
(අංජුල මහික වීරරත්න)
උරුමය වැඩසටහන 2002, 2003 වසරවල ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බවද ජනාධිපතිවරයා කීය.
අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බව පැවසූ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ද මීට සහභාගී විය.
COMMENTS
තව සති දහයකින් ගෙදර යවන්න ඉන්න කෙනා අධිකරණයට තර්ජනය කිරීම වහා නැවැත්විය යුතුයි...
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ... මාමණ්ඩිගේ කාලේ වගේ කියලා හිතන් ඉන්නවා ද දන්නේ නැහැ.
අවසන් දින කීපයේදී කියවන ඒවා නොසලකන්න.
පාර්ලිමේන්තුවට තියෙන ව්‍යවස්ථාදායක බලය එයාලා බලාගනියි. තමා තමන්ට අහම්බෙන් ලැබුණු අනුප්‍රාප්තික විධායක පදවිය තව මාස තුනකට අඩුකාලය කරලා අධිකරණයට තර්ජනය කරන එක නවත්තලා ගෙදර යන්න ලෑස්ති වුණොත් නම්බුව ටිකක්වත් බේරාගන්න හැකිවේවි...
එතකොට රටේ ජනතාවට පාර්ලිමේන්තුවට ගිහිල්ලා නඩුව කියන්නද කියන්නේ...? අවසානයේ හොරු රන් කොල්ලකරුවෝ කප්පම්කාරයෝ මිනීමරුවෝ කුඩ්ඩෝ අරක්කු කාරයෝ නඩු අහන්න යනවාද?
උඩ ඉන්න දෙවියෝ මේවා බලාගන්න ඕනේ... රටට වෙන දෙයක්...
එතකොට අර පසුගිය දින 52 කාලේ අගමැතිකම නැතිවුණු වෙලාවේ උසාවි ගිහින් අගමැතිකම රැකගන්න උසාවියේ පිහිට පැතුවේ අහවල් එකටද?
මේ මොලේ අමාරුකාර නාකි නරියා ඉල්ලගෙන කනවා. ණයට ගත්තු "මුක්තිය"ද මොකක්ද මළ ජරාවට මුවාවෙලා මෙයා මේ කරන්නේ අධිකරණයට කෙලින්ම අපහාස කිරීමක්. පුදුම වෙන්න දෙයක් නැහැ..., මාමා කියන කෙනා අපේ රට විනාශ කරන්න මගපාදපු අය අධිකරණයේ විනිශ්චය කාරවරුන්ගේ ගෙවල්වලට බොරු චන්ඩි ලවා ගල් ගැස්සුවේ. මෙයා එයාගේ බෑණා. හැබැයි., තවමාස කිහිපයකින් පසු මැතිවරණය තියෙනවා. අනිවාර්යයෙන්ම පරදිනවා..!!! ඊට පස්සේ මුක්තිය ඉවරයි... බල්ලා මාක්...
කිසිම ජනවරමක් ,,ජන ප්‍රසාදයක් නැති ,ගෝඨාගේ ධූර කාලය පුරවන්ඩ දාපු පින් ජනපතියා ගේ මොලේ කොලොප්පම් වෙලා? රටේ යුක්තිය නීතිය සාධාරනය වෙනුවෙන් පෙනී සිටින්නේ අධිකරණය ..දූශිත දේසපාලුවෝ හැම දේටම ඇගිලි ගහන එකයි කරන්නේ?
ජනතාවට අල්ලස් දීම නවතලා බඩු ටික පැක් කරගන්න
කොළඹින් මනාප චන්ද කීයද ගත්තේ මතක නැතුව ඇති
අධිකරණ බලය ඇත්තේ අධිකරණයටයි. පාර්ලිමේන්තුවට ඇත්තේ ව්‍යවස්ථාදායකය බලය හෙවත් නීති සම්පාදනය කිරීමේ බලයයි. පාර්ලිමේන්තුවට විධායක බලයක් නැත. මේ යකා හැරෙන්නෙම පොල් පැලේ කන්න මයි
රනිල වැඩ්ඩෙක් නෙවෙයි...ගොබ්බයෙක් කියල තාමත් අපේ මිනිස්සුන්ට තෙරෙන්නෙ නැත්නම් උන් ඔක්කොම ගොබ්බයො තමයි. 1977 ඉදල ඔය මිනිහ පාර්ලිමේන්තුවෙ. රටට හෙනයක් මිසක් යහපතක් කරල තියෙනවද කවදවත්...