ද්විත්ව පුරවැසි භාවය දීම සඳහා ශ්‍රී ලංකාව රුපියල් ලක්ෂ පහක් අය කිරීමට මුදල් ඇමැති රවී කරුණානායක මහතා අයවැයෙන් කළ යෝජනාව ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ නොසතුට පළ කරති.
ඔවුන් බොහෝ දෙනා පවසනුයේ එතරම් මුදලක් අය කිරීම අසාධාරණ බවයි.
ඉන්දියාව අයකරනුයේ ඩොලර් තුන්සියයක් බවයි.
එක් රටක පුරවැසි භාවය හිමි ශ්‍රි ලාංකිකයකු ශ්‍රී ලාංකාවේ පුරවැසිභාවයට අයදුම් කරන්නේ නම් ඒ සඳහා රුපියල් පන් ලක්ෂයක් ගෙවිය යුතු බව බ්‍රහස්පතින්දා අයවැයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටක අවුරුදු 50 ක් පදිංචි වෙලා හිටියත් පුරවැසිකම ලැබෙන්නේ තමුන්ට ඒ සුදුසුකම් සපුරා තියෙනවා නම් සහ අවශ්‍ය නම් පමණයි. ලංකාවේ පුරවැසි බාවය නැතිවෙන්නේ වෙන රටක පුරවැසි බාවය ගත්විට පමණයි. බොහාමයක් රටවල දිවිත්ව පුරවැසි බාවය තහනම්. ඉතින් ගාන වැඩිනම් ලංකාවේ පුරවැසිබාවය නොගෙන ඉන්න. වෙන රටක පුරවැසි බාවය අරගෙන ඉන්න පුරවැසියෝ ලංකාවට සල්ලි එවන්නේ නැහැ. ඒ අයට ලංකාවේ බැංකු ගිනුමක්වත් අරින්න බැහැ. අනෙක වෙන රටවල පුරවැසි බාවය ගත්ත ලංකාවේ අය නිවාඩුවකට හරි ආවම හරියට පැමිණිලි වැඩියි. කියන්නෙම අපෝ ඔස්ට්‍රේලියවේ නම් මෙහෙමයි එංගලන්තේ නම් මෙහෙමයි ලංකාවේ හරිම ඩස්ට්, දාඩිය ගඳයි, අරක නැහැ මේක නැහැ දැක්ක නේද රත්නපුරේ කොන්ස්ටබල් බට්ටිට ගහපු හැටි කියලා. එහෙමත් නැත්නම් ලංකාවේ තියෙන සල්ලි ටික හුරගෙන කාලා බැසිල් වගේ සල්ලිත් අරගෙන අපහු යයි යන්න. ලංකාවට ඔච්චරම ආදරේ නම් ලක්ෂ 20ක් විතර හරි ගෙවල දිවිත්ව පුරවැසි බව ගන්න. සමහරු බෝට්ටුවල දිවි පරදුවට තබල වෙන රටවලට යන්නම ලක්ෂ 20ක් ගෙවනවා. එම නිසා මෙම මුදල ලක්ෂ 20ක් වත් කරනු ඇති කියා මම සිතනවා. (නදී)
ඔය දිගට හරහට පිටරට ගිය කට්ටියට බනින අයටත් අවස්ථාවක් ලැබුනා නම් යන්නේ නැද්ද කියලා බලන්න ඕනෑ. (නි)
මෙය ඉතාමත් අසාදාරන අයකිරීමක්. මේක මංකොල්ලයක් වගේ වැඩක්. අපි රටින් පිට ගියාට, තවත් ඉගෙනගන තමයි මෙහෙ රස්සාවල් කරන්නේ. අපේ සල්ලිත් එවන්නේ ලංකාවට. මේවා විදේශ විනිමය අපි ලං කාවට එවන. මේක යහපාලනය නෙමෙයි. මේක මංකොල්ලකෑමක්. අපේ පවුල්වල අයගේ ඡන්දෙ නම් මේ වගේ කලොත් නම් දෙන්නෙම නැති වෙයි (නදී)
ලක්ෂ 2ක් හරි ලක්ෂ 5ක් හරි කමක් නෑ කියමුකෝ. එ්ත් අයදුම් කරන පිළිවෙලක් වත් තවම නෑ නොවෑ. අනික අර කලින් අයදුම් කරලා නවත්තපු ඒවාට මොකද වෙන්නේ? මේක මුහුදට හත් ගව්වක් තියෙද්දී අඹුඩ ගහනවා වගේ. (නදී)
අපේ කාර්යාලයේ කෙනෙක් ඕස්ට්‍රේලියාවට යන්න ඉල්ලුම් කරලා විසා ප්‍රතික්ෂේප වුණා. එදා ඉඳලා එයා එහෙ ගිය අනිත් අයගේ හතර වරිගයටම බනිනවා. ඒ කට්ටිය රටට ආදරේ නැතිලු. ගිහිල්ලා කරන්නේ කම්කරු රැකියාලු. මං ඇහුවා ඉතින් ඒක ඒ අයගේ කැමැත්තනේ, අපි මොකද ඒ දේවල් වල කන්කොන් සොයන්නේ කියලා. මට තේරුන එකම දේ ,මේක අනෙකුත් උදවිය ලංකාවේ සිටියාට වැඩිය යමක් හරිහම්බ කරනවට තිබෙන පැහැදිලි ඊර්ෂ්‍යාව. (නි)
ගාන ගෙවල හරි එක එක්කෙනාගේ කකුල් ළඟ වැඳ වැටෙන්නේ නැතිව හොර පාරෙන් ගිහින් පගාව දෙන්නේ නැතිව ලබා ගන්න හැකිනම් ඕක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඕක නතර කරලා තියෙද්දිත් හොර පාරෙන් ගිහින් මේ ගානම දීලා ද්විත්ව පුරවැසිකම ගත්ත අය ඕන තරම් ඉන්නවා. සමහරුන්ට නම්, පොකට් එකෙන් ගානක් යද්දී බොරු දේශ ප්‍රේමය ඉබේටම අමතක වෙයි. (නදී)
ලලිත්, මට තේරුන විදිහට මුළු පවුලකට එක අයදුම්පතයි (නදී)
එච්චර මුදලක් ගන්න එක නම් බොහොම අසාධාරණයි. (හේ)
ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික හිතවතුන් ලංකාවට විදේශ විනිමයය උපයල දෙනවා කියන එක සාදාරන නැහැ. ඔවුන් ඕස්ට්‍රේලියා පුරවැසියන්. පුරවැසි බව නැති මැද පෙරදිග අයනම් ලංකාවට සල්ලි එවනවා. ඒක නිසා ද්විත්ව පුරවැසිබාවය සඳහා ලක්ෂ පහක මුදලක් දීම ලොකු දෙයක් නෙමෙයි. (නදී)
ද්විත්ව පුරවැසිබව සඳහා ලක්ෂ පහක මුදලක් දීම ලොකු දෙයක් නෙමෙයි. (නි)
ඔහොම යමුකෝ! (නි)
පුරවැසියා කියන්නෙ රටට සම්පතක්. ලංකාවට අයිති සම්පත් විදේශ වල තියෙනව කියන්නෙ කොච්චර අපූරු දෙයක්ද? විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන එන්නෙ කීර්තියක්. දියුණු රටවල සේවය කිරීමෙන් ලබාගන්නා වෘත්තීය අත්දැකීම් යම් යම් ක්‍රම වලින් ලංකාවටත් ලබාගැනීමේ හැකියාවත් තියෙනව. පිටරට යන අය මුලින් සතුටෙන් ගියාට ආපසු ඇවිත් යන්නෙ හරිම දුකින්. ඒ මව්බිම දාල යන්න තියෙන අකමැත්ත නිසා. ලංකාවෙ ඉන්න අය දේශපාලන හේතූන් මත සමහර කාලවල තමන්ගෙම රටට ගරහනව. ඒත් පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයො නිතරම රට ගැන ආදරෙන් කතාකරන්නෙ. ඒ අයට වෙනස් කම් කරල තවත් අපෙන් ඈත් කරනවට වඩා තවත් ළංකරගැනීමයි කළ යුත්තේ. පසුගිය රජය ද්විත්ව පුරවැසිකම නැවැත්වුයේ රටේ ආරක්ෂාවටයි. සල්ලි දුන් පමණින් පුරවැසිකම දෙන එක වැරදියි. සල්ලි වලට ඉඩම් අරන් රට අයිති කර ගැනීමේ සැලසුමක් බෙදුම් වාදීන්ගේ තියනවලු. (බ)
