වත්තල ඒම්.ලැනරොල් මහතාගේ පරවියෝ 12 අද අනුරාධපුරයේ සිට පැය දෙකකුත් මිනිත්තු 15 කින් හසුනක් ද රැගෙන වත්තල සුපුරුදු නිවසට පියාසර කළහ.
අනුරාධපුර ඩී.ඒස්. සේනානායක විදුහලේ ගේට්ටුව අසලින් පෙරවරු 8.26 ට මුදා හැරුණූ පරවියෝ උදේ 10.45 ට වත්තල හැදල හන්දියට ළඟා වුහ.
සිංහල රජ දවස පරවියන් පණිවුඩ හුවමාරුවට යොදා ගත් බව ඉතිහාසයේ දැක්වේ. තාක්ෂණය නොදියුණු ඒදාපරවියාගෙන් පණිවුඩ හුවමාරුවට මහ මෙහවරක් කළ බව සිසුනට පෙන්වාදිම සඳහා මෙම වැඩ සටහන අද සිදු කැරිණි. අද ලංකාදිප පෙරවරු 8.26 අනුරාධපුර යනුවෙන් පරවියන්ගේ පාදයක පණිවුඩය ගැට ගසා තිබිණි.
පරවියා මතක ශක්තියෙන් ඉහළම තැනක් ගන්නා පක්ෂියෙක් යැයි විද්‍යාඥයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරවි සදෙස අලුත් වෙයි
ශාන සෞදි Thursday, 14 January 2016 05:17 AM
අළුත් වැඩක්. සුබ පැතුම්! (ම)
ලියොන් ගුණවර්ධන Wednesday, 13 January 2016 05:24 PM
ඇත්තෙන්ම පාසල් සමයේදී පරවි සංදේශය සහ ගිරා සංදේශය පොත්වල කවි ගායනා කිරීමේදී මෙම පක්ෂීන් ලවා මෙම සඳෙස් කවි යැවීම වර්ණනා කිරීම කවියාගේ නිපුණත්වයකැයි සිතුනු අතර මෙම විද්වතුන් එය සනාථ කර ඇත. ඔබ සැමට ජාතියේ ප්‍රණාමය හිමිවන අතර මෙය දැන් ලොව පුරා පැතිරෙන බව නොඅනුමානය (නි)
චමල් Wednesday, 13 January 2016 01:25 PM
මේ වගේ තරමක් විශාල පරවියන්ට ඉතා ඉහල මතකයක් තිබෙනවා. මගේ ළඟ හිටිො දෙන්නෙක්. මම කතරගම ගිහින් අත අරිනවා අවුරුද්දකට සැරයක්. ඒගොල්ලෝ මොරටුවේ ගෙදර ඇවිල්ලා ඉන්නවා අපි එනකොට. (නි)
විමලරත්න Wednesday, 13 January 2016 01:44 PM
අපෙන් සුබ පැතුම්! (නි)
බමුණු ආරච්චි Thursday, 14 January 2016 12:13 AM
අරාබියේ පරවියන්ගේ තරඟ තිබෙනවා. ජී පී එස් තාක්ෂණය මඟින් පරවියන් අත්හරින තැන සිට ඔවුන්ගේ කූඩුවලට ඇති දුර සොයාගෙන අතහැරිවිට හරියටම කූඩුවට යන වෙලාව බලාගන්නවා. ඒ සඳහා පරවියන්ගේ කරේ කුඩා ඉලෙක්ට්‍රොනික් උපකරණයක් රඳවා තිබෙනවා. පරවියා කූඩුවට ඇතුළුවෙනවිටම කූඩුවේ ඇති අනික් උපකරණයේ වෙලාව සටහන් වෙනවා. ජයග්‍රාහකයින්ට මුදලින් තෑගි ලැබෙනවා. ඔවුන් බෙල්ජියම වගේ රටවල් වලින් තමයි මෙම පරවියන් ගෙන්වන්නේ. (නි)
විදානපතිරණ Wednesday, 13 January 2016 02:13 PM
අළුත් වැඩක්. සුබ පැතුම්! (නි)
විජිත් Thursday, 14 January 2016 02:08 AM
බමුණු ආරච්චි, දැනට අවුරුදු 3කට විතර පෙර මටත් බෙල්ජියමේ සිට එවූ පරවියෙක් පැරිසියේදී හමුවුණා. සාමාන්‍ය පරවියන්ට වඩා සුළු වෙනසක් ඇති එයාගේ පාදයක එක්තරා විශේෂිත අංක වගයක් කහ පැහැති " ටැග්" එකක සටහන් කර බැඳ තිබු අතර අනෙක් පාදයේ ඉතාම කුඩා ජී පී එස් සංවේදකයක් සවිකර තිබුනා. අන්තර්ජාලයේ ආධාරයෙන් ඒ පරවියාගේ අයිතිකරු හොයාගෙන ඒ අය සහ කතාබස් කිරීමට මට අවස්ථාව ලැබුනා.මගේ මතය ඒ පරවියා බෙල්ජියමේ සිට ප්‍රංශයට ගොඩබිම හරහා පියඹන්න ඇති බවයි. (නි)
ෂෆීක් Thursday, 14 January 2016 04:41 AM
අනගි ක්‍රියාවක් සුබ පැතුම්! (කෞ)