පුරවැසි බලය සංවිධානයේ සාමාජිකාවක මෙන්ම ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂිකාවක්ද වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ නිවසට පෙරදින රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, වත්තේ සිටි ගවයකු පැහැරගෙන ගොස් ඇති බවටත් පොලිසියට පැමිණිලි කර ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පුරවැසි බලයේ වේදිකාවට නගින කලාකරුවන් අතර ඇය ද කෙනකි.
සිද්ධිය ගැන ඇය මෙසේ කියන්නීය.
‘මීට දිනකට පෙර පුරවැසිබලයේ වැඩකට ගිහින් මා එද්දි රාත්‍රී ත්‍රීරෝද රථයක් මඟ රැක සිට පාර හරස් කර නැවැත්තුවා. අපි කොහොම හරි වාහනය ඉදිරියට ගෙන ආවා. ඒ ගැන පොලිසියට පැමිණිලි කළා.
අද මම අනුරාධපුර අවසන් රැලියට යන්නයි හිටියේ. නමුත් අලුයම ප්‍රහාරයක් එල්ල වුණා. වත්තේ බැඳ සිටි ගවයකු ද අරගෙන ගිහින්. අපේ පැත්තේ හරක් අයාලේ යනවා. හරක් හොරුන්ට ඕනෑ නම් පාරේ යන හරකුන් ඕනෑ තරම් ඉන්නවා. මේ දේ කළේ මා බය කරන්නයි.
2005දි මට මේ වගේ දේවල් කළා. අනෝජලට, චන්ද්‍රලේඛලට කළෙත් මේ දේම තමයි. කාන්තාවන් නිසා මෙවැනි දේ කර බය කරන්නයි උත්සාහ කරන්නේ. පොලිසියෙන් අපේ නිවසට පැමිණ පරීක්ෂණ කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙල්ගම ,සාගල , විජේසුන්දර ,සිසිර ඔය කාටත් අගෝස්තු 18 දවල් වනවිට හිස මුදුනින් මොලේ පෑදේවි. අතගාලා බලන්න හොඳේ . (අ)
හැම දේටම වැරදිකාරයා මහින්ද , මෙයාලට හිසරදයක් හැදුනත් එකට වැරදි කාරයා මහින්ද. හරක් හොරෙක් හරකා හොරකම් කළාම එකට වැරදි කාරයා මහින්ද. මටනම් හිතෙන්නේ මෙයාලට හැදිලා තියෙන්නේ මහින්ද භිතීකා නමැති මානසික රෝගය. (අ)
ස්ක්‍රිප්ට් එක නම් මරු නේ. (නදී)
විජේසුන්දර ප්‍රංශය, ඔයා ප්‍රංශයෙ ඉදලද ජාතිය ගැන බයිල ගහන්නෙ ? ඉනෝකා සත්‍යාංගනී නම් හැබැයි ලංකාවෙ ඉන්නෙ. හිනා යනවා අප්පෙ. (බ)
අනෝජාට රූකාන්තට කළ කෙනත් ඔයාගේ වේදිකාවේ (බ)
ඔය සංගමේ කොයි හරකවද අරන් ගිහින් තියෙන්නේ (බ)
චන්දනට දැන්මම හිස මුදුනින් මොලේ පෑදීලා පසාරු කරගෙනම ඇවිල්ල එහෙනං, හැබැයි අනින්ට හදන්ට එපා හොදේ!.(බ)
වෙලාවට එලදෙන්නු උස්සන එකෙක් නාවේ...(බ)
කොහොමටත් පුරවැසි බලයේ ඉන්නේ ...... ටිකක්නේ. එක ගොනෙක් නැති වුණා කියල ගණන් ගන්ට එපා, (ම)
ඉතින් නෝනෝ..අනොජලාට චන්ද්‍රලේකලාට කලේ කවුද? අපිද ..ඔය අද යහපාලානේ පෙරෙන උත්තමාවිය නේද?.(අ)
කළුවරේ අඳුර ගන්න බැරුව වෙන්න ඇති ගවයාව අරන් ගියේ..(ම)
මේ මනුස්සයා කියලා තියෙන දේ ගැන පරීක්ෂණයක් කරන්න ඕන කියලාවත් කව්රුත් කියලා නෑ. අරයගෙ කාලේ කරපු නිසා කමක් නෑ කියලනේ කියන්නේ. "ඔබලාටත් මෙවැනි කරදර ඇතිවේවා" කියලාවත් මම ප්‍රාර්ථනා කරන්නම්. එතකොට තේරෙයි (නදී)
චන්දනවද උස්සන් ගිහින් තියෙන්නේ (නදී)
ඇති මැඩම්! හරකාගේ ගාන කීයද ! රට පාවාදීල ගන්න ඩොලර් වලින් හරක් සීයක් වුණත් ගන්න බැරිය . (අ)
අනේ අපි නොදන්නා හරක් (අ)
වැරදිලා වැරදි ගවයා අරන් ගිහින්. (අ)