ඇත්තටම අසාධාරණයි (නි)
විදෙස්ගත ලාංකිකයින් ලංකාවට එවන මුදල් වලින් කීදෙනෙක් යැපෙනවද? රජය ගත් තීරණය ලැජ්ජාසහගතයි (නි)
සාමාන්‍යයෙන් පවුලේ සියලු දෙනා එකවර ඉල්ලනවිට , පවුලේ ප්‍රධානියා ලක්ෂ 5 ක් සහ අනෙකුත් සාමාජිකයන් ලක්ෂ 1ක් හෝ 2 ක් විය හැක. අවුරුදු 18 වැඩි අය වෙන වෙනම ඉල්ලිය යුතුය (නි)
රජය ලක්ෂ 5 පුරවැසිකම ඉල්ලන පවුලේ අයගේ ගණන සමග සන්සන්දනය කරමින් සහනයක් දෙන්න ඕනේ. ලංකාවට සල්ලි යවන්නේ තමන්ගේ පවුලේ අයටනේ. විදේශ විනිමයෙන් ලොකු ගානක් එවන්නේ මැද පෙරදිග රටවල ඉන්න කට්ටියයි මේ අය නෙවේ. (බ)
රුපියල් ලක්ෂ 5ක් හරිම අසාධාරණයි. අපි මේ රටවල සැප විඳිනවා නෙමෙයි. අපි ගෙවන ජීවිත ගැන දන්නේ අපි පමණි (නි)
අජිත් කුමාර එවකට මන්ත්‍රී මොර දුන්නා කිඹුල් කඳුළු හෙළුව ද්විත්ව පුරවැසි භාවය ගැන එදා ...මොනවා වුනත් පැවති රජය තුන්දෙනකුගේ පවුලකටම අය කලේ ලක්ෂ 3,....(.300000 ) ඉතින් හෙන ගහනවා එක අයෙකුගෙන් 500000 ගන්න යෝජනා කරපු එකට , ළඟ එන මැතිවරණය බලාගෙන ...උතුවන්කන්දේ සූර සරදියෙල් ක්‍රමයේ බජට් එක කවර් කරන්න කාගේ හරි බෙල්ල මිරිකනවා (බ)
හොඳ වැඩේ. එයාලා රටම ඉන්න එක හොඳයි. (නි)
මේ සංවාද මණ්ඩපයට පැමිණි බොහෝ දෙනා, තම "සිංහල" අනන්‍යතාවය මනාව පිළිබිඹු කරමින්, බොහෝ දෑ ලියා ඇති හෙයින් මම කිසිත් නොලියන්නෙමි (නි)
හිතට සෑහෙන කණගාටුවක් එනවා මෙතන අදහස් දාලා ඉන්න ගොඩක් අයගේ හිතන විදිය දැක්කහම. (නි)
හොඳ වැඩේ කඩේ ගිය අයට (නි)
තමන්ගේ වරප්‍රසාද හදාගන්න තමයි ඔක්කොම දඟලන්නේ. නැතුව රටට ආදරේට නෙමෙයි. (නි)
මම කලින් කියූදේටම පොඩි දෙයක් එකතු කරන්නම්. ගන්න පඩිය ගැන විතරක් හිතලා තීරණ වලට එන්න එපා. ඒ පඩියෙන් ගොඩක් දේවල් වලට කැපිලා අතට එන ගණනත් එතනින් අමාරුවෙන් ඉතුරුකරලා ඒකෙන් ලංකාවට එවන ගාන ගැනත් ඔක්කොම හිතලා කතා කළා නම් ගොඩක් දේවල් තේරේවි. (නි)
සෑම රජයක්ම විදේශිය ආයෝජකයින් දිරිමත් කරන්න වැඩපිලිවෙලවල් සහ බදු සහන ආදිය ගේනවා. ඒනිසා රටට ගොඩාක්ම ආදරේ නම් පූර්ණ වශයෙන් විදේශිකයෙක් බවට පත් වෙලා අපේ රටේ ආයෝජනය කරන්න එන එක බොහොම වාසිදායක වේවි. ඉතින් ඒ නිසා මම හිතන්නෙ රටට සේවය කරන්න සහ රටට ගොඩාක් ආදරෙන් ආයෝජනය කරන්න ඉන්නවා නම් ඒ අය අපේ රටේ පුරවැසිකම අයින්ම කරගෙන ඒ රටවල පුරවැසියන් විදියට එනවා නම් ඒක හොදයි. (ර)
හැම දෙයම ගෙවන්න තියෙන ගණනෙන් මනින්න හොඳ නැහැ. පිටරට ගිහින් වැඩ කරන්නේ ලංකාව දියුණු කරන්න නෙමෙයි. ඒ රටවල් දියුණුකරන්න. කොච්චර ලංකාවට හිතවත් කිව්වත් පිටරට පදිංචිවෙලා ඉන්න අය ලංකාවේ අපේම අය ගැන හිතන්නේ සුද්දන්ටත් වඩා අන්ත විදිහට. ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් උදව් කරාට තව එකෙක්ට නැගිටින්න උදව් කරන අය හරි අඩුයි. ගොඩක් අය උදව් කියලා කරන්නේ මොකක් හරි දෙයක් පරිත්‍යාග කරන එක. (ර)
යහමින් සල්ලි ඇති පිටරටියන්ගෙන් මේ මුදල අයකර රටේ දුප්පත් ජනතාවට බෙදා දෙන මෙම යෝජනාවට ඉතාලියේ බොහෝ දෙනා කැමතියි. (ර)
2003 මා සමඟ මගේ බිරිඳ සහ එක් දරුවකු ලංකාවේ පුරවැසිබව ලබාගන්න රුපියල් ලක්ෂ තුනක් රජයට ගෙව්වා.එක් අයෙකු වෙනුවෙන් ලක්ෂ 5 ඉතාමත් විශාල මුදලක්. (නි)
ද්විත්ව පුරවැසිකම සම්පුර්ණයෙන්ම තහනම් කරන්න. මම ඉන්නෙත් පිටරටක (නි)
රටේ ආර්ථිකය රැකෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කරනා මෙහෙවර නිසයි . (නි)
ලංකාවේ බහුතරයකට නීත්‍යානුකූල නොවන ක්‍රමයට ( ධීවර යාත්‍රා ) ඕස්ට්‍රේලියා යන්න ලක්ෂ 10 ත් 20 ත් අතර ගෙවා, යන්නට ලැබුනොත් ලංකාව පාවාදී වීසා ලබා, එහි පුරවැසිකම ගන්නට පුළුවන් නම්, නැවත අහිමි වූ ලංකාවේ පුරවැසිබාවය ගන්නට ලක්ෂ 5ක් ගෙවුවාට කමක් නැහැ (නි)
චමිල ,ඔය කියන වගන්ති තිබෙන රට කුමක්ද ? මම දන්නා එහෙම යුරෝපා රටක් නැහැ (නි)
මේ ගණන වැඩි නැහැ. තමන්ගේ රටේ පුරවැසිකම වටින්නේ රටට ආදරේ කෙනාටයි. රටට ආදරේ නැති අය නොගෙන ඉන්න. (නි)
නිලුගේ කතාවට සම්පුර්ණයෙන්ම එකඟයි. (නි)
ඔය කොච්චර බැන්නත් අපේ කට්ටිය අවස්ථාවක් ආවොත් ඕස්ට්‍රේලියාවට නොගිහින් ඉඳියිද? තමන්ගේ යටි හිත පිළිගන්නේ නැහැ, ඒ මිනිස්සු එහෙ අපිට වැඩිය මොනවාහරි සල්ලියක් හම්බකරන එකට පොඩි ඊර්ෂ්‍යාවක් තිබෙනවා කියලා. දේශප්‍රේමය විදියට එළියට එන්නේ ඔන්න ඕක. (නි)
රටට විදේශ විනිමය විශාල වශයෙන් ගෙනෙන විදේශවාසී ලාංකිකයන්ගෙන් මෙවැනි අතිවිශාල මුදලක් ගැනීම ඉතාමත් අසාධාරණයි.එතෙර වසන අය බොහොම දුක්විඳින ජනතාවක් කියලා කවුරුවත් හිතන්නේ නැහැ. හැමෝම හිතන්නේ රජසැප විඳින අය කියලා. අවුරුදු කීපයකට වරක් ලංකාවට ඇවිල්ලා සියලු සේසත වියදම් කරන්නේ විඳින දුක් ටිකක්හරි අමතක කරලා සතුටින් ඉන්න. නමුත් දකින අය හිතන්නේ අපි රජවරු කියලා. ඉතාමත් දුක්ඛදායකයි. (නි)
පසුගිය අවුරුදු වල වැඩිම ආදායම ලැබුනෙත් අපෙන්. ගණන වැඩියි. ඕක ඉස්සරහට අඩුකරයි (නි)
අජිත් හරියටම හරි අජිත්. (නි)
සමහරුන්ගේ අදහස් නිකන් පිටරට ගිය මිනිසුන්ට හොඳ වැඩේ කියන්න වගේ. (නි)
