IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘පාර්ලිමේන්තුව අනුමත කළොත් මරණ දඬුවම ගේනවා‘ - ජනපති

සාපරාධී අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ලැබුණොත් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) ජනපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ ගාලු නගර සභා ශාලාවේ පැවැති ජාතික වැඩසටහනට එක්වෙමින් පැවසීය.

‘කොටදෙණියාවේ දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමෙන් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක් ලැබුණා. ඊට පෙරත් එවැනි ඉල්ලීම් ලැබුණා. බොහෝ දියුණු රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා.‘ යැයි ජනපති කීවේය.

galle_2015918 galle_2015918-2 galle_2015918-3 galle_2015918-4

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (0)

‘පාර්ලිමේන්තුව අනුමත කළොත් මරණ දඬුවම ගේනවා‘ - ජනපති

සිල්වි Friday, 18 September 2015 12:52 PM

අනිත් ඒවත් පාර්ලිමේන්තුවෙන් අහනවද ? හොදම දේ ජනමත විචාරණයක් තැබීම . මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අයව විශ්වාස කරන්න බැහැ. (බ)

:       0       0

චමත් Friday, 18 September 2015 08:42 AM

ජනධිපති තුමාගේ අදහස නම් හොදයි හැබැයි පර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයිද කියන එක ගැන නම් කිසිම විශ්ව විශ්වාසයක් නැහැ.(ම)

:       0       0

කුමාර Sunday, 20 September 2015 03:27 PM

එල්ලුම් ගහ නියම විය යුත්තේ ළමා දුෂකයන්ට පමණි (ම)

:       0       0

වසන්ත Friday, 18 September 2015 01:06 PM

ඔබ තුමා ඍජු තීන්දුවක් ගන්න. එල්ලුම් ගස ගෙනවිත් අපරාදකාරයින්ගෙන් මේ රට බේරලා දෙන්ඩ. (අ)

:       0       0

රංජිත් Friday, 18 September 2015 01:07 PM

එල්ලා මැරීම අතිශය දරුණු දඩුවමක්. එ්ත් ඇයි වැඩි පිරිසක් එවැනි දඬුවමක් ඉල්ලමින් කැ ගසන්නේ. හේතුව සුළුතරයකගේ ම්ලේච්ඡ කල්කිරියාව තවදුරටත් ඉවසා සිටිිමට නොහැකි නිසයි. යහපත් සමාජයක් බිහිකරන්න ලැබෙන අන්තිම අවස්ථාව මෙය විය හැකිය. පමා නොවන්න ! (අ)

:       0       0

නිමල් Friday, 18 September 2015 01:18 PM

වැඩේ හොඳයි. පාර්ළිමේන්තුවේ දී මෙය අනුමත නොකරන මන්ත්‍රීවරුන්ටයි ඇමතිවරුන්ටයි විරුද්ධව ඉදිරියේ දී කතිර සෙල්ලමේ දී ගෙදර යවන්න මහජනතාව වශයෙන් අපි වග බලා ගනිමු. (අ)

:       0       0

ඩිල්ශාන් Friday, 18 September 2015 02:01 PM

මංගල එකක් කියනවා, මෙයා ඊට හාත්පසින් විරුද්ධ දෙයක් කියනවා. ආණ්ඩුවක් නොවේ ලෝක විහිළුවක්. ඇමතියෝ කියන දේ ජනපති දන්නේ නැහැ. (අ)

:       0       0

යොහාන් හසිත Friday, 18 September 2015 02:18 PM

හොඳ තීරණයක් මේ මොහොතේ රටට ගැලපෙන නීතියක් (අ)

:       0       0

ටෙනිසන් Monday, 19 September 2016 03:01 AM

නියමයිනේ. ඒත් ඉතින් අනුමැතිය ලැබෙයිද කවුද දන්නේ (නි)

:       0       0

මලිත් Friday, 18 September 2015 04:27 PM

නිමල් කියපු දේ හරි. මරණීය දණ්ඩනයට අකමැති වෙන ඇමතියෝ ගැන බලාගමු අනිත් කතිර සටනේදී. අපිට ඕනි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා හරි අපේ පුංචි දරුවෝ ටික බේරගන්නයි. (අ)

:       0       0

ගයාන් Friday, 18 September 2015 10:08 AM

හොඳ වැඩක් ජනපතිතුමනි (ම)

:       0       0

මහානාම - කඳාන Friday, 18 September 2015 10:14 AM

හොද වැඩක් , ජනාධිතිතුමා ලංකාවේදී මෙහෙම කියනවා , ජිනිවා වලදී විදේශ ඇමතිතුමා කියනවා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා , දැන් අපි පිළිගන්නේ කොයි කතාවද ? අද කොහොමත් ජනාධිපති තුමාට වඩා ඉහල තව ගොඩක් මැති ඇමතිවරු ඉන්නවනේ නේද ? (බ)

:       0       0

සුරංජිත් Friday, 18 September 2015 10:16 AM

මෙයාට අනිත් දේවල් නම් රාජ්‍ය නායකයා හැටියට තීරණ ගන්නත් පුළුවන් නියෝග දෙන්නත් පුළුවන් මේකට විතරක් පාර්ලිමේන්තුවේ අවසරයත් ඕනලු. අනේද කියන්නේ (බ)

:       0       0

ෆාරා Friday, 18 September 2015 10:24 AM

අන්න කරනවානම් වැඩේ ලංකාවෙන් 50%ක් ඉවරයි, වැඩියෙන්ම ඉන්නේ අපරාද කාරයෝ. දවසට 1ක් වඩා එල්ලන්නවෙයි. (බ)

:       0       0

ජගත් Friday, 18 September 2015 10:26 AM

ඕකට ඉක්මනට පාර්ලිමේන්තුවේ අනුමැතිය අරන් ක්‍රියාත්මක කරන්න ඕනේ ඉක්මනට නැත්තන් කොච්චර අහිංසක ජීවිත නැතිවෙයි ද අපිට (බ)

:       0       0

ලලිත් පෙරේරා Friday, 18 September 2015 10:37 AM

ජනාධිපතිතුමනි ඔබට බලය තියනවා මේ ගැන ඍජු තීරණයක් ගන්න. වටේ යන්න එපා (බ)

:       0       0

චින්තන Friday, 18 September 2015 10:49 AM

හොරාගේ අම්මගෙන් පේන අහල පටන්ගනිමු....(බ)

:       0       0

අනිල් රෝහණ Friday, 18 September 2015 11:05 AM

ශ්‍රීලංකා පක්ෂයේ සභාපති විදියට එඩිතර දැඩි තීන්දු ගත්තට මුළු ලංකාවේම නායකයා විදියට අවශ්‍යම තීන්දු ගද්දි මොකටද පස්ස ගහන්නේ විධායක ජනාධීපතිකමේ බලය පෙන්වන්න (ම)

:       0       0

තිලක් Friday, 18 September 2015 11:08 AM

ජනපති තුමනි ඔබතුමාට අපගේ ප්‍රණාමය (ම)

:       0       0

මනුක Friday, 18 September 2015 11:54 AM

චන්ද්‍රිකාගෙනුත් අහල කියන්නකෝ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site