පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැති "නිව්යෝර්ක්" විලාසිතා දැක්මට එක්වූ බොලිවුඩ් නිළියන් අතරේ ප්‍රියංකා චොප්රාට හා සනී ලියොන් දෙදෙනාට විශේෂ තැනක් හිමිව තිබුණා. මේ වනවිට සමීප මිතුරියන් බවට පත්ව සිටින ප්‍රියංකා හා සනී දෙදෙනා පෙනී සිටින ඡායාරූපය කිහිපයක්ම ඔවුන්ගේ "ඉන්ස්ටර්ග්‍රෑම්" ගිණුම්හි පළකර තිබුණා.
"නිව්යෝර්ක්" විලාසිතා දැක්මෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නිව්යෝර්ක් නගරයේ සාප්පු සවාරියකටද එක්ව සිටි බවට තොරතුරු ලැබෙන අතර, ප්‍රියංකා මෙන්ම සනීද මෙහිදී ත්‍යාග හුවමාරුකරගත් පුවතක්ද "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.
ප්‍රියංකා මේ දිනවල සිය ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සඳහා දායකව සිටින අතර, කලක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ගත කළ නිසාවෙන් සනී සිය ඥාතීන් හමුවීමටද මෙම නිව්යෝර්ක් ගමන යොදාගත් බව සඳහන්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd