ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන පීඩනය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නවාද නැද්ද යන පිළිබඳ ස්ථීර තීරණයක් දීමට කතානායකවරයා අපොහොසත්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවැසීය.
‘‘පාර්ලිමේන්තුවේ අද පනතක් සම්මත වුණා. අපි අහනවා ඒක කොහොමද සම්මත වුණේ කියා. පාර්ලිමේන්තුවේ දී පනතක් සම්මත වෙනවා නම්, සියලූ මන්ත්‍රීවරුන් අසුන්වල සිටිය යුතුයි. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කොටසක් සභාගර්භයට පැමිණ සිටියදී කොහොමද පනතක් සම්මත වෙන්නේ. ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු ආසනවල සිටිය යුතුයි. ඊට පසු ඡන්ද විමසීමක් කරනවා. එහෙම තමා ස්ථාවර නියෝගවල තියෙන්නේ.
අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණාම මීට පෙර කතානායකවරු කටයුතු කළේ කොහොමද ? එහෙම අවස්ථාවකදී සභාව කල් තබලා, පක්ෂයන් නායකයන් කැඳවා විසඳුමක් අරගෙන තමයි නැවත පාර්ලිමේන්තුව ආරම්භ කරන්නේ. චමල් රාජපක්ෂ, වි.ජ.මු ලොකුබණ්ඩාර, අනුර බණ්ඩාරනායක වැනි කතානායකවරු කොහොමද කටයුතු කළේ. හිතුවක්කාරී ලෙස පනත්, නීති සම්මත කරන්නේ මේක හන්දියේ මාළු කඩේ නෙමෙයි.
අපි මැතිවරණ නීතියට සහයෝගය ලබාදෙන්නයි හිටියේ. අපි ආණ්ඩුවටත් එය දැනුම් දී තිබුණා. නව ක්‍රමයට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය මහින්ද රාජපක්ෂ රජයේ ආරම්භ කරපු දෙයක් අලූත් ඡන්ද ක්‍රමය. ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුව කියෙව්වේ අද. එහි වෙනස්කම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තිබුණා. අද දහවල් එය කියවන විට, පාර්ලිමේන්තුවේ මන්තී්‍රවරුන්වත් එය දන්නේ නැහැ. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිළුවක්ද? අපි දැක්කා ටීවී එකේ මාළු කඩේ වගේ හැසුරුනේ කව්ද කියලා. පාර්ලිමේන්තු එන මේ නඩේට දහස් ගානක් ගෙවන්නේ අපේ මහජන මුදල් නේද? (නි)
ගරු ජනාධිපති තුමා සහ අගමැති තුමා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න සැලසුම් කරලා කරගෙන යනවා. තමන්ගේ පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් සහ විවිධ දුෂණ චෝදනා ඇති කණ්ඩායම් ආරක්ෂා වීමට උපක්‍රම හොයනවා. හොරු අල්ලන්නේ නෑ කියල කෑගහල අල්ලනකොට නීතිය යටතට පත්කරනකොට පලිගන්නා බව කියනවා. ජාතීන් අතර සමගිය ඇතිකරන්න හදන කොට ජාති වාදය අවුස්සනවා. විදේශ රටවල අප ගැන ඇති මතය යහපත් කරවනවිට රණවිරුවෝ පාවා දෙනවා කියනවා. අරලිය ගහ මැදුරේ නිරන්තර සංවර්ධන සංදර්ශන නැති නිසා සංවර්ධනය නැවතිලා කියනවා. සමහර චැනල් මේවා තුලින් මාර්කට් වෙන්න හදනවා. ජනතාව හොඳ සහ නරක තේරුම් කරගන්න බැරි පිරිසක් නොවන වග හිතුවොත් විතරක් සහ වැරදි හදා ගත්තොත් විතරක් ඒ අයට දේශපාලන අනාගතයක් තියේවි. මෙහෙම කරන අයට අපි කොහොමද ඡන්දෙ දෙන්නේ. (ර)
