ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කඩාකප්පල්  කිරිමේ  අරමුණින් පාර්ලිමේන්තු කලබලය  සැලසුම්   කළ බව  පෙනේ යැයි ජාතික හෙළ උරුමයේ  ප්‍රධාන  ලේකම්  හා විදුලිබල හා  බලශක්ති   අමාත්‍ය   පාඨලී   චම්පික රණවක මහතා  පැවසීය.

ව්‍යවස්ථා  සංශෝධනයක්  සිදුවීම වළක්වා   රට හදිසි මහ   මැතිවරණයකට  ගෙන ගොස්  එයින්  දේශපාලන වාසි  ලබා ගැනීමට  එක්සත් ජාතික පක්ෂයේ  හා ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයේ  සමහරුන්  කටයුතු   කරමින්  සිටින  බව ද  අමාත්‍යවරයා  සඳහන්  කළේය.

ව්‍යවස්ථා  සංශෝධනයට  ගැනීමට  නියමිත තිරණාත්මක  අවස්ථාවේදීම හිටපු  ජනාධිපතිවරයා අල්ලස්  කොමිසම හමුවට   කැඳවිම ද සැක සහිත බව  රණවක මහතා   කිවේය.

19 වැනි ව්‍යවස්ථා  සංශෝධනයට  මෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම සඳහා  ශ්‍රි ල නි ප ය  ඉදිරිපත්  කර ඇති  20 වැනි   ව්‍යවස්ථා සංශෝධනයට   ද  ජාතික  හෙළ  උරුමය  එකඟ බව හෙතම කියා සිටියේය.

අමාත්‍යවරයා මේ  බව  පැවසුවේ   බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ  පිහිටි ජාතික හෙළ  උරුම  ප්‍රධාන  කාර්යාලයේදි   අද  (21) පෙරවරුවේ  පැවති  මාධ්‍ය  හමුවක දීය.