සුනාමියේ දස වැනි සංවත්රය සැමැරීමට තෙල්වත්ත පැරෑලියේ අද (26) පෙර සූදානමක් නොවු බව එහි ගිය මාධ්‍යවේදීහු දුටහ.
කොළඹ මාතර දුම්රිය දුම්රිය මගීන් 1270 දෙනකුට ද පැරෑලියේ ගැමියන් 249 දෙනකුටද ජීවීත අහිමි කරමින් මුහුද ගොඩගැලූ පෙරවරු 9.26 වන විටත් රත්ගම ප්‍රාදේශිය සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා සේවකයින් කිහිප දෙනකු සමග එම භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටියේය.
එම ප්‍රදේශය පුරා බිම්තඹරු වැල් වැවී ඇත.මෙන්ඩිස් මහතා කූඩාරම් කිහිපයක්ද ඉදි කිරීමට උපදෙස් දෙමින් සිටියේය.ඔහු හැර කිසිදු දේශපාලනඥයෙක් එහි පැමිණ සිටියේ නැත.භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක්ද විදේශිකයෝ කිහිප දෙනෙක්ද එහි වුහ.
9.26 වන විටත් ආසන පනවමින් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල මිනිස්සුන්ට මලගිය ඇත්තෝ සිහිකරන්න තරම් සිහිකල්පනාවක් නැහැ.....මොකද අනාගතය බාර දෙන්න නායකයෙක් තොරගැනිමනේ මේ දවස්වල තියන ලොකුම රාජකාරිය... මිනිස්සුන්ට පිස්සු....තමන් කැමති කෙනාට ඡන්දය දීලා පාඩුවේ ගෙදරට වෙලා හිටියනම් ඉවරයිනේ.. එතකොට යුතුකම් වගකීම් කරන්න ඕන තරම් කාල වෙලාව ඉතුරු වෙනවා.....(හේ)
මුල අමතක වෙනවා කියන්නේ ඕක තමා. (ර)
අපේ ඇස්වල අදටත් කදුළු ඒ අමිහිරි දිනය ගැන. 9.27 වෙනකොට පිටරට ඉදලත් මුහුද දිහා බලාගෙන සුසුම් හෙළුවේ අපේ කමට අපේ දුකට. (ර)
සුනාමිය වගේද ජනපතිවරණය.1270 මොකක්ද? එයාලට හරියට වැඩ. (ර)