IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පරවුණු මල්වල සුවඳ අතීතේ

2016-04-01-ent-21අතරමඟ බිඳ වැටුණු ආදර සම්බන්ධතා වගේම කියාගන්න බැරිව ගිලිහී ගිය ආදර කතා කොතෙක් නම් තිබෙන්නට පුළුවන්ද?

මේකත් කලා ක්ෂේත්‍රக දෙකක දෙන්නෙකුගේ කියාගන්න බැරුව දැනෙන්ට ඉඩ තැබූ කතාවක මතක සටහනක්.

ඔහු එක් කලා ක්ෂේත්‍රයක නමක් හදාගෙන ආ කාලයක්. ඇයද නමක් හදාගෙන කලා ක්ෂේත්‍රයේ පෙරළියක් කරන්නට ඉදිරියට ආ කාලයක්. ඔහු හා ඇය ක්ෂේත්‍රයේ වැඩ සඳහා නිතර මුණගැසෙනවා. කතාබහ කරනවා.

මොහුගේ හිතේ ඇය කෙරෙහි තිබෙන ආදරය, ළෙන්ගතුකම කියාගන්නට බැරිව කල් ගෙවයි. ඔන්න ඔය කාලෙම වගේ තමයි වැලන්ටයින් දින උන්මාදයක් මේ රටට එන්න පටන් ගත්තෙ. බම්බලපිටිය පැත්තෙ මල් කඩේකට ගිහිං ඔහු ඇගේ ගම්පහ නිවසට රෝසමල් පොකුරක් යවන්න කටයුතු කරනවා  වැලන්ටයින් දවසක.

උදෙන්ම යැවූ රෝසමල් කළඹට දහවල් වෙද්දීත් ප්‍රතිචාරයක් නැතිවීම නිසා ඔහුගේ හිතට නොයෙක් සිතුවිලි ගලා එන්නට විය. &අපරාදෙ... මම හදිසි වුණා වැඩිද? ඔහු ඔහුගෙන්ම ඇසුවා.

හිත එකලස් කරගන්නට බැරි තැන ඔහු මල් කඩේට ගියා.

"අර ගම්පහ ඕඩරේ යැව්වද?"

"හා ඒක අද දවස අතුළත දෙනවා මහත්තයෝ. අපේ එක්කෙනා ඉතිං බයිසිකලේ පැදගෙන යන්නත් එපායැ"

"එහෙනම් තාම මල් ටික දීලා නැහැ" ඔහු සැනසුම් සුසුමක් හෙලුවේය.

ඇගෙන් රෑ වනතුරු දුරකථ ඇමතුමක්වත් නැත.

"අපරාදෙ මම කරගත්ත මෝඩකම. කමක් නැහැ ආදරේ ප්‍රකාශ කරන්නත් අපි රිස්ක් ගන්න එපායෑ* ඔහුටම කියාගනිමින් ඔහු නින්දට ගියේ පහුවදා ඇයට කතාර කරන්නට හිතාගෙනය.

පහුවදා උදේ 10ට විතර ඔහු ඇයට කෝල් එකක් දෙනවා.

"ගුඩ් මෝනිං. කොහොමද?"

"හොඳින් ඉන්නවා. අවුලක් නැහැ" ඇය කියනවා.

"ඊයේ ඔයාට මම බඩුවක් යැව්වා ලැබුණද?"

"ආ... ඔව් ඔව් හවස්වෙලා මනුස්සයෙක් ගෙනාවා. අර පරවෙච්ච මල් ටික නේද?"


DESHAYA



අදහස් (0)

පරවුණු මල්වල සුවඳ අතීතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site