කල්තැබු පාර්ලිමේන්තු සභා වාරය අද (15) යළි උදෑසන 10 ට ආරම්භ කෙරිණි.
බහුතරය නොමැති බව පවසමින් කතානායක කරූ ජයසුරිය මහතා ඊයේ (14) පාර්ලිමේන්තුව අදට කල් තැබුවේය.
(36698)
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමඟ කතානායකවරයා පාර්ලිමේන්තුවේ කතා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දීමත් සමඟ දිනේෂ් ගුණවර්ධන මහතා නැගී සිටියේය.
දිනේෂ් ගුණවර්ධන - ජනාධිපතිතුමා එවපු ලියුම කියවන්න.
කතානායක - එය කියවන්න බෑ. ඒකට මං පිළිතුරක් යවනවා.
දිනේෂ් ගුණවර්ධන - (ලියුම කියවන්න පටන් ගනී.)
කතානායක - නෑ ඒක කියවන්න අවස්ථාව නෑ. මමත් උත්තර යැව්වාම දෙකම ඉදිරිපත් කරන්නම්.
දිනේෂ් ගුණවර්ධන - ජනාධිපතිතුමා එවපු ලියුම කියවන්න.
කතානායක - එය කියවන්න බෑ. ඒකට මං පිළිතුරක් යවනවා.
දිනේෂ් ගුණවර්ධන - (ලියුම කියවන්න පටන් ගනී)
කතානායක - නෑ ඒක කියවන්න අවස්ථාව නෑ. මමත් උත්තර යැව්වාම දෙකම ඉදිරිපත් කරන්නම්.
මහින්ද රාජපක්ෂ - මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා.
මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා. කුඩා කාලේ ඉඳන් පාර්ලිමේන්තු ආවා. ඉපදිච්ච දවසේ ඉඳන් පාර්ලිමේන්තු ඇවිත් තියෙනවා. ඊයේ වගේ දවසක් මම දැකලා නෑ.
පසුගිය ඔක්තෝබර 26 වෙද්දී ජනතාව හිටියේ ලොකු පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩා වැටීම, බදු බර, මහබැංකු මංකොල්ලය, දෙගුනයක් වැඩිවුණු පොලී අනුපාතය, රජයේ දේපොළ විදේශිකයන්ට විකිණීම සැරසීම, විදෙස් ගිවිසුම්වලට පිවිසීම, ආයෝජකයන්ගෙන් මහා පරිමාණ කොමිස් ඉල්ලීම. අපි දැක්කා ජනාධිපතිතුමා එජාපෙ ආර්ථික කළමනාකරණ කොමිසම විසිරෙව්වා.
ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළැයි කියන කතාව සාක්කිත් එක්ක අපිට අහන්න ලැබෙන්නේ. මේ තත්ත්වය එක්ක තමයි ජනාධිපතිවරයා තීරණය කළේ ආණ්ඩුවෙන් එජානිසය ඉවත් වෙන්න. ඒ එක්කම පැවතුණු ආණ්ඩුව විසිරෙව්වා. ඉන් පස්සේ ජනාධිපතිවරයා මට ආරාධනා කළා ආණ්ඩුවක් පිහිටුවන්නයි කියලා.මට තිබ්බා ඒක පිළිගන්න හා ප්‍රතික්ෂේප කරන්න.
මට ඕන නම් කියන්න තියන්න තිබ්බා යූඇන්පිය අවුරුදු හතරක් හිටපු විදියට ඉතුරු ටිකත් හිටපු දෙං කියලා. තව අවුරුද්දයි තිබුණේ. අපි තමයි විපක්ෂයේ ප්‍රධාන විපක්ෂ බලවේගය විදියට හිටියේ. අපිට යුතුකමක් තිබ්බා ජනාධිපතිතුමා අපිට වගකීම බාරදෙන කොට ඒ වගකීම බාර ගන්න.
2015 ජනවාරියේ ඉඳලා එජාපයේ විදේශ විනිමය නම විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් අරගෙන තියෙනවා. මට ණය ණය ණය කියනවා. මේ ඉවක් බවක් නැතිව ණය ගැනීම තමයි වින්නැහිය. අපි පිහිටෙව්වේ අන්තර්කාලීන අය වැයක් විතරයි. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට මහ මැතිවරණයක් ඉල්ලා හිටියා. පැවැති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළාගත්තා.
පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවුරුදු තුනක් ගියා. අද වෙනකොට සබරගමුව, උතුරු සහ නැගෙනහිර පළාත් සභා විසිරුවලා. නමුත් ඡන්දය නෑ. ජනාධිපතිතුමා තමාට හිමි බලතල අනුව ඡන්දයක් කැඳෙව්වා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට එජාපය ජවිපෙ උසාවි ගියා ඡන්දයට එරෙහිව.
මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුට එද්දි පෝස්ටරයක් දැක්කා ඡන්දෙකින් කාගෙද අයිතිවාසිකම් නැතිවෙන්නේ කියලා. මීට කලිනුත් පාර්ලිමේන්තු කලින් විසිරුවලා මහ මැතිවරණ තිබ්බා.
ඒකෙන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකෙන්නේ. මම අගමැති හැටියට දිවුරුම් දුන්න ගමන්ම රට පුරා නව බලාපොරොත්තුවක් පැතිර ගියා. අපි කතානායකවරයා ව්‍යවස්ථාවටත්, ස්ථාවර නියෝගවලටත් පටහැනිව විශ්වාස භංගයක් සම්මත කර ගත්තා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. ඡන්දයක් තියන්න ඕනෑ. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැති ආයේ අගමැති වුණා කියලා හිටපු අමැතිවරු අමාත්‍යංශවලට ගිහින් තිබ්බා.
අගමැති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට දීලා නෑ. බලයක් නෑ කියලා දැන දැනයි බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ. දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මතගැටුමක් තියෙනවා. මේ අරාවුල මෙතන 225 විසඳගන්නේ නැතුව මෙය ඡන්ද දායකයන්ට බාර දෙමු.
මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුට එද්දි පෝස්ටරයක් දැක්කා ඡන්දෙකින් කාගෙද අයිතිවාසිකම් නැතිවෙන්නේ කියලා. මීට කලිනුත් පාර්ලිමේන්තු කලින් විසිරුවලා මහ මැතිවරණ තිබ්බා. ඒකෙන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකෙන්නේ. මම අගමැති හැටියට දිවුරුම් දුන්න ගමන්ම රට පුරා නව බලාපොරොත්තුවක් පැතිර ගියා.
අපි කතානායකවරයා ව්‍යවස්ථාවටත්, ස්ථාවර නියෝගවලටත් පටහැනිව විශ්වාස භංගයක් සම්මත කර ගත්තා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. ඡන්දයක් තියන්න ඕනෑ. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැති ආයේ අගමැති වුණා කියලා හිටපු අමැතිවරු අමාත්‍යංශවලට ගිහින් තිබ්බා.
අගමැති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට දීලා නෑ. බලයක් නෑ කියලා දැන දැනයි බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ. දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මතගැටුමක් තියෙනවා. මේ අරාවුල මෙතන 225 විසඳගන්නේ නැතුව මෙය ඡන්ද දායකයන්ට බාර දෙමු.
අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නොවේ, ජනතාවටයි. මම සංතෝෂ වෙනවා පාර්ලිමේන්තුව විසිරුවන යෝජනාවක් ආවොත් එයාලා ඒකට පක්ෂ වෙනවා කියලා. එජාපය මොකද කියන්නේ? ඡන්දෙකට යන්න කැමතිද අකමැතිද? ප්‍රකාශ කරන්න. ජනතාව තමන්ගේ අභිමතය අනුව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අපි සමඟ එකතු වෙන්න. අපිට මහ මැතිවරණයක් අවශ්‍යයි.
මන්ත්‍රීවරු පිරිසක් කතානායක අසලට වී කතානායකට ආරක්ෂාව සපයමින් සිටිති. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාව මැදට පැමිණියහ.
පෙට්‍රල් මිල අද රෑටත් අඩු කරනවා. ගරු කතානායකතුමනි, ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන කතානායකවරයෙක්. පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නොවෙයි.

