
(අංජුල මහික වීරරත්න)
දිවයිනේ පිහිටි සියලුම පිරිවෙන් හා බෞද්ධ සිල්මාතා අධ්‍යයන ආයතන පරිවෙණාධිපති ආචාර්ය ස්වාමින්වහන්සේලා, සිල්මාතා ආයතනාධිපතිවරුන් සහ ක්‍රියාකාරීන්ගේ ජාතික සමුළුවක් අද (24) පනාගොඩ, ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් කාලගුණ විපර්යාස පිළබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම සමුළුවට පිරිවෙන් අධ්‍යාපන ඇමැති විජිත බේරුගොඩ මහතා ඇතුළු ආරාධිතයෝ සහභාගී වූහ.
මෙම අවස්ථාවට පිරිවෙන් 886 ක් නියෝජනය කරමින් පරිවෙනාධිපති ස්වාමීන්වහන්සේලා ඇතුළු 1000ට අධික මහා සංඝරත්නයද සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් නාස්තිය
හාමුදුරුවනේ මේවා තේරුමක් නැති වැඩ. මීට වඩා ඇස් ඇරලා බලන්න උතුම් සාසනයට සිදුවේගෙන යන විනාශය. විශ්ව විද්‍යාලවල ඉන්න සිවුරු දරාගත්ත අය බුදු දහම සානනය විනාශ කරනවා. ිඅධ්යාපන අමාත්‍යංශයට ගිහින් ආව හැටි දැක්කා නේද? තනිකරම රස්තියාදු සංස්කෘතියක්. කෝ විනය, කෝ සංවරය, කෝ ශික්ෂාකාමීත්වය. මහනුවරදි බීමතින් අශෝබන ලෙස හැසිරුණු මිනිස්සු දෙන්නෙක් පොලිස් අත්අඩාංගුවට ගත්තා. හොලා බලද්දි ඒ භික්ෂූන් දෙදෙනෙක්. මොක්කද මේ වෙන්නේ. අනිත් පැත්තෙන් තවත් හිමිවරු කාලකන්නි දේශපාලනය කරවා. මේ සියලු වැඩ කරද්දි මහ නායකවරු මර නින්දේ. අපේ බුදු දහමට ප්‍රභලම හානිය වෙන්නේ මෙවැනි රස්තියාදු චීවරධාරීන් නිසා. බෞද්දයෝ ලෙස අපිට ලැජ්ජයි. කම්පා වෙනවා අපි.