කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ දී පැවැති තුන් වැනි ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් කලහකාරී ලෙස හැසිරුණු බව කියන හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයාන බව ද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස උසාවියට ඉදිරිපත් කරන තෙක් මාලිගාවත්ත පොලිසියේ රඳවාගෙන සිටිති.
මෙම සිද්ධියේ දී ගල් මුල් ගැසීමෙන් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දේපොළවලට ද, ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට ද , ගොඩනැගිලි වලට ද අලාබ හානි සිදුවූ බව පොලිසිය කියයි.
දස දෙනෙක් තුවාල ලදහ. ක්‍රීඩකයන් කිසිවකුටත් අනතුරක් වී නැතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෑච් එක බලල එනකොට අපෙ වාහන කුඩු කරල පොලු ගත්ත මිනිස්සු අපිට එලව එලව ගැහුවා පොලිසිය බලාගෙන හිටියා (ම)
වර්ගවාදී අදහස් නිසා තමයි ලංකාව වගේ රටවල් තව තවත් විනාශයටම ගෙනියන්නේ. තමන් ලංකාවේ කියල මුස්ලිම් රාජ්‍යක් වුණ පාකිස්ථානයට ජය පතන්න එපා කියල අනිත් අයට කියන්න බෑ. (ම)
පින්තූරවලින් වැරදිකාරයෝ හඳුනගන්න පුලුවන්(ම).
අනුර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් යැයි කියන කතාව මෝඩ කතාවක්. අපිට කීර්තිමත් වන්න බොහෝ දේ තිබෙනවා. (නි)
එම සිද්ධියට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙන්න ඕන සිදුවූ අලාබ හානිවලට අදාළ මුදල් ඔවුන්ගෙන් ලබාගන්න ඕන (බ)
මාලිගාවත්ත පොලිසිය සහ අවට පොලිසිද විශේෂ කාර්ය බලකායද එක්ව නීච ලෙස හැසිරුණු ප්‍රේක්ෂක කන්ඩායම් දෙකෙහි ගැටුම සමථයකට පත් කරන ලද අතර මෙය දඩමීමා කරගත් ජනවාරි 8 දා පරාජිත රාජපක්ෂවාදී ජාතිවාදීහු මෙයට වෙනත් මුහුණුවරක් දීමට උත්සාහ කරති. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් වන අතර එහි අග්‍රඵලය වූ ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව දිනා ගත්තේ පාකිස්ථානයේදී බව අමතක නොකළ යුතුය. රටටම අපකීර්තියක් ගෙන දුන් මෙම සිද්ධිය පළමු සහ අවසන් සිද්ධිය විය යුතුය. (බ)
බුද්ධික ලංකාදීප පුවත්පත් වටිනා හෙළිදරව්වක් කර තිබෙනවා .අයි එස් අයි එස් එකට බැදුණු ශ්‍රී ලාංකිකයා ගැන එම ලිපියට යොමුවී ලියල තියන අදහස් ටික කියවල බලන්න .අනික බොදුබල සේනාව කරපු වරද මොකද්ද ?හලාල් ගෙනාවේ බොදුබල සේනාවද ?ඔබ කියන්නේ සියලුම භික්ෂුන්ට වනගත වෙන ලෙසද ? (බ)
අනුර මොන පදනමෙන්ද ඔය ගෝරිය රාජපක්ෂ එකවුන්ට් එකට දාන්නේ? එතකොට කෙනෙක් කීවොත් අනුරත් රුපියල් 1600 යේ දවස් කුලියට කොමෙන්ට් දාන ටොයියෙක් කියලා එකත් හරිය කියල අපිටත් හිතන්න පුළුවන්නේ. (බ)
මේවා හොඳට බැලුවම පේනවා මේ මැච් එක බලන්න ගොඩක් පකිස්තාන් කාරයෝ ඇවිල්ල කියල ... පාකිස්තානේ කියන්නේ මෙහෙම සල්ලි වියදම් කරන් මැච් බලන්න යන්න පුළුවන් ජනතාවක් ඉන්න රටක් නෙමේ කියල කවුරුත් දන්නවා ...කවුද කෙනෙක් දාල තිබ්බ පකිස්ථානේදී ලෝක කුසලානය ගත්ත නිසා අපි එහෙට ගරු කරන්න ඕනේ කියල ...එතකොට පකිස්ථානේදී අපේ අයට ප්‍රහාරයක් එල්ල කරපු එකටත් එක්කද ගරු කරන්නේ දැන් දැන් සමහර පළාත් වල අමුතු නීති ඒවායේ පාරවල යන්න බෑ හැමතැනම වාහන ගහල මිනිස්සු පාරේ යන්නේ ලංකාවේ ඉදන් වෙන රටවලට හුරේ දානවා නම් එයිට වඩා මොන ජාතිවාදයද ...සිංහල නම් වලින් කොමෙන්ට් කරන ඔක්කොම සිංහල නෙමේ පේනවනේ ..(බ)
ප්‍රශ්නය ඇති කළ පුද්ගලයන්ට උපරිම දඬුවම් දෙන්න (බ)