ලක්ෂ්මන් කිරිඇල්ල - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හා එතුමාගේ කතාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව මම යෝජනා කරනවා.
කතානායක - සභාව එකඟද?මට තීරණයක් ගන්න බෑ . සභාව තීරණයක් ගන්න.
(සභාවේ ඝෝෂා)
මන්ත්‍රීවරු පිරිසක් කතානායක අසලට වී කතානායකට ආරක්ෂාව සපයමින් සිටිති. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාව මැදට පැමිණියහ.
කතානායකවරයා අසලට ගොස් ඔහුගේ මේසය මතින් යමක් ඇදීමට උත්සාහ කළ මන්ත්‍රීවරයකුගේ අත තුවාල වන අයුරු දක්නට ලැබිණි.
සභාව මැද කේන්තියෙන් හැසිරෙන මහින්දානන්ද අලුත්ගමගේ මහතා අස්වැසීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ ගන්නා අයුරු දක්නට ලැබේ.
කතානායකවරයාගේ මේසය වටකරගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරති.
කතානායකවරයා සිය අසුනෙන් නැගිට ඉවත්ව යයි.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති.
රනිල් වික්‍රමසිංහ මහතාත් සභාවෙන් පිටව යයි.





(ඡායාරූප - හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න ටිව්ටර් ගිණුම් මගිනි)
(36698)
පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙයි.
(පාර්ලිමේන්තු වීඩියෝ දර්ශන)
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට යළි කැඳවීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව කතානායක මාධ්‍ය අංශය පවසයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීගේ ලණුව කාල , තිබිච්ච ගෞරවයත් නැතිකරගත්තා
උතුරින් එන මහ දුම්... වළල්ලට බිය නොවෙමු....දකුණුදිගින් හමනා මේඝයට මුහු වෙමු...සැඩ පහරක් සේ චිත්තරේඛාවෝ විහිදමු...ධර්මය හා එය රකින දීපයට පණ දෙමු.... මහා මැතිවරණයක් පොදු ජනතාව විදිහට අපිදු අපේක්ෂා කරන්නෙමු. මේ රටේ සිංහල ජනතාවට බැරෑරුම් තීරණ ගැනීමේ හා අතිශය සංවේදී රාජ්‍ය තන්ත්‍රයට ශක්තිමත් ස්ථාවර පාලනයක් දීමට කාලය එළඹ ඇත.
මාතෘ භූමිය යනු වෙන කිසිවක් නොව ඔබ පරම්පරාවයි. ඡන්දයක් අවශ්‍ය නැත. මැද මුලන ගිවිසුමකින් රට අඩ සියවසකට ඔබට පවරමු.
අපට ඕන ඡන්දයක්. අපි තෝරන්නම් අගමැතිව. 2015 ට වඩා දැන් අපේ මතය වෙනස්.
පිළිතුර හරිම සරලයි ..ඇයි මහ මැතිවරණයකට භිය..පළාත් සභා ප්‍රාදේශීය සභා කල් දාද්දී මේ කතානායක කොහෙද හිටියේ ?අණ පණත් පාර්ලිමේන්තුවට හොරෙන් සම්මත කරද්දී මේ කතානායක එක වචනයක් කිව්වද??
සිරිකොතට පක්ෂව අදහස් දමන අය හැර මේ රටේ සියළු ජනතාව මේ වෙලාවේ ඡන්දයකට පක්ෂයි. රටට ඡන්දයක් හැර මේක විසඳන්න වෙන ක්‍රමයක් නෑ. අනික එජාප හරියට රට කලානම් ඇයි ඡන්දයට මේ තරම් බය. දවසකට පාර්ලිමේන්තුව පවත්වන්න රු. ලක්ෂ 45ක් යනවා ඊයේ සහ අද මේ දේවල්වලට අපේ බදු මුදල් ලක්ෂ 90ක් ඉවරයි. ඇයි තවත් මේක නවත්වන්නේ නැත්තේ. ඡන්දයකට ගියානම් ඉවරයි කියල හිතෙන්නේ මට විතරද.
කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවා ජන්දයක් තියන්න.මේ අටමගුල් බලන් ඉදලා අපිට දැන් ඇති වෙලා තියෙන්නෙ..
පැරණි දේශපාලයෙක් වූ දිනේෂ් හැසිරෙන්නේ ලදරුවෙකු ලෙසයි. ඇත්තටම රටට සහ තරුණ මන්ත්‍රී වරුන්ට ඔහු සැමවිටම ලබාදෙන්නේ වැරදි පුර්වාදර්ශයක්. වාසු, විමල්, දීනෙෂ් වැනි ඉවසීමක්, සහ සංවරකමක් නොමැති පුද්ගලයන් නැවත පාර්ලිමේන්තු නොයැවීමට ජනතාව කටයුතු කල යුතුය.
කරුණාකරලා හත් පොලේ ගා ගන්න එක නතර කරලා රට ස්ථාවර කරන්න.. අපේ දරුවන්ට රටක් ඕන... පිස්සුවක් දැන්..
හනුමා රට ගිනිතියනවා. කාටද පුළුවන් නිමන්න ?
සුළු පක්ෂ ඔක්කොම පාර්ලිමේන්තුවෙන් එලොගන්න නියම වෙලාව. මහින්ද මහත්තය එන්නේ පොහොට්ටු බහුතරෙන්.
මගේ රට කොතැනට ගේන්නද මේ සටන ? බහුතර ජනතාව නිදාගෙන සිටියා ඇති බහුතරයක් තියනවා කියන පැත්තේ සිටින්නේ මොන පක්ෂ වල අයද,මේ දගලන්නේ ඒ අයගේ ජාතිය නගාසිටුවා ගැනීමටයි පාට අමතක කර ඉපදෙන අපේ දරුවන්ට රටක් හදමු කිසිම පක්ෂයක් එක් නොකරගෙන තනි ආණ්ඩුවක් හැදීමට පෙළ ගැසෙමු හැම ජාතියකටම එකම හඬකින් මේ මගේ රට යැයි කීමට වැඩ කරමු .
හොම්බ ඇනගන්න කතාමයි කීවොත් කියන්නේ ... ලොක්ක නම් කීවේ අගමැතිකම ඉස්සෙල්ලම දෙන්න ඇහුවේ සජිත්ගෙන් ඊට පසුව ඇහුවා කීවේ කරුගෙන් කියලයි නේද ?
ඒ කියන්නේ ජනාධිපති හරි කියලද?
ලංකා ව්‍යවස්ථාව අනුව ප්‍රධාන බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක එකිනෙකට බලය පෙන්නන්න නරකයි . එවිට රට කඩා වැටෙනවා . මේ වෙලාවේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් විතරක් මුණගැහිලා විසදුමකට එන එක තමයි හොද . අනිත් පක්ෂ රට අවුල් වෙනවට කැමතියි . එතකොට ඒගොල්ලන්ට ඉල්ලුමක් ඇතිවෙනවා. පාර්ලිමේන්තුව විසුරුවල බාරකාර අගමැති කම රනිල්ට දුන්නත් කමක් නැහැ . රටේ දේශපාලන හෙන්චය්යන් නොවන බොහෝ දෙනෙක් උපේක්ෂාවෙන් බලා සිටීම ගැන සතුටු වෙන්න පුළුවන් . ලංකාවේ මිනිස්සු බුද්ධිමත් බව ලොවට කියන්නක්.
සමහර අය එන්නේ ජාතික ලැයිස්තුවෙන්. ජාතික ලැයිස්තුව අයින් කරන්න ඕනේ ඔක්කමට ඉස්සර.
මුන්ටික සේරම විනාශ කරන්න ඕන එදාට අපේ රටට සෞබාග්‍ය උදාවනවා ..............
මේ උතරිතර පාර්ලිමේන්තුව? මේ අය හැසිරන හැට් දැක්කහැම මේ උතරිතර ආයතනයට මේ වගේ බලු රැලක් පත්කරපු මහා ජනතාවට ගහන්ඩ ඕනේ බුවල්ලෙන් තව උන මදි මේ රටේ ජනතවට.