ලක්ෂ 5 කියන්නේ පිටරට සල්ලි වලින් සුළු දෙයක්. ඉපදෙනකොට ලංකාවේ ඉඳලා ඊටපස්සේ රට ගියා නම්, හිතන්න මේක රටට කරන සේවයක් කියලා. මැද පෙරදිග ඉන්න අයට මොනවද ලැබෙන්නේ? (නි)
සිදුවන සිදුවීම් වලින් බොහෝ දේ තේරෙනවා. (නි)
සමහරු කුහකත්වයෙන් යුතු ප්‍රතිචාර දමා තිබෙනවා පිටරට ඉන්න අය ගැන.ලංකාවේ බොහොමයක් පෙළෙනවා මේ ළදරු හා කුහක මානසිකත්වයෙන්. ලංකාවේ නිකන් ඉන්න අයට වඩා අපි රටට වැඩක් කරනවා. (නි)
මේක සාමාන්‍ය දෙයක් ලංකාවේ මිනිසුන්ට. ලංකාවේ ඉන්න මිනිස්සු හරියට ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. ලෝකය ගැන හරි අවබෝධයක් නැහැ. රට ගිය පළියට රජවෙන්නේ නැති බව දන්නේ නැහැ. පිටරටකට යන්න අවස්ථාවක් නොලැබුණු අය ඊර්ෂ්‍යාවෙන් කියන දේවල් මේ. (නි)
නිදහස් අධ්‍යාපනයේ ණය මේ වෙනකොට දෙතුන් ගුණයකටත් වැඩිය ගෙවා තිබෙනවා.ඉදිරියටත් ගෙවමින් පවතිනවා. රටෙන් පිට හිටියත් ඔය රට ඇතුළේ ඉන්න සමහරු වගේ අපි රටට ණය නැහැ. රටෙන් පිට ඉන්න අයට තර්ක විතර්ක දාන අය මතක තබාගන්න, මේ වනවිට අපි රටට ණය ගෙවලා හමාරයි කියලා. දැන් ඉටුකරන්නේ යුතුකම්. (නි)
ඕක මහා ලොකු ගානක් නෙමෙයි (නි)
ලක්ෂ ගණනින් පිටරට වලට ගෙවලා එහෙ පුරවැසිකම ගන්න පුළුවන් නම් ඊට වැඩිය පොඩ්ඩක් හරි අඩුවෙන් තමන්ගේ රටට දුන්නහම මොකද වෙන්නේ? හම්බකරන සල්ලි එවන්නේ රටට ආදරේට නෙමෙයිනෙ, තමන්ගේ පවුලේ අයගේ වියදමටනේ. ලංකාවට ඔයතරම් ආදරේ නම් මොන එහෙකටද ඒ පුරවැසිකම එපා කියලා වෙන රටක එකක් ගන්නේ? (නි)
අනේ! මම නම් ලක්ෂ පහ නෙමෙයි, ඊට අඩුවෙන් දුන්නත් ගන්නේ නැහැ. උපදිනකොටම අරගෙන ආ දේ නැතිකරගන්න අපි දේශද්‍රෝහියෝද? දැන් ඉන්න රටේ පුරවැසිකම ගන්න මගේ කැමැත්ත විතරයි උවමනා වුණේ. (නි)
ලංකාවට ආදරේ නම් පිටරටට යන්නේ මොකටද? (නි)
අපි නිදහස් අධ්‍යාපනයෙන් ලත් දැනුමට වන්දියක් හැටියට සළකලා හිත හදාගන්න තමයි තියෙන්නේ. එක්කෝ මේ ගාන ගෙවලා ද්විත්ව පුරවැසිකම ගන්නවා, ගාන වැඩිනම් නිකම් ඉන්නවා මිසක් මේ ගැන දොස් කියලා වැඩක් නැහැ.මීට වසර විස්සකට විතර පෙර ඕස්ට්‍රේලියාවෙන් නොමිලේ දුන් රෙසිඩන්ට් රිටර්න් වීසා එකට ඩොලර් සියගණන් අයකරනකොට කවුරුවත් ඒක ගාන වැඩියි කියලා ලංකාවට නොගිහින් හිටියද?? (නි)
පිටරටක ආවට කොච්චර අමාරුවෙන් ජීවත්වෙනවද කියලා දන්නේ ඒ අය. ලංකාවට උදව් කරන අය ගොඩාක් ඉන්නවා. ඒ අය ලංකාවේ ආයෝජනය කරන්න පෙළඹුනොත් ලක්ෂ 5කට වැඩිය දෙයි. ඒත් පවුලේ 3-4ක් ඉන්නකොට ලක්ෂ 20 ක් දුන්නහම කොහොමද තව ආයෝජනයක් කරන්නේ? පිටරටක ඉන්න කෙනෙක් ආයෝජනයක් කළහම ලංකාවට සල්ලි විතරක් නෙමෙයි රැකියා හා තාක්ෂණයත් ලැබෙනවා. (නි)
හැම කෙනාගේම හිතේ ඉරිසියාව තියෙනවා.`සමහර අයට ඒවා හිතේ තියාගෙන ඉන්න අපහසුය. (ර)
ප්‍රශ්නයක් නැහැ. මට එපා (නි)
සම්පත්, ඔයා හරි. ඒවාට සුදුසුකම් නැති අය ඒ තමන්ට නැතිකමට කියන කතා.ඔය ඊර්ෂ්‍යාව. (නි)
නිකන්වත් මට එපා ඔය පුරවැසිකම !! (නි)
අපි අපේ රටට ආදරය නැතුව පිටරට ඇවිත් ඉන්නවා නෙමෙයි. ඔය එක දේශපාලුවෙක්වත් අපේ සුදුසුකම් වලට රැකියාවක් දුන්නේ නැති නිසා අපි මෙහෙ ඇවිල්ලා වැඩ කරනවා. අපි ලංකාවේ හිටියා නම් අපේ දරුවන්ට කන්න අඳින්න දෙන්නේ ඔය ලක්ෂ 5 මදි කියලා කියන අයද? (නි)
අපි ලක්ෂ ගණන් විදේශ විනිමය ලංකාවට එවනවා. ගියේ ළමයින්ට උගන්වන්න සහ අපේ උගත්කමට හරියන ආදායමක් ලබාගන්න. මගේ ළමයාව ආදි ශිෂ්‍ය ලැයිස්තුවෙන්වත් පාසලට දාගන්න බැරිවුණා. අපිව යන තැනකට වැඩ සිද්ධවුණා (නි)
රජය මේ ගාස්තුව ගැන නැවත සළකා බැලිය යුතුයි. පිටරට ඉන්න අපි නිතරම අපේ පවුල් වල අයට ලංකාවට සල්ලි එවනවා. පවුලේ 4 දෙනාට මම ලක්ෂ 20ක් ගෙවිය යුතුයි. නිවාසය සදහා බැංකු ණය ගෙවන ගමන් මෙහෙ ලක්ෂ විස්සක් ඉතුරු කිරීමයි අමාරු. ඉන්දියාවේ අයට ඉතාම අඩු මුදලකට ද්විත්ව පුරවැසිබව දෙනවා (නි)
තාරක කියන එක සම්පුර්ණයෙන් හරි. (නි)
ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් බලාගැනීමට හැකියාව ලැබෙයි. (නි)
ඕනෑම නම් ගෙවලා ගන්න. නැත්නම් සල්ලි ටික ළඟ තියාගෙන ඉන්න. අපේ රට ගැන තීරන ගන්න ඕනෑ අපේ රටේ පුරවැසියො මිස වෙන රටක පුරවැසිභාවය වෙනුවෙන් ලංකාවෙ පුරවැසිභාවය නැති කරගත් විදේශිකයො නෙමෙයි.මේක ඒ අයට දෙන අවස්ථාවක් විතරයි, බලකිරීමක් නෙමෙයි. (නි)
සද්ද නොකර දෙන දේ අරගෙන සැනසෙන්න. (නි)
මෙහෙම කළොත් නම් ලංකාවට ලැබෙන විදේශ විනිමය නැතිවේවි. මම දන්නා තරමින් මෙහෙ සෑහෙන ගානක් ලාංකිකයන් ද්විත්ව පුරවැසිබව ගන්න බලාගෙන ඉන්නවා. ලංකාවට ආවේ නැහැ කියලා සමහරුන්ට කිසිම පාඩුවක් නැහැ. දෙමාපියන් පවා මෙහෙ ගෙන්වාගෙන. (නි)
අපි ශිෂ්‍යයින් කාලයේත් ලංකාවට මෙහෙ සුළු රැකියා කරලා සල්ලි එව්වා. ලංකාවේ ජීවත්වෙන සමහරු වගේ රස්සා නැහැ කියලා ආණ්ඩුවට බැන බැන ගෙදර නිදාගෙන හිටියේ නැහැ. (නි)
අපිට ලංකාව ඕනෑම නැහැ (නි)
විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් ගැන ශ්‍රී ලංකාවාසී සමහර පිරිසක් බලන්නේ ඊර්ෂ්‍යාවෙන් සහ කුහක සිතින්. (නි)
මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම නම් කියන්නේ තවත් මේ ගාන වැඩි කරන්න ඕනේ. එතකොට තමා එ්කේ අගේ තේරෙන්නේ. (නදී)
විදේශ රටක සිටින අය බොහෝ කාලයක් ද්විත්ව පුරවැසිකම සඳහා අයදුම් කිරීමට බලාගෙන සිටියා. රටට අවශ්‍ය ආයෝජන, දැනුම, තාක්ෂණය ලබාගැනීමට විදෙස් වල සිටින අය රටට ගෙන්වා ගැනීමට බලයේ සිටින රජය දක්ෂ වියයුතුය. ලාංකික දක්ෂ මිනිසුන් සිටින්නේ විදේශ රටවලය. ඕස්ට්‍රේලියාව ලෝකයේ අංක එකේ රටක් වුණේ දක්ෂ මිනිසුන්ට රට තුළට ඒමට අවස්ථාව ලබාදුන් නිසාය. (නි)
පිටරට පදිංචි වෙලා ඉන්න වැඩි හරියක් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබපු අය. මේ අයට උගන්නන්න ලංකාවේ මිනිස්සු බදු ගෙවල තියෙනවා රුපියල ලක්ෂ පහකට වැඩිය. ලක්ෂ පහක් ගත්තට කමක් නැහැ. හොද ඉක්මන් ක්‍රම වේදයක් හදන්ට ඕනා. හොද ගානක් ලංකාවට තියෙන නය ටික්කක්වත් ගෙවන්න (නදී)
පුරවැසිභාවය තියෙන අයත් වෙන රටක පුරවැසිභාවය ගන්නවා නම් මේ මුදල ගෙවන්න වෙන එක හරිම අසාදාරනයි. රජයක් මුදල් උපයන ක්‍රමයක් විය යුතු දෙයක් නෙවේ මේක. ඉන්දියාවෙ දෙන්නෙත් රු.30000 වනි මුදලක්. (නදී)
පතිරණ, මෙතන ඇත්තේ රැකියාවට යන කට්ටිය ගැන නෙමෙයි. පිටරටක පුරවැසිකම ලබාගන්නේ ලංකාව එපා නිසා නොවෙයිද? ලංකාවේ මහජන මුදල් වලින් ඉපදිලා, එතැන්සිට සියලු දේ ලබාගෙන, අවශ්‍ය පළපුරුද්ද ලබාගත් පසු, වෙන රටකට යන මිනිසුන්ගෙන් කීදෙනෙක් මසකට ලංකාවට සල්ලි එවනවද? ප්‍රායෝගිකව සිතා බලන්න (නි)
මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 20 ක් හම්බකරන එක ලොකු වැඩක් නොවුනට ලක්ෂ 20ක් ඉතුරු කරන එක ලොකු වැඩක්. මට පවුලේ 4 දෙනෙක් ඉන්නවා ලක්ෂ 20 ක් ගෙවන්න වෙනවා. මම හැම මාසෙම 50,000 ක් ලංකාවට යවනවා මේ වෙනකොට අම්මල තාත්තලට. ඕකෙන් වෙන්නේ ලංකාවේ තියන අපේ දේවල් විකුණලා සල්ලි ටික මෙහාට අරගෙන එන එක. අපි ද්විත්ව පුරවැසි කම අරන් ජීවිතේ අන්තිම කාලේ ලංකාවට ආවත් එන්නේ ලොකු මුදලක් එක්ක කියන එක කාටවත් තේරෙන්නේ නෑ. (නදී)
ද්විත්ව පුරවැසිභාවයක් ගන්නේ ලංකාවට තියන අදරයටම නෙවේ, වයසට ගිහින් ලංකාවේ මැරෙන්නයි. (නදී)
රාජාගේ කතාව හරි, අපි පිටරට ඉඳල ලංකාවේ යුද්දෙට ආධාර කරා. පිකටින් කරා. ලංකාවේ සමහර අය නොකරන දේවල් කරා. (නදී)
මේ සිද්ධිය ලංකාවේ හැම තැනම දකින්න පුළුවන් දෙයක්. හිතං ඉන්නේ රට ඉන්න මිනිස්සුන්ට විසි කරන්න සල්ලි තියෙනවා කියලා. ඒ වගේ රට ඉදල අවහම යාළුවො නෑදෑයොත් හිතන්නේ අපි ඒ ගොල්ලන්ගේ සියලුම ප්‍රශ්න විසදන්න මුදල් දෙන්න ඕන කියලා. එ්ක වැරදි මතයක්. රට ඉන්න සියල්ලන්ටම එලෙස මුදල් නැහැ. ද්විත්ව පුරවැසි භාවය ආදායම් මාර්ගයක් කරගන්නේ නැතිව ඒ සදහා ලංකාවේ රජයට යන වියදම ගත්තා නම් ඇති. මොකද පුද්ගලයෙක් ද්විත්ව පුරවැසි භාවය ගන්නේ ලංකාව ගැන තම පවුල ගැන ආදරයක් තියෙන නිසා ලංකාවත් එක්ක සම්බන්දතා තියාගන්න. ලංකාවට අපිව එපානම් ලංකාව අපිට 1000 වාරයක් එපා. (නදී)
කමක් නැහැ. ලංකාවේ තෙල් මිල අඩු කළානේ. අනික දැන් තියෙන්නේ ආශ්චර්යය නෙමෙයි යහපාලනය (නි)
කුහක කම, ඉරිසියාව, රට ඉන්න මිනිස්සු එක්ක තියෙන වෛරය අත හැරලා එ් සඳහා වන වියදම විතරක් ගන්න. උපරිම රු 30,000 -50,000 ගත්තහම ඇති. ද්විත්ව පුරවැසි භාවය දෙන්න කලින් හොදට හොයල බලල දෙන්න ඕන. ඔවුනට දේශපාලන , අලුතෙන් ඉඩම් ගැනීම , ආගම් ප්‍රචාර වැනි දෑ කිරීමේදී දැඩි නීති පද්දතියක් තිබුනොත් හොදයි. වෛරයෙන් බලන්න එපා. ඔවුනුත් රටට ආදරේ මිනිස්සු. (නදී)
ඔය ලංකාවෙ ද්වේශයෙන් කතා කරන අය දන්නවද ඕස්ට්‍රේලියාවෙ පුරවැසිභාවය දීමට අය කරන මුදල. මේක වෙලද භාන්ඩයක් නෙවේ සල්පිලක් වගේ වෙන්දේසි කරන්න. වෙන කිසිම රටක් මේ වගේ කරන්නෙ නෑ. මේකට සුදුසු අයට මුද්දර ගස්තු හා පරිපාලන ගාස්තුවක් විතරක් අය කර ගැනීමයි විය යුතු දේ. (නදී)
යහපත් පාලනයක්ද ඔය ගෙවන්නේ? (නි)
ගොඩක් අයට හරි ඊර්ෂ්‍යාවක් තියෙන්නේ රට ඉන්න අය ගැන. ඔහොමම ඊර්ෂ්‍යා කර කර ඉන්න. (නි)
අනේ,ඕකද යහපලානය කියන්නේ? මගේ මිතුරියක් මම ඉන්න රටේ සුදු මහත්තයෙක් සමඟ විවාහ වී දැන් වසර 30 ක් වෙනවා. එයාට දරු 3 දෙනෙකුත් ඉන්නවා.ඇය ලංකාවේ ඉන්න ඇගේ සිය පවුලටම කන්න අඳින්න,ලෙඩට දුකට පිහිටවෙනවා.මේ මිතුරිය ඉතාම දුක්බර ජීවිතයක් ගෙවන්නේ. මහත්තයෝ, මේ වගකීම් සියල්ලත් බාරගන්න. මේ වගේ ලංකාවෙන් ඇවිල්ලා ඉන්න අය තව ගොඩක් ඉන්නවා. එයාලා ලංකාවට හැම මාසෙයක් ගානෙම සැමියාටත් හොරෙන් සල්ලි ලංකාවට අරිනවා.අපිත් අපේ මවුබිමට ආදරෙයි. අපිට ඔහොම කරන්න එපා (නි)
ද්විත්ව පුරවැසිකම දීම අහෝසිකළේ හේතු ඇතුව. මේගොල්ලෝ ඔහේ අඳුරේ අතපත ගානවා. (නි)
ඕස්ට්‍රේලියාවේ එස්.පී.යු.ආර් වගේ සිංහල සවිධාන නොවෙන්නට අපේ කොටි මල්ලිලා තාමත් වැඩ. (නදී)
නියමයි, විශිෂ්ටයි. මේක තමයි යහපාලනය. තව දෙමු (නදී)
