2014 මෙවර පැවැත්වූ නොබෙල් ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ හොදම සාහිත්‍ය කරුවාට හිමි ත්‍යාගය 69 හැවිරිදි ප‍්‍රංශ ජාතික පැට්රික් මොඩියානෝට හිමි වුයේය.
ඉතාලි ජාතික යුදෙව් පවුලක පියෙකුට හා බෙල්ජියමේ පෙලොමොන්ග් ජාතික මවකට දාාව 1945 ජුලි 30 වැනිදා පැරීසියට නුදුරු බුලොන්ග් බිලන්කූර්ට් නගරයේ උපත ලැබූ පැට්රික් මොඩියානෝ වයස අවුරුදු 22 දී ”තරු අතර ” යනුවෙන් ඔහුගේ ප‍්‍රථම සාහිත්‍ය කෘතිය එළිදැක්වීය.
අනතුරුව වර්ෂ 1978දී හා 1996 දි ප‍්‍රංශයේ ඉහළම සාහිත්‍ය සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් විය. දෙවන ලෝක යුද සමය හා යටත් විජිත සමය ඔහුගේ බොහෝ කෘති වල කේන්ද්‍රයයි. වර්ෂ 1901 දී නොබෙල් ත්‍යාග ප‍්‍රධානය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා සාහිත්‍යය සදහා වැඩිම නොබෙල් ත්‍යාග හිමිකර ගැනීමට ප‍්‍රංශය සමත්වී ඇත්තේය.
2014 එම ත්‍යාගය හිමිකර ගත් මොඩියානෝ ප‍්‍රංශයේ 15 වැනියාය. මින් පෙර ප‍්‍රංශ ජාතික කවියෙක් වූ සුලී ප‍්‍රරූඩොම් 1901 දීත් ඇනටෝල් ප‍්‍රාන්ශ් 1921දීත් මාධ්‍යවේදි හා නවකතා කරුවෙකුවූ උපතින් ඇල්ජීරියානු ප‍්‍රංශ ජාතික ඇල්බර්ට් කාමුෂ් 1957 දි හා දාාර්ශනිකයෙකු හා මහා ගත්කතු වරයෙකු වූ ජෝන් පෝල් සාත්‍රේ 1964 දී මෙම ත්‍යාගය හිමිකර ගත් ලොව ප‍්‍රසිද්ධ සුවිශේෂියෝය. මේ දක්වා සාහිත්‍ය ත්‍යාගය 15 වතාවක් ප‍්‍රංශයද 12ක් ඇමෙරිකාවට හා ඉංග‍්‍රීසි සාහිත්‍යයට මහද්වීප පහෙන්ම 27 දෙනෙක් ද ලෙස හිමිකර ගෙන ඇත්තාහ.
නොබෙල් විනිශ්චය මණ්ඩලය ප‍්‍රංශ සාහිත්‍ය ගැන දැඩි විමසිල්ලක් දක්වයි. එයට හේතුව ප‍්‍රංශ සාහිත්‍යයේ විවේචනයට ඉඩක් තබා නොමැති බව ප‍්‍රංශ සාහිත්‍යය ඇකඩමියේ සභාපති බර්නාඞ් පිවොට් ග‍්‍රන්ථ කතුවරයා ප‍්‍රංශ මාධ්‍යයට පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොච්චර නම් සාහිත්‍ය ලේඛකයෝ ඉන්නවද? ඇයි අපේ රටේ කෙනෙකුට මේ ත්‍යාගය තවම නොලැබුණේ? (නි)
සුබ පැතුම් මගෙනුත්! (නි)
ඔබට සුබ පැතුම්! (නි)