නව රජය මාධ්‍යවේදින් අතුරුදන්වීම වළක්වා මාධ්‍ය නිදහස තහවුරු කළ ද රටේ සමහර ජනමාධ්‍ය ආයතන යම් අවස්ථාවල තමා ද දේශපාලන වශයෙන් අතුරුදන් කිරිමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ දී අද (09) ප්‍රකාශ කළේය.
එක්සත් ජාතින්ගේ සැසියට සහභාගි වු තමා සම්බන්ධ අසත්‍ය තොරතුරු එක්තරා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබු බව කී ජනාධිපතිවරයා විචාරය,සංවාදය,ප්‍රබුද්ධභාවය ඇතිව සත්‍ය තොරතුරු වාර්තා කිරිමට රටේ ජනමාධ්‍ය කටයුතු කළ යුතු යැයි ද පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි අද (9) පැවති ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 60 වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි.
මෙහිදි යටියන පුෂ්පකුමාර, සුනිල් මාධව ප්‍රේමතිලක, එල්මෝ ප්‍රනාන්දු, අශෝක තිලකරත්න, අනුලා ද සිල්වා, සිරිල් විමලසුරේන්ද්‍ර, ශ්‍රියා රත්නකාර, එස්.නඩරාජා අයියර්, ආචාර්ය ලලිතා සිරිබද්දන, චින්තන ජයසේන යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යකරුවන්ට ජනාධිපතිවරයා තිළිණ ප්‍රදානය කළේය.
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ සභෘපති මුදිත කාරියකරවන යන මහත්වරු ද එහි වුහ.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රවීණයෝ දස දෙනෙක් සම්මාන ලබති
ශානක Sunday, 11 October 2015 09:15 AM
මෙතුමා කරන දෙයක් නෑ රටම රැවැට්ටුවා (බ)
ඔමිල Friday, 09 October 2015 03:12 PM
සුබ පැතුම්! (නි)
ප්‍රසන්න Friday, 09 October 2015 05:11 PM
සුනිල් මාධව වගේ විශිෂ්ටයෙක් දකින්න ලැබීමත් පිනක්. අපි විදේශයකට වෙලා හිටියත්, ඔබ ගැන බොහෝ වෙලාවට මතක් වෙනවා. (නි)
කිත්සිරි Friday, 09 October 2015 07:46 PM
පිදියයුත්තන් පිදීම ඉතා උතුම් දෙයක් (නි)
රනිල් වික්‍රම Sunday, 11 October 2015 06:30 AM
අනේ පින් ඇති මහත්තයෝ, ඔය රඟපෑම් නවත්තල දැන් වත් ආපු වැඩේ පටන් ගන්නවද? පහු ගිය දවස් ටිකට රට ආපස්සට ගිහින් කියල පේන්නේ නැද්ද, නැත්තන් දැක්කේ නෑ වගේ ඉන්නවද? (බ)