පිරිවෙන් අධ්‍යාපනය යළි නඟා සිටුවීමට සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමයේ දසවැනි සංවත්සරයේ දී පැවසීය.
‘පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංවිධනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ, බුද්ධ ශාසන අමාත්‍යංශයේ හා අපේ ගරුතර මහා සංගරත්නයේ උපදෙස් අනුව මේ වසර අවසානයේදී වාර්තාවක් ලබාගෙන අපිට මේ පිරිවෙන් පනත සංසෝධනය කරන්න පුළුවන්. ඒ වගේම 2018 වසරේදී ථේරවාදී සමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යනවා. 2017 දී චීන රජයේ ද සහායෙන් ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පවත්වනවා‘




COMMENTS
පහුගිය අවුරුදු 1.5 ට කළ දේ වලින් අපිට බොහෝදේ මනාව වැටහෙනවා. (නි)
පොරොන්දු කියන්නේ වචන වලට සීමා වූ දෙයක් කියලා අපි දැන් දන්නවා (නි)
අපිටත් පේනවා ඒ බව. ව්‍යවස්ථාවෙන් දීලා තියෙන තැනවත් අඩුමගානේ ලැබුනොත් හොඳයි. (නි)
බොහොම හොඳ චේතනාවක් (නි)
87 - 89 කාලය එහෙම අපිට තවම මතකයි (නි)
භික්ෂූන් වහන්සේලා විශ්ව විද්‍යාල වලින් ඉවත්කොට පිළිවෙලක් ඇතුව පිරිවෙන් අධ්‍යාපනය ලබාදී විද්වතුන් බිහිකරන්න. (නි)
ඒ වුණාට සමහරු නම් වඳින්නේ ඉන්දියාවේ තිබෙන කෝවිල් වලට (නි)
ඔය දෙනවා කියන දේ දෙනතුරු අපිට අවිශ්වාසයි (නි)
මේ ආකාරයටම සිදුවෙනවා නම් ඉතාම හොඳයි (නි)
බඩට නියම තැන දෙන්න . අපේ බඩේ ඉඩ එන්න එන්නම වැඩි වෙනවා. (ම)