මේක හොද ක්‍රියාවක්. මොකටද අපි කොහෙවත් රටක පුර වැසියෙක් වෙන්නේ ශ්‍රී ලාකික කම නැතිකරගෙන. ඇමෙරිකාවේ හෝ එංගලන්තේ හෝ ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ ඉන්න අපේ අයට අද අමතක වෙලා. මේක පරගැති කමට හොඳ ගාස්තුවක්. ඒ වගේ රටක පුරවැසි කමක් ගන්න අපේ කට්ටිය ඕනම කට්ටක් කනවා. මෙහෙම ගාස්තුවක් අය කරනකොට නම් හරියට වදිනවා. එතකොට තමයි ජාතික අාලය මතක් වෙන්නේ (නදී)
පිටරටවල ඉන්න අය කියන්නෙ ගණන වැඩියි කියලා. ලංකාවෙ ඉන්න අය කියන්නෙ තව සල්ලි ගන්න කියලා. තවත් අය කියන්නෙ නොමිලයේ ඉගෙනගත් නිසා ඒවාටත් එක්ක ගෙවන්න කියලා. සමහරුන්ට මතක නැතුව ඇති යුද්ධය කාලෙ වගේම සුනාමි, ගංවතුර , සහ වෙනත් අදාළ අවස්ථා වල ආණ්ඩුව හිතන්නත් කලින් ලක්ෂ ගණන් මුදල් වගේම කන්ටේනර් ගණන් බඩු ( කුඩු නෙවෙයි ) සහනධාර ලෙස එව්වෙ සුද්දො නෙමෙයි රටට ආදරේ ශ්‍රී ලාංකිකයො කියලා. (නි)
පවුලේ සාමාජිකයන් 4 දෙනෙක් නම් ලක්ෂ 5 සාධාරණයි. අපි ලංකාවට විදේස විනිමය ගෙනෙනවා. තවද ලංකාවට ආවිට වියදම් කරන්නේ ලංකාවට. අපි කවුරුත් ලංකාවට ආදරෙයි. යහපත් පාලනය හරහා සෑම කෙනෙක්ම බලා ඉන්නේ මෙයට සාධාරණයක් වේයැයි කියා. (නි)
මම ඉපදුන රටේ පුරවැසිබව ගන්න යූරෝ 3400 ක් ගන්නවලු. රැකියාව සඳහා ඉතාලියට පැමිණි මගෙන් මෙහේ ආණ්ඩුව ගත්තේ යූරෝ 16 ක මුද්දරයක් විතරයි. (නි)
කොහොමත් තමන්ගේම කෙනාට ඊර්ෂ්‍යා කරන එක අපේ ලාංකික බොහෝදෙනාගේ පුරුද්දනේ.අපි පිටරටවල සැපවිඳින එක ගැන බොහොම ද්වේශයෙන් කතා කරලා තියෙන්නේ ඒ නිසා.අපි පිට රටවල ඉඳලා හම්බකරන මුදල් ලංකාවට එවන බව මතක තියාගන්න.අපි මේ රටවලට වෙලා බොහොම දුක්මහන්සිවෙලා තමයි හම්බකරන්නේ. ලංකාවේ ද්විත්ව පුරවැසිබව තිබුනා කියලා අපිට මහලොකු දෙයක් ලැබෙනවට නෙමෙයි.ඉපදුන රටේ පුරවැසිබව බලෙන්ම නැතිකරලා අපේ කෝටි ගණන් විදේශ විනිමයත් අරගෙන,විදේශ විනිමය එවන අයට කිසිම සහනයක් නොදී ඒ මදිවාට තව ලක්ෂ පහකුත් ඉල්ලනවා. (නි)
ඇයි මෙච්චර ඊර්ෂ්‍යාවක් අපේ මිනිස්සු අතර? අම්මෝ! හරි පුදුමයි. මෙයාලා ද්විත්ව පුරවැසිබව ගත්තොත් ලංකාවේ ආයෝජනය කරයි. එතකොට පිටරට මුදල් ලංකාවට එනවා. අනික මේ රට හැදුනොත් විශාල පිරිසක් ලංකාවට එනවා. එ්කෙන් රට දියුණු වෙනවා. අනික රට ගිහින් ඉන්න අය ඉන්නේ තමන්ගේ දක්ෂතාවයට හා වීර්යයට. ඒකට අපි කවුරුත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. අපි එකතුවෙලා මේක ගොඩනඟමු. එතකොට අපේ දරුවන් සතුටින් මේ රටේ ජීවත්වෙයි. (නි)
දැන් ඕස්ට්‍රෙිලියාවේ පුරවැසිකමට කියක් අයකරනවද කියමු බලන්න. කවුරැවත් කියා නැනේ එතකොට මෙහේ අයකරන ගාන අතර සන්සනදනය කරලා බලන්න පිටරට ඉන්න අය කියන්න තමන් ඉන්න රටෙි පුරවැසිකම ගන්න කියක් වියදමි උනාද?(දිල්)
පිටරට ඉන්න අය වැඩකරලා තමයි සැප විඳින්නේ. මම රෙන්ට් එකට ඉදලත් ලංකාවට සල්ලි එවනවා . ගිය මාසේ රෝහලකට ඒ.සී එකක් දුන්නා. ළමයින්ට ශිෂ්‍යත්ව, පන්සලට, රෝගීන්ට මුදල්, මෙහෙ විසා ගාස්තුවත් මෙච්චර නැහැ. ඕස්ට්‍රේලියාව පුරවැසියන්ව හොදට බලාගන්නවා. ලක්ෂ 20 දුන්නත් පාඩු නැහැ. (නදී)
දැන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිකමට කීයක් අයකරනවද කියමු බලන්න. කවුරුවත් කියා නැහැනේ එතකොට මෙහේ අයකරන ගාන අතර සන්සනදනය කරලා බලන්න පුලුවන්. පිටරට ඉන්න අය කියන්න තමන් ඉන්න රටෙි පුරවැසිකම ගන්න කියක් වියදම් උනාද? (නදී)
අපිවත් යුරෝපීය රටකට යවන්නකෝ. එතකොට අපිත් ලක්ෂ පහ නෙමෙයි දහයක් දෙන්නම්. මොකද එහෙ ගිහින් හොයන සල්ලි ඔක්කොම අපේ රටටනේ (නි)
ඉන්දියාව ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන රටක්ද? (නි)
බහුතරයක් කුහක ආත්මාර්ථකාමී මිනිසුන් පිරුණු ලොව වාසනාවන්තම රටේ පුරවැසිබව ගන්න මෙච්චර ලොකු මුදලක් ගෙවන්න වුණේ අපේ අවාසනාවටද? (නි)
මෙහි ඇති ප්‍රතිචාර දෙස බැලීමේදී හොඳින් පෙනී න්නේ ලංකාවේ සමහර අය පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයින් ගැන වපර ඇසින් බලන බවයි. ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට රැකියාව සඳහා යන්නේ ශ්‍රී ලංකාව එපාවී නොවන බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අයටත් වඩා ඇලුම් කරන බවත් මම අත්දැකීමෙන් දනිමි. අපි යම් දිනයක "අපේ රට " කියා මව්බිමට සදාකාලිකව පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින නියම ශ්‍රී ලාංකිකයෝ වෙමු. (නි)
රටට ආදරය කරන අහිංසක දුප්පත් මිනිස්සු ලොව පුරා සිටිනවා. ඔහුන් යහපාලනයක් පැතුවා. හැකි පමණින් සහයෝගය දුන්නා. ඔවුන්ට රටේ පුරවැසියන් වීමේ අවස්ථාව අහුරන්න එපා. ජනපතිතුමනි, අගමැතිතුමනි කරුණාකර නැවත සිතා බලන්න. (නි)
අපි ෆේස්බූක් එකෙන් ජනතාව දැනුවත් කරලා වෙනසක් කරන්න උදව් කළාට 3000 වැඩිකරලා?? අපි ලංකාවට සල්ලි එවනවා. ලංකාවේ අසරණ ළමයින්ට,ලෙඩුන්ට උදව් කරනවා. එහෙම කරලා නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවනවා. (නි)
