බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ දී පිරිමි පාපැදි තරගයට එක්වූ ඉරාන ක්‍රීඩකයකු මිය ගිය බව බීබීසී පුවත් සේවය පවසයි.
බහ්මාන් ගොල්බාර්නෙෂාඩ් (48) අනතුරක් හේතුවෙන් එසේ මියගොස් ඇතැයි කියති.
වහාම ක්‍රීඩකයා රෝහල්ගත කළද ඔහුගේ දිවි බේරාගැනීමට නොහැකිවී ඇතැයි බ්‍රසීල ආරංචි පවසයි.
2012 වසරේ පැවැති පැරාලිම්පික් තරගාවලියට ද ගොල්බාර්නෙෂාඩ් සහභාගී විය. ඉරිදා පැරාලිම්පික් සමාප්ති උළෙලේදී ඉරාන කොඩිය අඩකුඹු කර තැබෙන බවත් මිය ගිය ක්‍රීඩකයා වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් පවත්වන බවත් වාර්තාවේ.
පැරාලිම්පික් තරගාවලියක් අතරතුර දී මියගිය පළමු ක්‍රීඩකයා වනුයේ ද ගොල්බාර්නෙෂාඩ් බව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටු සභාපති පිලිප් කාර්වෙන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්! දෑසට කඳුලක් ආවා. ඔබට නිවන් සුව ලැබේවා!!! (නි)
ඔබට නිවන්සුව ලැබේවා.! (ර)