පවුලේ අය සමග නුවරඑළියේ අවන්හලකට ගිය පුද්ගලයකු ප්‍රයිඩ් රයිස් ඇනවුම් කළේය. කංකුන් ව්‍යාංජනයක්ද එයට අඩංගු විය. කෑම ගනිද්දී ඔහුගේ කුඩා දියණිය කංකුන් ව්‍යංජනයේ තිබී අමුතු කොළ ජාතියක් පෙන්නා ඇත.
එය පරීක්ෂා කළ පසු එහි තිබී තණකොළ සොයාගෙන ඇත. එම පුද්ගලයා අදාළ අවන්හල් කළමනාකරුට දන්වා සෞඛ්‍ය අංශද දැනුවත් කිරීමට කටයුතු කරන බව පැවසීය.
හෝටල් සේවකයකු ඔහුට කීවේ ‘මෙය වැරදි දෙයක් බව ඇත්ත නමුත් මේ දිනවල මනාප ඉල්ලීමට එන අයට දීමට නම් සුදුසුයි‘ යනුවෙනි.
කංකුන් මිටියක් රුපියල් 30 -40 අතර මිලකට ගන්නා හෝටල් හිමියෝ ඒවා යොදාගෙන කංකුන් ඩෙවල් දමා සෝස් සමග අලෙවි කර එක් කංකුන් මිටියකින් රුපියල් 500ක පමණ ආදායමක් උපයා ගනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි වලත් කන්කුන් වැවෙනවා. හරි රස කැමක්.(ස)
මිනිස්සු කඩවල් වලින් කන ජරා කෑම දැක්කහම තණකොළ මොනවද? (නි)
ඉතින් මහත්තයෝ ගණන් අහලවත් මීට පස්සෙවත් කන්න පුරුදුවෙන්න .ලොකු හොටෙල් වලින් කාලා පොඩි බිල් බලාපොරොත්තු වෙන්න එපා . (ම)
මම ඊයේ කන්කුම් මිටියක් ගත්තා රු 30.00 යි (නදී)
ඔව් සීදුව පැත්තේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. එ්කේ අය කංකුං ඩෙවල් ඉල්ලපුවාම කරන්නේ ඉස්සරහ කාණුවේ හොදට කංකුං වැවෙනවා .ටක් ගාල ඇවිල්ල කපාගෙන යනවා .තණකොලත් එක්කම .හරියට හෝදනවදත් දන්නේ නෑ.අනික දැන් ලංකාවේ කංකුං රුපියල් පනහට නම් ගන්න බැ හොඳේ. (ස)
එ්ත් දැන් කුඹුරු වල වැවෙන කංකුන් , කොහිල වගේ දේවල් කනකොට පරිස්සමෙන් . කුඹුරු වලට දාන විෂ රසායන ඒවායේ තියෙනවා. විශ්ෂයෙන් අල වල. (බ)
මහත්තයෝ, කුඹුරුවල වැවෙන ,"තෘණපලා" ඉතා අනර්ඝ ගැමි ආහාරයකි. නොදන්නවානම් ගමේ වැඩිහිටියෙකුගෙන් අහන්න (බ) .