වැලිපැන්න හොරවල තොටුපොළේ නවතා තිබූ පාලම් පාරුවේ කඹය කපා දැමීම නිසා පාරුව කිලෝ මීටර් එක හමාරක් පමණ ගඟ පහළට ගසාගෙන ගොස් තිබියදී බෝට්ටුවක ආධාරයෙන් රැගෙන ආ බව එම පාරු බදුකරු ෂෙල්ටන් ජයරත්න මහතා වැලිපැන්න පොලිසියට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරුවේ කඹය කපයි
කුමාර් Monday, 01 July 2013 05:31 PM
ලංකාවේ මිනිස්සු තිරිසනුන්ට වඩා පහතට වැටිලා. ඉස්සර ගමක මෙවැනි දෙයක් අහන්නවත් නැහැ. (දී)
කුමාර් Tuesday, 02 July 2013 08:44 AM
මමත් ඔය පාරුවේ ගිහින් තියනවා මතකයි. මේ පාරුව නැත්නම් අමතර හැතැප්ම 10 ක් විතර වටේ යන්න ඕනෑ. තිරිසන් වැඩක් (නි)
ලේක්කෝ ගලබඩ Monday, 01 July 2013 06:29 PM
එගොඩහ යන්නෝ.....මෙගොඩහා යන්නෝ......තව කවුරුද ඉන්නේ.....(නදී)
මංජුල අබු ධාබි සිට Monday, 01 July 2013 06:29 PM
මේක කරපු එකා කවදාවත් මේ පාරුවේ ගිය එකෙක් වෙන්න බැහැ.(නදී)
පෙරේරා Monday, 01 July 2013 06:48 PM
මංජුල, මොකද නැත්තේ හො හැටි ඔය පාරුවේ ගිය එකෙක් වෙන්න ඕනා. තොටියත් එක්ක තියෙන මතබේදයකට ඔය පාහර වැඩේ කරන්න ඇති. (නදී)
අජාන් Monday, 01 July 2013 07:20 PM
ලනුව තියෙනකොට පාරුව පදින්න පුලුවන් එකම ලයින් එකේනේ. කව්ද දන්නේ වෙනසකටත් එක්ක කව්රු හරි ගග පහලට යන්න හිතුවා කියලා.(නදී)
කොස්තා Monday, 01 July 2013 08:01 PM
මේක කරපු කෙනා නැවත පාරුවේ යන්නේ බලාගෙන.(නදී)
දර්ශන් Monday, 01 July 2013 08:01 PM
හොඳ නරක නොතේරන පව් කාරකමයි මෙයට හේතුව.(නදී)
චර්මින්ද Tuesday, 02 July 2013 10:37 AM
මේක කරපු කෙනාව අල්ලලා පාරුවේ මුල ගැට ගහල ඔලුව වතුර යටට තියල පාරුව එහා මෙහා ගෙනියන්න ඕනේ .(අ)
රංජිත් Monday, 01 July 2013 08:49 PM
ඉස්සරනම් ජේ.වී.පී එක මේ වගේ වැඩට ටොයිස්.(නදී)
නිල්-රානා Monday, 01 July 2013 09:19 PM
දකුණට යන හයිවේ එක ළඟම පිහිටා තියෙන නගරයක් නිසා ඔතනට හරියන තරමේ එංගලන්තයෙන් ගෙනෙන යකඩ පලංචි පාලමක්වත් නැතිවෙයිද?(නදී)
kumai Monday, 01 July 2013 10:22 PM
අපි පොඩිකාලේ ලංකාව සුන්දර රටක් , ලංකාවට දේශපාලන දර්ශනයේ වෙනසකට වහාම පියවර ගන්න.(අ)
මධුක Tuesday, 02 July 2013 05:21 AM
මෙතනින් එගොඩ මෙගොඩ යන උදවියට මේක අමුතුම අත්දැකීමක්. ඒ දවස්වල අපි එගොඩ මෙගොඩ යන්න කඹය අදින්න පුදුමාකාර කැමැත්තක් දැක්වුයේ. ඉත්තෑපාන රෝහලට යන්න මෙගොඩ ඉන්න කාටත් ඉවහල් වෙන්නේ මේ පාලම් පාරුව. ඇත්තටම මේ කඹය කැපුව කෙනා පුදුම මෝඩයෙක්.බලාගෙන ආයෙමත් යන දවසට ඒ කරපු දෙයට බෙන්තර ගං පතුල සාදරයෙන් පිළිගනීවි.... පවු පින් දෙක ලෝකේ තියෙනවනේ. (නි)
පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 06:03 AM
නිල් රනා , දැම්මොත් මෝඩ අදහසක් තමයි. මනුස්සයෝ, දැන් ඉතින් මොකටද එංගලන්තෙන් පාලම්? ලෝකේ පුරා නම රැන්ඳු ඉන්ජිනේරු සංස්ථාව තියෙද්දී. කොහොම වුනත් ලංකාවේ ඉතින් දියුනු වෙන එකාගෙ කකුලෙන් අදින එක සිරිතක්නේ (නි)