පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාවට නැංවීමේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීමට හා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ඉටුවිය යුතු සේවා කඩිනමින් ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
‘පසුගිය දින 100 මට මේ අමාත්‍යංශයට එන්න හැකිවුණේ නැහැ. දින 100 වැඩපිළිවෙළ හා මැතිවරණය නිසා අපි බොහෝ සේ කාර්ය බහුල වුණා. දැන් මෙම අමාත්‍යංශය විශේෂ එකක්. සේවකයන් ලෙස මා සමග සුහදව වැඩකළ හැකියි. ඔබට ඕනෑම මොහොතක මා සමග සාකච්ඡා කරන්න පුළුවන්. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මැති ඇමැතිවරුන්ගේ පහසුකම් සපයන ආයතනයක් සේම පාර්ලිමේන්තුවේ රජය සිදුකිරීමට දරන වෙනස වෙනුවෙන් මනා දායකත්වයක් සපයන ආයකනයක් බවට පත්විය යුතුයි‘ යැයිද එහි සේවකයන් හමුවූ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඡායාරූප - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනීවා ජිනීවා කිව්වට මිනිස්සුන්ගේ බඩ කට පිරෙන්නේ නැහැ. යුද්දේ වෙනුවෙන් ජනතාව බදු ගෙවල විශාල කැපවීමක් කළා. දැන්වත් බඩු මිල අඩුකරන්න. අපි යහපාලනයට ඡන්දේ දුන්නේ බඩු මිල අඩු කරාවිය කියන බලාපොරොත්තුවෙන්. මේ රටේ විශාල පිරිසක් නිසි පෝෂණය නොලබන මන්දපෝෂණයෙන් පෙලෙන බව සමීක්ෂණ වාර්තා වලින් පෙනී යනවා (බ)
පාර්ලිමේන්තුව හැදුනොත් රටම හැදුනා වාගේ තමයි. ඕක තමයි හදන්න අමාරුම තැන. (බ)
මෙවරවත් නිට්ටාවට බෙහෙතක් දෙන්න (නි)