සාපරාධී අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ලැබුණොත් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) ජනපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ ගාලු නගර සභා ශාලාවේ පැවැති ජාතික වැඩසටහනට එක්වෙමින් පැවසීය.
‘කොටදෙණියාවේ දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමෙන් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක් ලැබුණා. ඊට පෙරත් එවැනි ඉල්ලීම් ලැබුණා. බොහෝ දියුණු රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා.‘ යැයි ජනපති කීවේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ඒවත් පාර්ලිමේන්තුවෙන් අහනවද ? හොදම දේ ජනමත විචාරණයක් තැබීම . මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අයව විශ්වාස කරන්න බැහැ. (බ)
ජනධිපති තුමාගේ අදහස නම් හොදයි හැබැයි පර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයිද කියන එක ගැන නම් කිසිම විශ්ව විශ්වාසයක් නැහැ.(ම)
එල්ලුම් ගහ නියම විය යුත්තේ ළමා දුෂකයන්ට පමණි (ම)
ඔබ තුමා ඍජු තීන්දුවක් ගන්න. එල්ලුම් ගස ගෙනවිත් අපරාදකාරයින්ගෙන් මේ රට බේරලා දෙන්ඩ. (අ)
එල්ලා මැරීම අතිශය දරුණු දඩුවමක්. එ්ත් ඇයි වැඩි පිරිසක් එවැනි දඬුවමක් ඉල්ලමින් කැ ගසන්නේ. හේතුව සුළුතරයකගේ ම්ලේච්ඡ කල්කිරියාව තවදුරටත් ඉවසා සිටිිමට නොහැකි නිසයි. යහපත් සමාජයක් බිහිකරන්න ලැබෙන අන්තිම අවස්ථාව මෙය විය හැකිය. පමා නොවන්න ! (අ)
වැඩේ හොඳයි. පාර්ළිමේන්තුවේ දී මෙය අනුමත නොකරන මන්ත්‍රීවරුන්ටයි ඇමතිවරුන්ටයි විරුද්ධව ඉදිරියේ දී කතිර සෙල්ලමේ දී ගෙදර යවන්න මහජනතාව වශයෙන් අපි වග බලා ගනිමු. (අ)
මංගල එකක් කියනවා, මෙයා ඊට හාත්පසින් විරුද්ධ දෙයක් කියනවා. ආණ්ඩුවක් නොවේ ලෝක විහිළුවක්. ඇමතියෝ කියන දේ ජනපති දන්නේ නැහැ. (අ)
හොඳ තීරණයක් මේ මොහොතේ රටට ගැලපෙන නීතියක් (අ)
නියමයිනේ. ඒත් ඉතින් අනුමැතිය ලැබෙයිද කවුද දන්නේ (නි)
නිමල් කියපු දේ හරි. මරණීය දණ්ඩනයට අකමැති වෙන ඇමතියෝ ගැන බලාගමු අනිත් කතිර සටනේදී. අපිට ඕනි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා හරි අපේ පුංචි දරුවෝ ටික බේරගන්නයි. (අ)
හොඳ වැඩක් ජනපතිතුමනි (ම)
හොද වැඩක් , ජනාධිතිතුමා ලංකාවේදී මෙහෙම කියනවා , ජිනිවා වලදී විදේශ ඇමතිතුමා කියනවා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා , දැන් අපි පිළිගන්නේ කොයි කතාවද ? අද කොහොමත් ජනාධිපති තුමාට වඩා ඉහල තව ගොඩක් මැති ඇමතිවරු ඉන්නවනේ නේද ? (බ)
මෙයාට අනිත් දේවල් නම් රාජ්‍ය නායකයා හැටියට තීරණ ගන්නත් පුළුවන් නියෝග දෙන්නත් පුළුවන් මේකට විතරක් පාර්ලිමේන්තුවේ අවසරයත් ඕනලු. අනේද කියන්නේ (බ)
අන්න කරනවානම් වැඩේ ලංකාවෙන් 50%ක් ඉවරයි, වැඩියෙන්ම ඉන්නේ අපරාද කාරයෝ. දවසට 1ක් වඩා එල්ලන්නවෙයි. (බ)
ඕකට ඉක්මනට පාර්ලිමේන්තුවේ අනුමැතිය අරන් ක්‍රියාත්මක කරන්න ඕනේ ඉක්මනට නැත්තන් කොච්චර අහිංසක ජීවිත නැතිවෙයි ද අපිට (බ)
ජනාධිපතිතුමනි ඔබට බලය තියනවා මේ ගැන ඍජු තීරණයක් ගන්න. වටේ යන්න එපා (බ)
හොරාගේ අම්මගෙන් පේන අහල පටන්ගනිමු....(බ)
ශ්‍රීලංකා පක්ෂයේ සභාපති විදියට එඩිතර දැඩි තීන්දු ගත්තට මුළු ලංකාවේම නායකයා විදියට අවශ්‍යම තීන්දු ගද්දි මොකටද පස්ස ගහන්නේ විධායක ජනාධීපතිකමේ බලය පෙන්වන්න (ම)
ජනපති තුමනි ඔබතුමාට අපගේ ප්‍රණාමය (ම)
චන්ද්‍රිකාගෙනුත් අහල කියන්නකෝ (ම)