ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එරට නිරිතදිග දෝර්ම් පළාතේ 'තායින් ලාහර්මිතේජ්' ගම්මානයට ගොස්, අතට අත දෙමින් ගම්මානයේ වැසියන් හමුවී, ඔවුන්ගේ සුව දුක් විමසද්දී, රැස්ව සිටි පිරිස අතරින් එක් අයකු ජනපතිවරයාට අතුල් ප්‍රහාරයක් එල්ල කළේය.
ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් වඩා එම තැනැත්තාගේ ඇඟට කඩා පැන ඔහුත්, ඔහු සමඟ සිටි තවත් තැනැත්තකුත් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
'මට අනතුරක් නෑ. ඒක හුදෙකලා සිදුවීමක් ලෙස මා සලකනවා' යැයි සිද්ධියෙන් පසු 'දුපීන් ලිබ්රේ' පුවත්පත සමඟ අදහස් දක්වමින් මැක්රොන් පැවැසීය.
'කොවිඩ් 19' වසංගතය හමුවේ පැනැවූ ප්‍රංශයට පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි, මේ වනවිට කෙමෙන් ලිහිල් වී ඇත.
මැක්රොන් දෝර්ම් පළාතේ 'තායින් ලාහර්මිතේජ්' ගම්මානයට ගියේ එම ගම්මානයේ අවන්හල් හිමිකරුවන් සහ වෙෙළඳසැල් හිමිකරුවන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු විමසා ඒවාට විසඳුම් ලබා දීමටය.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ අපේ නම් ඔවට බයයි
අපේ එක්කෙනාටත් ඕක වැඩි ඈතක නෙමෙයි.
අපේ රටේ නායකයන්ට නම් ඔවැනි අතුල් පහරවල් ලැබෙන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් අපේ රටේ ලොක්කෝ ඉන්නේ මහජනතාවගෙන් බොහෝදුරට ඈත්වෙලා ඉන්න නිසයි...!!! මේ ව්‍යවසන ප්රශ්නය තවමත් ප්රජාතන්ත්රවාදය ඉහළින්ම සුරකින රටකි.
ඒ ඉතින් ප්රන්ශයේනේ. දැන් වෙලාතියෙන දේවල් වල හැටියට ඉඩක් ලැබුණොත් මෙහෙ දෙයි ඇට්ටි හැලෙන්නම...!!!
මෙවැනි සිදුවීම් ප්‍රංශයේ ඉඳලා හිටලා සිදුවෙනවා. බොහෝවිට " කැපී පෙනීමට ඇති ආශාවට " සමහරු මෙවැනි පිස්සු වැඩ කරනවා. හිටපු ජනාධිපති සර්කෝසිට... මෙවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් ඒ පහර දුන් අයගෙන් ප්‍රශ්නකොට නිදහස් කරනවා මිසක් නඩු දැමීමක් සිදුවන්නේ නැහැ. ප්‍රංශයේ ජනාධිපති මැක්රෝන් මේ කොරෝනා උවදුරෙන් රට ගලවාගන්න තමන්ට කළ හැකි සියලුම ක්‍රියාමාර්ගයන් නොබියවම ගත්තා. රට වැසුවා. ඇඳිරි නීතිය දැම්මා. රැකියා නැතිවුන අයට ඒ අයගේ වැටුප දිගටම ලබා දුන්නා. කෙසේ හෝ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හෙමින් හෙමින් ඉදිරියට ගෙනගිය නිසා අද මේ මොහොත වනවිට යුරෝපයේ ශක්තිමත්ම ආර්ථිකය තිබූ ජර්මනිය පසුකර ප්‍රංශය ඉදිරියටම ඇවිත් තියෙනවා. වෘත්තියෙන් බැංකුකරුවෙකු වන ප්‍රංශ ජනාධිපතිගේ වෘත්තිය දැනුම සහ දක්ෂතාව මිට ඉවහල්වුණු බව සියලු දෙනාම කියනවා. ඉතාමත් ප්රජාතන්ත්රවාදී එමෙන්ම සමාජවාදී - ධනවත් රටක් වන ප්‍රංශයේ ජනාධිපතිටත් මිනිහෙක් පහර දුන්නානම් ...අපේ රට විනාශ කළ, නැත්තටම නැතිකළ, මෝඩ, නූගත් අමන බූරුවන්ට කෙසේ පහර දිය යුතුද? ඒ දවස වැඩි ඈතක නොවන බව සිතමි. තීරණය ඔබ සතුයි.
ස්විස් හැර මුලු යුරෝපයේම ආර්ථිකය කඩා වැටිලා ඉවරයි.