මම මගේ ඡන්දය මුල්වරට දීමට සිටින කෙනෙක්. මුහුණු පොත මගින් අපට අදහස් ලැබෙනවා. TV නිව්ස් හැම එකම බලපුවාම පේනවා කවුද හරි කවුද වැරදි කියලා. මට නම් නරක විදියට හැසිරීම නරක දෙයක්... අපගේ අනාගතය සමග සෙල්ලම් කරන, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී හැසිරීම සහ ජනපතිගේ රට අනන ක්‍රියා ගැන දුක්වෙමු.
මම මගේ ඡන්දය මුල් වරට දීමට සිටින කෙනෙක්. මුහුණු පොත මගින් අපට අදහස් ලැබෙනවා. රුපවාහිනී ප්‍රවෘත්ති හැම එකම බලපුවම පේනවා කවුද හරි කවුද වැරදි කියලා. මට නම් නරක විදියට හැසිරීම නරක දෙයක්.
උත්තරීතරයි කියාගන්න අයගේ හැසිරීම මෙහෙමනම් රටේ අනිකුත් අය ගැන කුමන කතාද? ලෝකයා අපි දිහා බලන්නේ කුමන කෝණයකින්ද?
දෙයියනේ පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේ විසදන්න බේරී නම් ... හත්දෙයියනේ පාර්ලිමේන්තුව විසුරුවල මහා ජනතාවට භාර දෙන්නකෝ රටේ බලය පත්කරන්න
මුං මේ දඟලන්නෙ අපිට කරන්න නෙමෙ. බලයට තියන කෑදර කමටයි. ම්‍ෙ යථාර්ථය පොදු මහා ජනතාව ත්‍ෙරුම් නාෙගැනීම අපේ අවාසනාව. අනික මුං දෙගොල්ල මාරු වෙන් මාරුවට අවුරුදු 70ක් රට පාලනය කරල දරාගන්න බැරි ණය කන්දකට මව්බිම යටකරල. ආයෙ මුන් කාටවත් රට්‍ෙ පාලන බලය දෙන්න දෙන්න හොඳ නෑ. දැක්මක් තියන උගත් පිරිසකට රට භාර දිය යුතුයි.
ජනතාවට සේවය කරන්න පුදුමාකාර උනන්දුවක් මේ හැමෝම ලග තියෙන්නේ. සිංහල බහුතර ඡන්දෙ දෙන ප්‍රධාන පක්ෂ දෙක මරා ගන්නකොට පැත්තක ඉන්නා ලංකාව තවත් ඉන්දියාවක් පාකිස්ථානයක් කරන්න සිහින මවන කට්ටියට රජ මගුල්. මේ මිනිස්සු කවද තේරුම් ගනීද මේක?
මහින්ද මහත්තය ජවිපෙ එකට ස්තුති කලා අද පාර්ලිමේන්තුවේදී...... එක ඉහත ප්‍රකාශයේ නේ ඇයි එහෙම කරන්නේ......
අපිට වැඩි කල දඩ බදු මිලසුත්‍රය නැවත ලබා දෙන්න..
මේ කලබල අස්සේ රනිල්ව දැක්කේ නැත.
ඡන්දයක් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ 225 කින් විමසන්න බැරි රටක කෙසේ එක්කෝටි පනස් දෙලක්ෂයක් මහජනතාවගෙන් ඡන්දයක් සාධාරණව විමසිය හැකිද...? මරණ ආධාර සමිතියක් වුවද මත ගැටුමකදී මහ සභාව කැඳවා ඡන්දයක් විමසීම මුළු ලෝකයාම පොදුවේ පිළිගත් ක්‍රමවේදයයි... බහුතර මතයට ගරුකිරීම, ශිෂ්ට සම්පන්න, නීතිගරුක, බෞද්ධ අය සියයට 72ක් සිටින රටක, ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ශ්‍රී ලංකාවේ. පාර්ලිමේන්තුවේ 15/11/2018 වෙනිදා සිදුවූ සිදුවීම අපි තරයේ හෙලා දකිමු.
කෝ ඔයගොල්ලොගේ 113? නටන්න බැරි අයට පොලොව ඇදයි කියනවා වගේ !
මහින්ද රට ගිනිතියල පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ..