දින සියයේ වැඩසටහනේ ප්‍රගතිය හා අභියෝග ගැන   පුරවැසි බලය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද (25) සවස තුනට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුම් වත් කරමින් මැතිවරණ සමයේ පුරවැසි බලය සංවිධානය රට වටා ගොස් රැස්වීම් ගණනාවක් පැවැත්වීය.

මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය හර්ෂ ද සිල්වා, කේ. ඩී. ලාල්කාන්ත, ධර්මසේන පතිරාජ, ගාමිණී වියන්ගොඩ, ඩබ්ලිව් ජයසිරි, සමන් රත්නප්‍රිය, ලුෂන් බුල්ත්සිංහල හා කේ. ඩබ්ලිව්. ජනරංජන මහත්වරු ඇතුළු පිරිසක් අද දේශන පවන්වන බව සංවිධායකයෝ කියති.