ද්විත්ව පුරවැසිකම ඉල්ලන්නේ රටට ආදරේ ඇති ඇය. අනික් අය එක්කෝ නිකම්ම ඉන්නවා එහෙම නැතිනම් සරණාගත පිටින් දාලා ලංකාවේ පාස්පෝර්ට් නැතිවුන බව පෙන්නලා රටවල් දෙකකම පුරවැසිකම හොරට තියාගන්නවා. අන්න ඒ අය තමා ඔය කියන විපත්ති වලට වැඩියම මුල් වුනේ. සමහරු බලු වැඩ කලා තමයි. එ් නිසයි මේ ද්විත්ව පුරවැසිකම ගිය රජයෙන් නැවත්වුයේ. හරි පාරේ ගිය අය අදත් රටට නියම විදිහට සලකනවා. ඒත් අපේ ආයෝජනත් විදේශ විනිමයත් අනවශ්‍ය නම් ද්විත්ව පුරවැසිකම දිගටම නවත්වල දාන්න. ඒවගේම පිටරට සිටින ලාංකිකයන්ට නැවත මව්බිමට සේවය දෙන්න කියන්නත් හොඳ නෑ. මොකද, පුරවැසිකම නැතුව ඇවිත් වැඩ කරන්නත් බැහැ. එ් වෙනුවට ඔය කෑගහන අය රටට නියම සේවයක් කරන්න. එතකොට අපිට එන්න කියන්නත් ඕන නෑ (නදී)
ලක්ෂ 5 ලොකු ගානක් නෙමේ. පිටරට ඉන්න කට්ට්යට යන්න (නදී)
ඉමාශී, යුරෝපීය රටකට යන්න පාරවල් කීපයක් තියනවා. ප්‍රධාන වශයෙන්ම ඉගෙනීම හෝ රැකියා සුදුසුකම් නිසා කෙලින් පාරෙන්. එහෙම නැත්තම් සරණාගතයින් හැටියට. පළමුවැනි පාරෙන් ගියාම ලංකාවට සල්ලි ගෙවලා ද්විත්ව පුරවැසිකම අරන් ඉන් අනතුරුව යුරෝපීය රටෙත් පුරවැසිකම ගතහැකි. (දිල්)
හම්බ කරන මුදල් එවන්නෙත් ලංකාවට. අපි ලංකා පුරවැසි කම එපා කිව්වෙත් නැහැ. ඒක නතර කලේ මේ ගොල්ලන්මයි. නරකම නැහැ වැඩේ. මම හිතන්නේ මේකෙන් වෙන්නේ ලංකාවට ලාංකිකයන්ගේ තිබුණු ආදරය හින්වෙලා යයි මෙහෙම ගියොත්. (නදී)
මම හිතන්නේ මෙම මුදල වැඩි නැහැ. මොකද අපි වෙන රටක පුරවැසිබව ගන්නවා කියන්නේ ඒ රටේ ඉල්ලන ගෙවීම් කරලනේ. (නි)
ලංකාවේ ජීවත් වෙන සමහරක්ගෙ හිත් වල පුදුම වෛරයක් තියෙන්නේ රට රැකියා කරන අය ගැන. පුදුමයි ඒත් ඇත්තයි. අපි හම්බකරලා රටට දීල තියෙන හැටියට අපි රටට නෙමෙයි, රට අපිටයි ණය. උබලට කන්නත් අපිම හම්බකරල එවන්න ඕනනම් හා ඉතින්. හැමදාමත් අනුන්ගෙන් කන්නනෙ කට්ටියම බලන් ඉන්නෙ. පිංබත්තු. කාල හැදියල්ලා. දහදුක් විදගෙන මෙහෙ ඉන්නවට වඩා හොදයි රජයේ රැකියාවක් කරල පුටුවක් රත් කර කර ඉදල මාසෙ අන්තිමේට පඩිය අරන් පැත්තකට වුනානම්. (නදී)
පිටරටවල පුරවැසිකම් ගන්න ලක්ෂ නෙමෙයි මිලියන ගණන් හරි දෙන්න සූදානම් අපේ අය. අපේ රටට කීයක්හරි ඉල්ලුවහම නැති බැරිකම් කියාපානවා. (නි)
රාජපක්ෂ ආන්ඩුව ගත්තේ රුපියල් ලක්ෂ දෙකයි (නදී)
රටවල් දෙකක පුරවැසිභාවය තියාගන ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න බැරිකමට නෙමෙයි. පොඩ්ඩක් හරි මුල මතක තියන නිසා. ඒකත් එපා කරවන්නද හදන්නේ? (නි)
වෙනරටක අවුරුදු 50ක් පදිංචිවෙලා හිටියත් පුරවැසිකම ලැබෙන්නේ තමුන් ඒ සුදුසුකම් සපුරා තිබෙනවා නම් පමණයි. (නි)
සල්ලි තියාගෙන ඉන්න රටට වෙලා ඉන්න. නිදන්න තැනකුයි ගොරවන්න තැනකුයි, දෙකක් ඕන නෑනේ (නදී)
මෙයද යහ පාලනය ? (නදී)
ලක්ෂ 5 ක් දීල ශ්‍රී ලංකාවේ උපන් විදේශවල ඉන්න අය ද්විත්ව පුරවැසි කම ගනීද ? ලංකාවට එන විදේශ විනිමය ඩබල් ට්‍රිබල් කරන්න ගිහින් මොකුත්ම නැති වෙන එක වෙන්නේ කියල රවීට අපි කියනවා. මොන මගුලකටද ලංකාවට එන්නේ ලක්ෂ 5 ක් දීල පුරවැසි භාවය අරන් (නදී)
පිටරට ඉන්න අය වැඩකරලා තමයි සැප විඳින්නේ. එයාලා විදින දුක කව්රුත් දන්නේ නැහැනේ. එයාලටත් ඡන්දේ දාන්න තිබ්බා නම් මේකත් නිකම්ම දෙයි. ලංකාවේ ඔක්කොම දෙන්නේ ඡන්දේ බලාගෙන. (නදී)
1 වසරේ ඉදලා උසස් පෙළ වෙනකම් නිදහස් අධ්‍යාපනය ලබපු එකේ ණය ඔය විදියටවත් ගෙවමු නේද? ගොඩක් දේවල් ලංකාවෙන් නොමිලේ ලැබිලා තියෙනවානේ. ඒ නිසා ඇමතිතුමනි ඔය ගාස්තුව තවත් පුලුවන් නම් වැඩි කරනු මැනවි. (හේ)
එයාලා එහේ ඉඳන් සැප ගන්නයි. අපි මෙහේ බදු ගෙව ගෙව දුක් විඳින්නයි. ඇයි එයාලාට හම්බවෙන කෝටි ගණනක වැටුප් වලින් සොච්චමක් ගෙවන්න බැරි ? තව වැඩි කරන්න ඕනා ඔය මුදල. (හේ)
මෙයාට විපක්ෂයට යන්න ඕන වගේ .(හේ)
පවුල පිටින් රට ගිහින් එහෙ පුරවැසිභාවය ලබාගැනීමත්, රැකියාවකට රට ගිහින් ලංකාවට මුදල් එවීමත් කියන කාරණා දෙක අතර, ඒ අයගේ පරමාර්ථ අතර ලොකු වෙනසක් තිබෙනවා. මුදල් උපයාගෙන නැවත තම මවුබිමට එන්න බලාපොරොත්තුවෙන අයට තවත් රටක පුරවැසිකමක් මොකටද? (නි)
පිටරටවල ඉන්නෙත් අපේම මිනිස්සු. (නි)
ලක්ෂ පහ ලොකු ගානක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට. මමත් එහේ ඉන්න නිසා දන්නවා. ලංකාවට හොඳක් වෙනවා නම් කමක් නැහැ (නදී)
පිටරට ඉන්න අයට අපහාස කරන්න තරම් අපේ මිනිස්සු කුහකවෙලා (නි)
රුපියල් ලක්ෂ 5 ගෙවන්න වෙන්නේ එක අයදුම්පතකට. මුළු පවුලටම අවශ්‍ය එක අයදුම්පතයි. නැතුව පවුලේ හැම කෙනාටම ලක්ෂ 5 බැගින් නෙමෙයි. (නි)
මේක ලියන මම කෙදිනකවත් මේ රට අත්හැරයාමට නොසිතමි.මේකේ අදහස් දාලා තියන අය ඊර්ෂ්‍යාවෙන් කතා කරන්නේ.පිටරටක පුරවැසිකම තිබුනත් ඔවුන් මේ රටේ ඉපදුන මෙරටේ මුල් තිබෙන අය.මෙහෙම කරන එක අසාධාරණ වැඩක්. (නි)
යුරෝ 3400 නියමයි. තව මදි මහින්ද මහත්තයා ලක්ෂයට දෙන්න ගියේ. තව කෝල් කරලා කියන්න ලංකාවට මෛත්‍රී මහත්තයට ජන්දය දෙන්න කියා (නදී)
තමන් ඉපදුන රටේ පුරවැසිබව නැතිකරගත් කට්ටියට මේක හොඳ පාඩමක්. (නි)
රුපියල් ලක්ෂ 5ක් දීලා හරි ගන්න කැමති අය ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම්, ඉක්මන්වෙන තරමට හොඳයි. මොකද ඕස්ට්‍රේලියානු ඩොලරය තව දුරටත් පහළට වැටෙන්න ඉඩතිබෙන නිසා. (නි)
