අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිංගරාසා නඩු තීන්දුව අවලංගු නිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ,කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසද ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති ,අගමැති ,කථානායකවරයා නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ
පසුගිය ජූලි 07 වැනි දින අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප‍්‍රකාශිත සිංගරාසා නැමැති නඩු තීන්දුව අවලංගු කරන ලෙස කථානයකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම නඩු තීන්දුව මඟින් විදේශ අධිකරණයන්හි හෝ ආයතන වල නියෝග ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අධිකරණය බැඳී නොමැති බව ප‍්‍රකාශ කර ඇත.
අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන් ප‍්‍රකාශිත ජනතාවගේ සෙවරීභාවය සෘජුවම උල්ලංඝනය වේ.
ඊට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තියෙන් සහතික මූලික අයිතිවාසිකමද උල්ලංඝනය වීම සිදුවේ.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන්වන තුරු මේ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීම වළකාලමින් කථානායකවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටී.තමන්ගේත් ,ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද ,කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් අවලංගු කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
සිංහරාසා පූජකවරයා කොටි හිතවාදියකු බව නඩුවේදී කියැවිණි.
COMMENTS
කළු සුද්දෝ කොහොමත් හොර සුද්දෝ කියන දේ කරන ජාතියක් .(හේ)
එංගලන්තය යුරෝපියන් යුනියන් එකෙන් ඉවත්වීමට එක ප්‍රධාන හේතුවක් වූයේ ඔවුන්ගේ අධිකණයේ ස්වාධිපත්‍යය අහිමි වී තිබූ නිසාය. ඔවුන්ගේ රටේ අධිකරණයට ඉහළින් යුරෝපියන් යුනියන් අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබුණි. එසේනම් ශ්‍රී ලංකාව වෙනත් රටක අධිකරණ බලයකට යටත්කොට අපගේ රටේ අධිකණයේ ස්වාධීනත්වය පාවාදෙන්නට වලිකන්නේ ඇයි? මේවා විදෙස් කුමන්ත්‍රණ නොවේද? (නි)
නීතියටත් ඇගිල්ල දික් කරන එකද ඔය කියන සංහිදියාව.(හේ)
රනිල් මේ වෙලාවේ කරන්නේ හොඳ දෙයක්. (නි)
ගරු අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ කිවුවේ මහජනයා රවටන්නද එතකොට? (නි)
මෙයාලගේ දිව දෙකේ කතා සහ ක්‍රියා දැන් අපිටත් ඇතිවෙලා (නි)
අනේ මෙහෙම යහපාලනයක්?? (නි)
ඔන්න ඔය උසාවි ටික වහලා දාලා ඒ කර්තව්‍යයත් පාර්ලිමේන්තුවේම කළා නම් ඔය ප්‍රශ්න නැහැනේ. (නි)
මේවා තමයි දැන් මේ රටේ වෙන්නේ. (නි)
ඔබට අපගේ ආචාරය! (නි)
ජය වේවා! (නි)
මේකද එතකොට යහපාලනය කියන්නේ? (නි)
අධිකරණයට වඩා පාර්ලිමේන්තුව බලවත් බවට පෙර නඩු තීන්දු කීපයක්ම තිබෙනවා .(හේ)
හොඳටම හොඳයි. ඇයි අපිට බැරි ඡන්ද පොරොන්දු කඩ කළා, අපිට බොරු පොරොන්දු දුන්නා කියලා නඩු දාන්න? මේවා හැම ආණ්ඩුවකින්ම දෙන පුස් පොරොන්දු. අපිට බැරිද ඒවාට විරුද්ධව නඩු මර්ගයකට යන්න? (නි)