නව රජය මාධ්‍යවේදින් අතුරුදන්වීම වළක්වා මාධ්‍ය නිදහස තහවුරු කළ ද රටේ සමහර ජනමාධ්‍ය ආයතන යම් අවස්ථාවල තමා ද දේශපාලන වශයෙන් අතුරුදන් කිරිමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ දී අද (09) ප්‍රකාශ කළේය.
එක්සත් ජාතින්ගේ සැසියට සහභාගි වු තමා සම්බන්ධ අසත්‍ය තොරතුරු එක්තරා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබු බව කී ජනාධිපතිවරයා විචාරය,සංවාදය,ප්‍රබුද්ධභාවය ඇතිව සත්‍ය තොරතුරු වාර්තා කිරිමට රටේ ජනමාධ්‍ය කටයුතු කළ යුතු යැයි ද පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි අද (9) පැවති ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 60 වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි.
මෙහිදි යටියන පුෂ්පකුමාර, සුනිල් මාධව ප්‍රේමතිලක, එල්මෝ ප්‍රනාන්දු, අශෝක තිලකරත්න, අනුලා ද සිල්වා, සිරිල් විමලසුරේන්ද්‍ර, ශ්‍රියා රත්නකාර, එස්.නඩරාජා අයියර්, ආචාර්ය ලලිතා සිරිබද්දන, චින්තන ජයසේන යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යකරුවන්ට ජනාධිපතිවරයා තිළිණ ප්‍රදානය කළේය.
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ සභෘපති මුදිත කාරියකරවන යන මහත්වරු ද එහි වුහ.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කරන දෙයක් නෑ රටම රැවැට්ටුවා (බ)
සුබ පැතුම්! (නි)
සුනිල් මාධව වගේ විශිෂ්ටයෙක් දකින්න ලැබීමත් පිනක්. අපි විදේශයකට වෙලා හිටියත්, ඔබ ගැන බොහෝ වෙලාවට මතක් වෙනවා. (නි)
පිදියයුත්තන් පිදීම ඉතා උතුම් දෙයක් (නි)
අනේ පින් ඇති මහත්තයෝ, ඔය රඟපෑම් නවත්තල දැන් වත් ආපු වැඩේ පටන් ගන්නවද? පහු ගිය දවස් ටිකට රට ආපස්සට ගිහින් කියල පේන්නේ නැද්ද, නැත්තන් දැක්කේ නෑ වගේ ඉන්නවද? (බ)