අජිත් ඔයා කොහොමද කියන්නෙ ඉන්න රටට වෙලා ඉන්න කියලා. ? ලංකාව ඔයාගෙ අප්පගෙ බූදලේද? පිට රට ඉන්න ලාංකිකයොන්ටත් ආසයි තමන්ගෙ රටේ පුරවැසිභාවයත් තියේ නම්. අනික රට ගිය පලියට සල්ලි වැක්කෙරෙන්න ගන්නව කියල හිතන්න එපා. පිට රටවල අය කන කටු දන්නෙ ඒ අය විතරයි. ඔයාට සමහර විට රටකට යන්න ලැබෙන්න නැතුව ඇති ඔය වගේ ද්වේශයකින් කතා කරන්නෙ. පිට රට ඉන්න අය ද්විත්ව පුරවැසි බව ගත්තත් නැතත් ඔයාට තියෙන අමාරුව මොකක්ද? (නදී)
අපි නම් පිටරට ආවේ කුහකයන්ගෙන් බේරෙන්නයි ද්විත්ව පුරවැසිකම ගන්න නොගන්න එක අපේ පෞද්ගලික තීරණයක්. ලංකාවේ පුරවැසිකම තියාගෙන පිටරට එක නොගෙන වීසා අලුත් කර කර ඉන්නේ මොනවා වුණත් රටට තිබෙන ආදරය නිසයි. (නි)
අජිත්, බෝට්ටුවේ ගිය අයට නම් සතයක්වත් යන්නේ නෑ. පාස්පෝර්ට් හංගල කියනවා ලංකාවෙන් ඒවා බලෙන් ගත්ත කියලා. ඒ ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාවේ පාස්පෝර්ට් එකයි ලංකාවේ එකයි දෙකම තියාගන්නවා. අන්න ඒ අයට ඔය ගොරවන කතාව කියන්න. ලක්ෂ 3.5 එක පාරටම 5ක් කරාම වදින්නේ රටට ආදරේ, ඒවගේම රටට සල්ලි එවන අයටයි. ලංකාවේ ප්‍රධාන අාදායම පිටරට ඉන්න ලාංකිකයන්ගේ සල්ලි බව අමතක කරන්න එපා. ඒ අතරට ඕස්ට්‍රේලියාවේ ඉඳලා එවන විශාල මුදලකුත් තියනවා. (නදී)
ඔස්ට්‍රේලියා ඉන්න අය විතරක් නෙමෙයි අපිත් කණගාටුව පල කරනවා. රට ඉන්න ශ්‍රී ලංකිකයන දුක් විදලා හම්බ කරන මුදල් එවන්නේ ලංකාවට. නිසා සහනයක් දුන්න නම් යහපාලනය නේද ?(හේ)
අපොයි ලක්ෂ 5 ක් හොදටම වැඩයි , මව පිය සමග ළමයි 2 ,3 ක් ඉන්න පවුලකට දරා ගන්න අමාරුයි.(හේ)
නිලූ!මහින්ද මහත්තයා ලක්ෂයට මොනවද දෙන්න ගියේ?දැන් දිවිත්ව පුරවැසිකම දීම නතර කරලත් අවුරුදු 3 කට වැඩි මිසක් අඩු නෑ!ඒ කලෙත් එක් පුද්ගලයෙක් ගෙවිය යුතු මුදල එක්ලක්ෂ විසිපන්දාහක් වුනා!ඒ අය දිවිත්ව පුරවැසිකම දීම නතර කළේ ගාන වැඩි කරන්න තමා මෙතන බොරු දේශපාලනයක් ගාවා ගන්න එපා!අන්තිමට ජනපතිවරණයට සතියක් තියෙද්දී කිව්වා බොරුවක් අපි ද්විත්ව පුරවැසිකම දෙනවා කියලා!ඔව් සමහරුන්ට රුපියල් දාහක් දෙන්න ඕනෙත් නෑ මගේ හිතේ තේරුනාද මන්ද? (හේ)
සම්පත්, ලංකාවේ ඉපදිලා කටු කන්න මොකටද පිටරට යන්නේ. ලංකාවටම වෙලා හිටියනම් ද්විත්ව පුරවැසි ගාස්තු විතරක් නෙවෙයි ගුවන් ටිකට්පත් ගාස්තු පවා ඉතුරුයිනේ. සුද්දන්ගේ ආඩම්බර බලන්නෙ නැතුව ඉන්නත් පුළුවන්.(හේ)
ඕස්ට්‍රේ්ලියාවට යන්න විසා ගන්න යනවා රුපියල් 20,000 ක්. ටිකට් එක 120,000. එපා නම් නිකන් ඉන්න. ඒ රටේ පුරවැසි බවය ගන්නේ අපිට ආදරේටද ? නර්ස් කෙනෙක් ලක්ෂ 100 උපයනවා පිට රට අවුරුද්දකට. ඉතින් ලක්ෂයක් දෙන්න බැරිද ? (නදී)
ලංකාවට ආදරේ නැත්නම්, අපි කුහකයිනං මොකටද අපි කරදර වෙන්නෙ ඕක කොච්චර වැඩි කරත්? කොච්චර මේ රටවල් වලට වෙලා ඔයාලා කියන විදිහට 'සුරසැප' වින්දත් ඔයාලාට වගේ අම්මගෙ අතින් බත් කටක් කන්න වාසනාව නෑ. අපි ලංකාවේ පුරවැසිභාවය ගන්නෙ රටට ආදරේ නිසා. ලංකාවට එන්න අපිට පුරවැසිකම ඕනෙම නෑ. අනික ඕක ගත්තා කියලා කිසිම වෙනසකුත් නෑ. අපි ඒක ගන්නෙ අපි රටට ආදරේ නිසා. නැත්නම් අපිට රජයෙන් ලැබෙන දෙයක් නෑ. (නදී)
අප්පෝ ලක්ෂ 5ක් කොහොමත් වැඩියි. නිකන් දුන්නොත් ගන්නවා. නැත්නම් එක මාසයක් ඇති ඇවිත් ඉදල යන්න දිව්ත්ව පුර වැසි කම එපා (නදී)
ලක්ෂ 10 ක් කෙරුවා නම් ගොඩක් පින්..1 වසරේ ඉදලා උසස් පෙළ වෙනකම් නිදහස් අධ්‍යාපනය ලබපු එකේ ණය ඔය විදියටවත් ගෙවමු නේද? (හේ)
සෑහෙන කුහක කමක් තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ හිත්වල. පිට රට ගිහින් තම රටේ සබදතාවය තියාගන්න මිනිස්සු වෙහෙසෙන්නේ තමන්ගේ තැනට තියන ආදරයට මිසක් වෙන දෙකට නෙමේ. ලංකාවේම ඉගෙන ගසා කන, හොරකන් කරන, අකාර්යක්ෂම ලෙස සේවය කරන බහුතරයකට වැඩිය රට ගිය ඇත්තෝ ලංකාවට සේවයක් කරනවා සල්ලි එවල, ආයෝජනය කරලා හා අාදාර හරහා. කුහක කම අත ඇරලා ප්‍රශ්න දිහා බලන්න. විශ්වවිද්‍යාල වලට යන්න බැරි උන අය පොඩ්ඩ බැරි වෙනකොට ඒ ළමයින්ට බනිනවා. ඒ වගේම රට යන්න බැරි උන අය ගිය මිනිස්සුන්ට වෛර කරනවා. (නදී)
මෙතන විරුද්ද අදහස් දාල තියනවා. රට ගිහින් සැප විඳින අය ගැන තරහක් තියන අයත් ඉන්නවා පේනවා. අපි අවුරුදු ගානක් හොයල එවපු සල්ලි වලින් තමා යුද්දේ දිව්වේ. ඒවා අමතක වෙලා කට්ටියට. අපෙනුත් බදු ගන්නවා කියන එක දන්නවද? අපිට ඔය එක දේශපාලුවෙක්වත් උදව් කරලා නෙමේ මෙහෙට ඇවිත් ඉන්නේ. දෙමව්පියෝ අඹු දරුවෝ නෑදෑයෝ යාලුවෝ අපිටත් ඉන්නවා. දුක සැප හැම දේම අපිටත් දැනෙනවා ඔයකියන අයට නැති උනාට. හැබැයි ඔය කව්රුත් අපිට දුන්නු සහනයක් නම් නෑ. අපිට පුරවැසිකම අත ඇරලා යන්ඩ වැඩ කලෙත් ඔය කට්ටියම තමා. (නදී)
අපි මෙහෙ ඉදන් ලංකාවට කරන සේවය ලංකාවේ ඉදන් ඔයාලවත් කරන්නේ නැහැ. අපිට ලංකාවේ පුරවැසිකම ගන්න පුලුවන්නම් හොඳයි. ඒත් මෙච්චර ගානක් ගෙවන්න වෙන එක හරිම අසාධාරණයි. (නදී)
ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන කවර හෝ මාර්ගයකින් මෙහෙ ඇවිල්ල ජීවත්වන අයට ඕස්ට්‍රේලියන් ඩොලර් 470 ක් ගෙවන්න අමාරුයි කියන එක විහිළුවක්. මොකද ඔච්චරම අමාරු නම් වසර කීපයකදී එකතු කරලා ගෙවන්න බැරියැ. ළමුන් ඉන්න අය එච්චර වද වෙන්න එපා. මොකද බොහෝ විට ළමුන්ට ලංකාවේ පුරවැසිභාවය වැදගත් නැතිව ඇති. එම ළමුන් ලංකාව ගැන හැගීමක් ඇත්නම් ස්ව කැමැත්තෙන් ඕක ගනී. (නදී)
මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මේක ලොකු ගානක් නෙවෙයි (නදී)
මම දැන් ඇමෙරිකාවේ අවුරුදු 5ක සිට ඉන්නවා. මට තේරෙන්නෙ නැහැ ඇයි මේ වගේ රටවල ඉන්න අය ලක්ෂ 5ක් ගෙවන්න බැහැ කියලා අඬන්නේ. ලක්ෂ 10ක් වුණත් මට නම් කමක් නැහැ (නි)
ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය දෙනවා කිවොත් ලක්ෂ 20ක් උනත් දේවි. ලංකාවේ එකට 5 ක් දෙන්න කිවම අමාරු කම කියනවා. (නදී)
වෙනත් රටක පුරවැසිකම ලබාගැනීමේදී එකග විය යුතු එකගතාවය, එහිදී කියවා එකග විය යුතු වගන්ති කියන්න පුලුවන්ද ඔබතුමාලට ? පළමු පුරවැසි භාවය ලබද්දී පළමු රටට ඇති ලැදියාව අත හරින බවටත් සමහර විට දෙවැනි පුරවැසි භාවය ලබන රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ආයුධ අතට ගැනීමට පවා එකග විය යුතුයි. එවැනි ප්‍රතිඥාවක් දී දෙවැනි රටක පුරවැසි භාවය ලබාගත් අය ලංකාවේ පුරවැසි භාවයද තබා ගනිමින් රටට කළහැකි හානිය අධෛර්මත් කිරීම ඉතා හොද දෙයක්. අපි දැක්කා පහුගිය කාලේ ද්විත්ව පුරවැසියෝ අපේ රටට කල දේවල්. (නදී)
ඕක මිලියන 1ක් උනානම් හරි. ලක්ෂ 5 කියන්නේ පොඩි ගණනක්. ලංකාව අමතක කරලා වෙන රටක පාස්පෝර්ට් එකෙන් ගරු ගාම්බිරව වැඩිය එකේ ලක්ෂ 5 මොන කජ්ජක්ද ? (නදී)
ලක්ෂ 5ක් වැඩි වුණත්, ඒක ගෙවලා ද්විත්ව පුරවැසිකම ගන්නයි හිතාගෙන හිටියේ. ඒත් මේ ප්‍රතිචාර දැක්කහම මෙහෙම අයත් එක්ක ඉන්නද ලංකාවට ආයෙත් එන්න හදන්නේ කියලා හිතෙනෙවා. (නි)
ගාන නම් වැඩි තමයි වැඩේ නම් පංකාදුයි (නදී0
මේක මහා මෝඩ අයකිරීමක්. තමන් උපයා ගත් මුදල් ශ්‍රිලංකාවේ ආයෝජනය කරන්නට කැමති ලාංකිකයෝ බොහෝ ඉන්නවා. ඒ අය දිරි ගන්වන්න ක්‍රම යොදනවා වෙනුවට තවත් බාදක පනවනවා. කලින් රජය අය කලේ ලක්ෂ දෙකයි. විදේස ජාතිකත්වයක් ඇති අයට ආයෝජනයට බදු වැඩියි. ඒ නිසා බොහෝ අය දිවිත්ව පුරවැසි භාවය නොගෙන ඉඳීවි. පාඩුව රජයටමයි. (නදී)
මොකටද ද්විත්ව පුරවැසි කම ගන්නෙ? ඔය මහ බැංකුවෙ ලොකු රස්සාවකුත් දීල තියෙන්නෙ පුරවැසි කම නැති එක්කෙනෙක්ට. පුරවැසි කම නැති වුනත් ලංකාවෙ ඕනම වැඩක් කර ගන්න පුළුවන් මැති ඇමති වරු අඳුන ගත්තම. ඔය පිට රට යන කට්ටිය නිකම් බොරුවට කෑ ගහන්නෙ නැතුව මැති ඇමති ගොල්ලට උදව් කරල අඳුන ගන්න.(නදී)
මම නම් ඉන්නේ ලංකාවේ . පිටරට ඉන්න ලාංකිකයන් ගැන සමහරුන්ගේ කුහක කම ගැන නම් ලැජ්ජයි. සමහරු පිටරට ගියේ පුද්ගලික හේතු නිසා . විවාහ වෙලා පිටරට යන්න සිදු වුන උදවිය ඉන්නවා. තවත් හේතු ඇති. එම නිසා මේ කාරණය ගැන පටු විදියට සිතිය යුතු නැහැ. (නදී)
පවුලේ සාමාජිකයන් 4 දෙනෙක් නම් (තාත්තා අම්ම සහ දරු දෙදෙනෙක්) ලක්ෂ 20 ක් ගෙවන්න වෙනවද ? (නදී)
ඔය පිටරට ඉන්න උදවියට ආඩපාලි කියන කට්ටිය හෙට උදේට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ විසා දෙනවා කිව්වා නම් උදේ 4 ඉඳලා එම්බසිය ළඟ පෝලිමේ ඉන්නේ නැද්ද බලන්න. (නදී)
පිටරට ඉන්න අයට අපහාස කරන අයට කියන්නේ. අපි දේශපාලකයෝ පස්සේ ගිහින් තාප්ප වල පාප්ප ගාල නෙවේ රස්සා හොයාගත්තේ. පුලුවන් නම් මාලදිවයිනටවත් රස්සාවකට ගිහින් පෙන්වන්න (නදී)
හේමන්ත, වගේ උදවිය ලෝකයේ කොහේ හිටියත් සතුට්න් සුවසේ ඉන්නවා. ඔබේ ඔය ධනාත්මක ආකල්පයම ඇති හිතු පැතු හැටියට දියුණු වෙන්න. අපිත් පිටරට ආවේ ලංකාව එපා නිසා නෙවෙයි. අපේ උගත්කමට සරිලන ආදායමක් සහ දරුවන්ට වැඩියෙන් අධ්‍යාපන අවස්ථා මේ රටේ ඇති නිසා. (ර)
ලක්ෂ 5 වැඩි නම් පිටරටම ඉන්න එකයි ඇත්තේ (නදී)
අනාථයින් විදියට පිටරට ගිය අයට ද්විත්ව පුරවැසිබාවය දෙන්න එපා (නි)
මෙතන කොමෙන්ට්ස් දැක්කම පේනවා ලංකාවෙ මිනිස්සු කොච්චර කුහක කමක් ඉරිසියාවක් හිතේ පුරවගත්තු ජාතියක්ද කියල. හොඳට සොයා බැලීමෙන් පස්සෙ ද්විත්ව පුරවැසි බව දුන්න කියල රට අතුලෙ මිනිස්සුන්ට පාඩුවක් නෙවෙයි, වෙන්නෙ ලාබයක් (නදී)
අපි ඉපදුනු රටේ පුරවැසිකම අපිට නැවත ලබාගන්න සිදුවෙලා. අපිට ආඩම්බරයි අද රට අලුත් වෙනසකට පත්වීම ගැන. යහපාලනයක් වෙනුවෙන් අපිත් දායක වුණා නිදිමරාගෙන ෆේස්බුක් හරහා. නොයෙක් ටීවී වැඩසටහන් වලින්. මම ඉල්ලා සිටිනවා. මෙම මුදල අඩුතරමේ ලක්ෂ 3 දක්වා අඩුකරන මෙන්. ඒක අසාධාරණ නැහැ නේද? (නි)
මෛත්‍රී පාලනයක් පවතින සමයක ලක්ෂ 5 ත් ගානක්ද? මෙතන අදහස් දමා ඇති අජිත් වැන්නන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් තව අතිරේක මුදලක් අය කලත් ගැටළුවක් ඇති වෙන එකක් නැහැ. (නදී)
මේක හරි අසාධාරන අයකිරීමක්. අපි රට ආවේ රටට ආදරේ නැතුව නෙමෙයි.මුදල් අගහිඟකමට (නි)
වැදගත්ම ප්‍රශ්නය මේක පටන් ගන්නේ කවදාද කියන එක. අපි ගොඩක් කල් ඉවසුවා. දැන්වත් පටන්ගන්න කල්නොදා. (නි)