඩමියේ සභාපති බර්නාඞ් පිවොට් ග‍්‍රන්ථ කතුවරයා ප‍්‍රංශ මාධ්‍යයට පැවසීය.

Alfer-Nobel-prize Patrick-modiano Patrick-modiano-Libaration-news-paper

 

 



අදහස් (0)

ප්‍රංශ නොබෙල් ශූරයෝ

දයා අළහකෝන් Monday, 13 October 2014 04:05 AM

ලංකාවේ කොච්චර නම් සාහිත්‍ය ලේඛකයෝ ඉන්නවද? ඇයි අපේ රටේ කෙනෙකුට මේ ත්‍යාගය තවම නොලැබුණේ? (නි)

:       0       0

අමල් Monday, 13 October 2014 05:28 AM

සුබ පැතුම් මගෙනුත්! (නි)

:       0       0

සරත් Monday, 13 October 2014 02:51 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site