පුරවැසි බලය සංවිධානය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය එක්ව ‘ජනවාරි අට පැතූ යහපාලනය මේකද?‘ මැයෙන් කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ සම්මන්ත්‍රණය ආරම්භයේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.
කලාකරුවකු වන මොහාන් රාජ් මඩවල මහතා සභාව මෙහෙයවමින් මුල්ම කතාව කිරීමට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට ආරාධනා කළේය. සම්මන්ත්‍රණය ආරම්භ කරද්දී මාදුළුවාවේ සෝභිත හිමියන් සිහි කරමින් විනාඩියක නිශ්ෂබ්දතාවක් පැවැත්වූයේ නැතැයි කියමින් මහජනතාව අතර සිටි පුද්ගලයකු නැගිට වාද කරන්නට විය. ඒ සමග තවත් පුද්ගලයකු නැගිට ඔහුගේ සහායට කතා කරන්නට ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
කරුණු පැහැදිලි කිරීමට මොහාන් රාජ් මඩවල මහතා උත්සාහ ගත්තද එම පුද්ගලයන් දෙදෙනාද ආවේග ශිලීව දිගින් දිගටම කතා කරන්නට වූහ.
ඒ අවස්ථාවේ නැගී සිටි රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා කීවේ සෝභිත හිමිටත් නිගා දෙන ලෙස හැසිරෙන ඔවුන්ට කැමතිනම් සභාවෙන් එළියට යා හැකි බවයි. සභාවේ විනය රැකගෙන කටයුතු කරන ලෙසත්, ශාලාව පිරෙන්නට තවත් පිරිස් සිටියත් ඔවුන්ට ගැටළුවක් නැති බවත් ඔහු කීවේය.
සභාවේ සිටි තවත් කිහිප දෙනකු කීවේ තමන් නුවර සිට සම්මන්ත්‍රණයට පැමිණි බැවින් හැකි ඉක්මණින් කතා ආරම්භ කරන ලෙසයි.
ඉන් පසු ප්‍රථම කතාව ආරම්භ කිරීමට පෙර විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කළහ.
ප්‍රථම කතාව ආරම්භ කරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ සෝභිත හිමියන්ට ගරු කිරීම විනාඩියකට සීමා කළ යුතු නැති බවයි. උන්වහන්සේට දක්වම ලොකුම ගෞරවය වන්නේ ඒ හිමියන් පැතූ සාධාරණ සමාජය ඇති කිරීමට කටයුතු කිරීම බව දේවසිරි මහතා කීවේය.
ඔහුගේ කතාවෙන් පසු ගැටළුවකින් තොරව සෙසු කථිකයෝ කතා කළහ.
සම්මන්ත්‍රණය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කෑවේ කවුද කියලා අපිට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ (නි)
බොරු වැඩ කරන්නේ නැතුව ඉන්න.(හේ)
සෝභිත හිමිගේ ගෞරවය රැකගන්න සිරිසේන මහතාට අපහසුයි . (හේ)
රස්තියාදු කාරයන්ට සාමාජිකත්වය දෙන්න එපා (බ)
සොබිත හිමියන් ජිවතුන් අතර හිටියනම් අපි වගේම කනගාටු වෙනවා හොරු , මිනීමරුවෝ ඇල්ලුවේ නැතුවට (බ)
ඇත්තටම මෙහෙම සමාජයක් තියෙනවා කියලා දැනගත්තේ අර නළු කොල්ලා අම්මා මගේ බෙල්ල මිරිකලා මැරුවනම් හොඳයි කියලා පොඩි නළු පාට් එකක් දාල හොඳටම අඬපු දවසේ... ඒකනම් හරිම ෂෝක්. අර භීෂණ කාලයේ බෝම්බයකට අහුවෙන්නේ නැතිව අම්මව මේ පුතාව බිහි කළා කියලා, කියලා දෙන්න නෑදෑයෙක්වත් නැතිව ඇති නේද? මේ නඩේටත් එහෙම කට්ටිය නැතිව ඇති නේද? (බ)
ඔබලා පතපු යහ පාලනය ඕක නැතුව වෙන මොකක්ද. (බ)
යහපාලන වෙනස ඉස්තරම් විදියට ඇඟට දැනිල වගේ ඔබතුමාලට දැන් අපිට ආචාර්ය මහාචාර්ය පට්ටම් නැති වුනාට අපිනම් ඒ දවස්වලම මේවා මේ විදියට වෙන බව දැනගෙන හිටිය මහත්තයෝ. (බ)
මේ සංවිධාන වලට නම් දාගන්නකොට අහිංසක මිනිසුන්ගේ අනන්‍යතාවය හොරාගෙන තමයි පිළිගැනීමට ලක්වෙන්න හදන්නේ. නැත්නම් මේකට පුරවැසි බලය කියලා දාගත්තේ ඇයි? (නි)
සාධාරණ සමාජ ප්‍රෝඩාව පටන් ගත්තේ සෝබිත හිමි. දැන් තත්වය දිරවා ගන්න බැරිව මරා ගන්නවා එන්ජීඕ වලින් කෝටි ගණන් සල්ලි ගත්ත තක්කඩියන් ඔය නඩේ ඉන්නේ .ඔවුන්ට යන්න වෙනම අපායක් හදන්න වේවි (බ)
මෙහෙම දේවල් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)
ඔය තාම පටන් ගත්තා විතරයි. තව ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වේවි (නි)
මේගොල්ලොනේ යහපාලනය ගෙනාවේ. දැන් ඉතින් කාටහරි මොනවාහරි කියලා ලැජ්ජාව මකාගන්න බලනවා (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඒ පොඩි වෙලාවටවත් රණ්ඩුනොවී ඉන්න බැරි හැටි (නි)
ඒ කියන්නේ ඕනෑම සංවිධානාත්මක රැස්වීමකට කඩාපාත්වෙන වෙනත් අදහස් දරන දෙතුන් දෙනෙකුට පුළුවන්ද ඒ රැස්වීම කඩාකප්පල් කරන්න? (නි)
කලින් සැළසුම් කරලා ආවා වගෙයි මට නම් පෙනෙන්නේ නම්. (නි)
අනේ හැබෑටම, මෙහෙම වැදගත් අවස්ථාවක්වත් වැදගත් විදිහට සමරන්න බැහැනේ (නි)
කොහොමටත් ඔය වගේ සංවිධාන වල ඉන්න කට්ටිය ගැන අපි හොඳට දන්නවා (නි)