මට පෙනෙන්නේ මෙයාලා ඔක්කොම අනාගන්නවා. මහජනතාවට අබසරණයි. (නි)
උත්තරීතර පාර්ලිමේන්තුව මාළු කඩයක් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය කියන කට්ටියම තමා. (නි)
කලක සිට අපේ හන්දියේ මාළු කඩේත් පාර්ලිමේන්තුව වගේ කියලයි අපිට දැනෙන්නේ (නි)
මේ ජනතාවගේ හඬ නොවේ. යුද්ධයෙන් රටට වූ විනාශය හදාගන්න ඉඩදීලා කරුණාකරලා ගෙදර නවතින්න. රට කරවන්න ඕනෑ කට්ට්ය ජනතාව වැඩි ඡන්දෙ දීලා පත්කරලා තියෙන්නේ (නි)
දේශපාලනයෙන් බංකොලොත් වුණාම මෙහෙම කියනවා කරනවා. (නි)
හැබෑටම? ඒකත් එහෙමද? (නි)
සන්ධානෙන් ඡන්දෙ ඉල්ලපු අයව මහජනතාව දිනෙව්වේ යූ එන් පී ආණ්ඩුව හදන්න නොවෙයි. යූ එන් පී එකට විරුද්ධව ආණ්ඩුවක් හදන්න. (ර)
බුමිතෙල් ගෑවුනු ගැරඩි වගේ දගලන්නේ ෆොන්සේකා මහතාගේ පැමිණීම නිසා. (ර)
ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්යෑ? (නි)
දිනේෂ් මහත්තයෝ, ඔයාලගේ තිබෙන කුහකකමට සභා ගර්භයට ආවේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ පනත් සමත් කරගන්නේ නැතුව ඉන්නද කියන්නේ? දැන්වත් මහින්දවාදී කුහකකම නතරකරලා රට ගැන හිතන්න පුරුදු වෙන්න (නි)
නමුත් සමහර කට්ටිය හැසිරුනේ මාළුකාරයෝ විදියට (නි)
මේක මාර වැඩක්නේ ..එකම පක්ෂෙන් ආපු කවුරු හරි කට්ටියක් එකතුවෙලා වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා කියල පර්ලිමෙන්ත්වේ වැඩි වෙලාවක් ඉල්ලන එක අනිත් පක්ෂ වලට කරන අසාධාරණයක් නෙවෙයිද? එහෙනම් අනෙක් පක්ෂවලටත් එහෙම කරලා පුළුවන්නේ වැඩි වෙලාවක් ගන්න . (ර)
ඇත්ත නේන්නම් දිනේෂ් මහත්තයෝ, මොන හන්දියේ, මොන මාළු කඩේද පනත්, නීති සම්මත කරන්නේ? ඒවායේ සම්මත කරන පනත්, නීති මොනවද? පහුගිය දවස්වල අර සහෝදරයෝ තුන්මුල්ල හන්දියේදීත් පනත් නීති සම්මත කරගන්නද බෙරිහන් දුන්නේ? (නි)
දිනේෂ් මහත්තයෝ, පාර්ලිමේන්තුවේ හිටපු කාලය අනුව ඔබ දැනගන්න ඕනෑ මැතිවරණය තරඟ කළ පක්ෂ වලට අනුව පාර්ලිමේන්තුවේ ලැබෙන කාලයෙන් ප්‍රමාණයක් එයාලට කැමති පක්ෂයක් සමඟ සාකච්ඡා කර ලබාගත හැකි බව. නැතුව පාර්ලිමේන්තුවේ වෙනම ක්‍රියාත්මක වෙනවා කියූ පමණින් එකිනෙකාට වෙනම කාලය ලබාදෙන්නේ නැහැ. එහෙනම් සෑම මන්ත්‍රීවරයෙකුටම ස්වාධීනව ක්‍රියාත්මක වනු ඇත. (නි)
රටේ ඇති කරන්නට යන භික්ෂුන් වහන්සේලාගේ කතිකාවට පෙර,මේ අයට දැඩි විනය මාලාවක් වහාම ක්‍රියාත්මක කර යුතුයි.මේ අයට විනයක් නැත්නම් රටේ අනෙක් අයට කවර කතාද.(ම)
තමුන්නාසේලා මාළු කඩෙන් එළියට ගත්තේ කවුද එතකොට? (නි)
ඔබ ආණ්ඩු පක්ෂ සංවිධායක වශයෙන් සිටි කාලය මතක් වෙනවාද? (නි)
