
නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති , බන්ධනාගාරගත කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගීවීමට මඩකළපුව මහාධිකරණයෙන් අද(18) අවසර ලබාදී තිබේ.
පළමු පාර්ලිමේන්තු සැසිය 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙවර මහ මැතිවරණයේදී තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග වැඳුණු ඒ මහතා මනාප 54,198 ක් රැගෙන මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්විය.
2005 වසරේදී මඩකළපුව ශාන්ත මේරී දේවස්ථානයේ නත්තල් පුජාවට සහභාගීව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
(ඡායාරූප - ටී. එල්. ජව්ෆර්කාන්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අපේ රටේ විතරක් මිනිමැරුම් චෝදනා වලට හිරේ ඉන්න කිහිප දෙනෙක් පාර්ලිමේන්තු යන්නේ? ඇයි වෙන දියුණු රටවල එහෙම නැත්තේ.... ලංකාව වඩාත්ම මාරම හොඳ රටක් නිසාද?
අර උසාවියෙන් නඩු අසා වරදකරු වෙලා එල්ලුම්ගස් ගිය එකේ... නැතත් අවසර දෙයි එහෙනම්.
ඔබතුමා වැනි උදාර මහත්මයින් අප පාර්ලිමේන්තුවේ සිටින එක ගැන අපට ඇත්තේ විශාල ආඩම්බරයක්... මේ රටට, ජාතියට, සංස්කෘතියට, ගැලපෙන ඔබතුමා වැනි අයගෙන් තවතවත් මේ පාර්ලිමේන්තුව පිරේවා යයි පතමි...!!!
රටකට ගිය කලක්... හොරුන්, මංකොල්ල කාරයින්, කුඩු ඒජන්තයින්, බාර්කාරයින්.... පිරිපුන් පාර්ලිමේන්තුව...
වෙන රටවල ක්‍රියාත්මක වන ආකාරයට නඩුවක් මාස කිහිපයකින් අහලා තීන්දුවක් දෙන්න ලංකාවේ බැරි මොකද?
හිරගෙදර හෝ බන්ධනාගාර ගතවුණු අයට පාර්ලිමේන්තු යන්න දෙන්න ඉඩ නොදෙන විදිහට නීති ගේන්න ඕනේ මේ රට හදන්න නම්...