සගයන් යොදා පම්පරාගනනකට හම්බ කරගන්නා දේශපාලනඥයන් වෙනුවට රටට හා ජනතාවට ආදරය කරන පිරිසිදු දේශපාලනඥයන් පිරිසක් එළඹෙන මහ මැතිවරණයේ දී තෝරා ගන්නැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා කිරිඳිවැල දී පැවසීය.
‘පසුගිය සන්ධාන රජයේ පාර්ලිමේන්තුවේ සිටින සමහර මන්ත්‍රීවරුන් ගැන ජනතාව හොඳින් දන්නවා. දේශපාලන කඩතුරාවට මුවා වී කුඩු, එතනෝල් ඇතුළු විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසක් පසුගිය පාර්ලිමේන්තුවේ සිටියා. ඔවුන් මේ රටේ ජනතාව, අනාගත පරපුර ගැන සිතුවේ නැහැ. මැතිවරණයට වියදම් කළ මුදල් කුමන හෝ මාර්ගයකින් උපයා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා.
දේශපාලනයෙන් හම්බ කරන පිරිසක් රටට වැඩක් නෑ. එදා මේ රටේ නායකයන් තම පෞද්ගලික දේපොල විකුණා දේශපාලනය කළා. තම ආදායම් අසරණ ජනතාව පරිත්‍යාග කළා. තමන්ට වඩා රට ගැන සිතා කටයුතු කළා. මේ රට දියුණු කරනවා නම් ඒ වගේ අවංක මහත්මා දේශපාලනඥයන් රටට අවශ්‍යයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ කතාවක් (නි)
ඔබතුමාත් රනිල්ගේ පරම්පරාවේ නේද (නදී)
ඔබට ජය නියතයි. ඔබ රනිල් වගේ අවංක කෙනෙක් බව අපි දන්නවා. (ර)