දිනේෂ් ගුණවර්ධන චරිතයට පණක් ලැබුණත් ඔහු තම දේශපාලන අනන්‍යතාව රැකගන්න කිසිවක් කර නැහැ. (නි)
මට පෙනෙන්නේ ඔයගොල්ලොයි පාර්ලිමේන්තුව මාළු කඩයක් කරන්න යන්නේ. රට දිනු වීරයා වගේම රට කාපු වීරයාත් කරන්න එපා. අපි ඡන්දය දුන්නේ මේවා කරන්න නොවේ. (නි)
ජනවාරි 8ට කලින් නම් මාළු කඩේ නොවෙයි, හරියට මාළු මාර්කට් එක වගේ (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තු විත් පක්ෂය කඩන්න හදන අවස්ථාවාදීන්ට කවදාවත් හරියන්නේ නැහැ. පුලුවන්නම් තමන්ගේ පක්ෂයෙන් ඉල්ලලා බලන්න (නි)
අපේ ගමේ මාළු කඩේ සේවය කරන හැමදෙනාම ඉතාම මහන්සිවී ගරු සරු ඇති මිනිසුන් විදිහට හැසිරෙන්නේ. ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ එහෙමද? පොඩි දරුවෙකුටවත් ආදර්ශයක් ගන්න බැරි විදිහට. සුදු ජාතික ඇඳුමටත් ලැජ්ජයි (නි)
කතාව නම් මසුරන්! (නි)
එතුමලා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට කළ කී දේ මතක් කරගත්තොත් හොඳයි. කළ කළ දේ පළ පළ දේ! (නි)
අපි හිතුවේ සමහරු හොඳයි කියලා. බලනකොට ඔක්කොම එකයි (නි)
මට නම් තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට නොවෙයි අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. කොතැනකට වුණත් තෝරාගන්න ඕනෑ මොළේ තියන කල්පනාවෙන් බුද්ධියෙන් වැඩකරන අය. ඒ දවස්වල රජයේ රැකියාවකට ගත්තේ විභාගයකට වාඩිවෙලා සමත් වූ අය සම්මුඛ පරීක්ෂණයකට යොමුකරලා. ඒක වෙනස්වුණේ 1977 න් පස්සේ. එදා ඉඳලා හැම දෙයක්ම දැන් කණපිට පෙරළිලා. (නි)
මේ අය හිතාගෙන ඉන්නේ මහජනතාව මෝඩයෝ කියලා. මේ කට්ටිය මොන සෙල්ලම් දැම්මත් ඒවා ගණන් ගන්නේ නැතුව ඔය විදියටම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට ඔය මාළු මුදලාලිලා ටික කලකින් මෙවැනි උත්තරීතර ස්ථානයක මාළු විකුණන එක නවත්වයි (නි)
ටික කලකට පෙර පාර්ලිමේන්තුව අම්බලමක් කරගත්තෙත් ඔබතුමාලමනේ, දැන් මාළු කඩේ කිව්වට (නි)
විනයක් සංවරයක් නැති අය පාර්ලිමේන්තුවට යැවුවහම මෙහෙම වෙනවා. (නි)
එහෙනම් මොකටද පාර්ලිමේන්තුවට යන්නේ? හන්දියේ මාළු කඩේට ගියා නම් ඉවරනේ (නි)
මෙදින පාර්ලිමේන්තුව හන්දියේ මාලුකඩේ කළේ දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිස. මේ අයට මහජන මුදලින් පඩි ගෙවිය යුතුද. මෙවැනි දිනවල ඔහුන්ගේ පඩි ගෙවීම අත්හිටවිය යුතුයි. කිසිම වැඩක් නොකරපු මොවුන්ට ඇයි පඩි දෙන්නේ. (බ)
උගත්කම සහ නූගත්කම අතර වෙනස අද පාර්ලිමේන්තුවේදී දුටුවෙමි (නි)
පද්මිණි. ඔබ හරියටම හරි. කට්ටිය පිස්සු හැදිලා දගලනවා. අපි පොඩ්ඩක් දගලන්න ඉඩ දෙමු. (බ)
ඒකාධිපතියෙකුගේ වෙනුවෙන් අපේ කාලයේ සමාජවාදියෙක්. ලැජ්ජයි. (බ)
කොහොමද ඒ පන්නත සම්මත කර ගත්තේ කියලා.(හේ)