ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සහ යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඉකුත් සිකුරාදා (06) මහරගම තරුණ සේවා සභා ක‍්‍රීඩාංගණයේදී පැවති සැහැල්ලූ පන්දු සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 17ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමට හැකි විය.
නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු අග‍්‍රාමාත්‍ය ශිහාන් ධම්මික නායකත්වය දැරූ කණ්ඩායම් දෙක අතර පැවති මෙම ක‍්‍රිකට් තරගය පන්දු ඕවර 15 කට සීමා විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාර්ලිමේන්තු කණ්ඩායම ලකුණු 08 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී කණ්ඩායමේ වගකීම කරට ගත් ඩිලාන් පෙරේරා සහ නාමල් රාජපක්ෂ 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. නාමල් රාජපක්‍ෂ 4 පහර 2 ක් සහ 6 පහර 4 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය.
පාර්ලිමේන්තු කණ්ඩායම සියලූ දෙනා දැවී 134 (නාමල් රාජපක්‍ෂ 59, මහන්දානන්ද අලූත්ගමගේ 18, ඩිලාන් පෙරේරා 16, පේ‍්‍රමලාල් ජයසේකර 13, ශිහාන් ධම්මික 15/2)
යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම සියලූ දෙනා දැවී 117 (සඳරුවන් ජයසුන්දර 31, විමල් වීරවංශ 40/2, නාමල් රාජපක්‍ෂ 26/3, මහින්දානන්ද අලූත්ගමගේ 8/3)
තරගයේ වීරයා- නාමල් රාජපක්‍ෂ (පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පිතිකරු- සඳරුවන් ජයසුන්දර (යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පන්දු යවන්නා- මහින්දානන්ද අලූත්ගමගේ (පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පන්දු රකින්නා- පේ‍්‍රමලාල් ජයසේකර (පාර්ලිමේන්තු කණ්ඩායම)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි පී එල් ගහන්න බැරිද?
මේ අයට දිගටම සෙල්ලම් කරන්න තිබුණනම් තමයි හොද.
මෙච්චර ප්‍රශ්න තියෙද්දී ක්‍රිකට් ගහලා හරි යනවද?
අපේ පාසලත් තියනවා ඔය වගේ තරගයක් ගුරු මණ්ඩලෙයි ශිෂ්‍ය නායක මණ්ඩලෙයි අතරේ. ගුරු මණ්ඩලේ මුලින් ගහලා ලකුණු අඩුවෙන් ගන්නේ. ශිෂ්‍යනායක මණ්ඩලය ඊට පස්සේ අඩුවෙන් හගල හිතලම පරදිනවා..
මේ අයටනම් මොනවගෙන් අඩුවක්ද?