ශ්‍රී ලංකාවේ ගිය රජය සමයේ බදු ගෙවන්නන්ගේ රුපියල් කෝටි 42650 ක් සොරකම් කළැයි කියන ප්‍රභූවරුන් සිවු දෙනෙකු ගැන දැන් පරීක්ෂණ පැවැත්වෙන බවත්, ඔවුන් නියත වශවෙයන්ම අත්අඩංගුවට ගන්නා නමුත් දැන්ම වැඩි විස්තර කිව නොහැකි බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා බලපිටියේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ පොඩ්ඩක් බලන්න ඔය නම් අතරේ දත් දොස්තරගේ නම නැද්ද කියලා.යහපාලනයට පැන්න ලොකුම ගේම්කාරයෙක් තමයි මුන්නැහැගේ දොස්තර අපුච්චා. (බ)
කන්දක් තරම් වූ නායකයෙක්ට අභියෝග කළ අයෙක් ගිය දුර...,!!! (බ)
ඩුබායි බැංකු විස්තර දෙන්න නම්, ලංකාවේ "අසාධාරණයෙන් උපයපු කළු සල්ලි" කියල ඔප්පු කරන්න සිද්ධ වෙනවා.ඒ කියන්නේ බැංකුත් පිළිගන්නවා අපේ උපාසක මහත්තුරු රුපියල් කෝටි ගාණක් ඩුබායි රටේ තැන්පත් කරලා තිබෙනවා කියන එක.මේ පරීක්ෂණය කරන්න ජෙනරල් ෆොන්සේකාට දැන්වත් බාර දෙන්න.රට ගැන හිතල යුතුකමක් වශයෙන් හිතල ඒ යුතුකම ඉෂ්ඨ කරන්න. (බ)
අම්මලට දරුවන්ට කන්න අදින්න මුදල් නැතිව ගගට මුහුදට පැනල ජිවිතේ විනාශ කර ගන්න රටක,පාසල් යන දරුවන්ට කන්න අදින්න නැතිව තේ කහට කෝප්පය බිල සෙරෙප්පු දෙකක් නැතිව පහසුකම් නැති පාසලට යන රටක ,මෙහෙම ගසා කෑම/ලෝකයේ බැංකු පුරවන එක හෙන ගහන අපරාධයක්.සොබා දහමින් හෝ දඩුවම් ලැබේවි.එහෙම නුවුනොත් ආගම් සියල්ලම බොරු.(කෞ)
මෙයගෙයි තාත්තගෙයි පම්පොරියම විතරයි අනේ මෙහෙම මජර දේශපාලනයක් .(කෞ)
නවක මන්ත්‍රී වරයෙකු ලෙස තම පළාතට ප්‍රදේශයට රටට ඵලදායී වන ව්‍යාපෘතියක් ගැන අදහසක් පල කළානම් අපිට ඔබ තුමාගේ කටට මසුරන් ටිකක්වත් දාන්න තිබුනනේ.(කෞ)
මෙයාල 2005 චන්දෙදි කරපු බොරුවම කියල පොඩි චන්දෙත් දිනාගන්න හිතනවා ඇති. දැන් අවුරුද්දකුත් ගෙඋනා, තවම බැරිඋනා එකම චෝදනාවක් ඔප්පුකරන්න. (කෞ)
ප්‍රභූවරු කෝටි ගණන් ගසා කෑවත් මේ රටේ සමහරුන්ට කිසි ගානක් නැහැ වගේනේ. (බ)
හා හා හා... අපිට විහිළු කරනවද? (නි)
විසිල් විතරයි, බල්ටි නැහැ. ලබන ඡන්දය එනතුරු ඕවා අහ අහ ඉමු හොඳේ (නි)
මටත් හිතාගන්න පුළුවන් කවුද මේ කට්ටිය කියලා. නමුත් මේ අය ඔය කියන සල්ලි කොහෙද හංගලා තියෙන්නේ කියන එකයි ප්‍රශ්නය. මේ කට්ටිය හිතුවේ නැතුව ඇති ඒ අයට පායපු ඉර, දවසක බැසයනවා කියලා. දැන් ගොනා පසුපස එන කරත්ත රෝදය වාගේ කර්මය මොවුන් පසුපස එන්න පටන් අරගෙන. (නි)
ඇයි මෙයා මෙච්චර කෑගහන්නේ? (නි)
දැන් කයිවාරුව ඇති. වැඩ පටන් ගන්නේ කවදද? ඔක්කොම බොරු. ඔක්කොම හොරු. (හේ)
අපිට කියන්න එපා ඕවා. කියවන්නේ නැතුව වැඩ පෙන්වන්න (නි)
මේ තරම් ගසාකාලත් තවත් මොවුන්ට ප්‍රභූවරු කියනවනේ ලැජ්ජා නැතුව. (නි)
මොනවා වුණත් ජනතාව ගොනාට අන්දවන්න දැන් අමාරුයි. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ටිකක් තිබෙනවා. (නි)
කතා ඇති! (නි)
මේ දෙගොල්ලොම කරන්නේ වැඩක් නොකර කුණු කන්දල් අවුස්සමින් කාලය කා දමමින් මිනිසුන් ගොනාට අන්දවමින් ඉන්න එක විතරයි. රටට වැඩක් කරන්න. රටේ ජනතාවට යහපත්ව ජීවත්වෙන්න ක්‍රමවේදයක් සකසන්න. (නි)
තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස වැඩක් කළොත් අනාගතය යහපත් වෙයි (නි)
තිලක් ඩුබායි, ඔබ ඔය ප්‍රභූවරුන් සහ ඔවුන්ගේ හොරකම් ගැන දන්නවා නම් උසාවියකටවත් ඔය දන්නා ටික කියන්න. (නි)
ඔච්චර ඉක්මනට හොයාගෙන තිබෙන දේවල් දැක්කහම ‘අනේ‘ කියලා හිතෙනවා. අර කතාවක් අහලා තියනවා නේද "ලූලා නැති වලට කනයා පණ්ඩිතයා“ කියලා (නි)
වෙන රටක නම් මේ වෙනකොට සල්ලිත් හොයාගෙන (නි)
ගිය ආණ්ඩුවේ හොරු කව්ද කියලා අපිත් දන්නවා. නමුත් මෙයාගෙයි මෙයාගෙ තාත්තගෙයි කයිය තමයි අපිට ඉවසන්න බැරි. (නි)
දැන් ජනතාවට මේ කතා පිළිකුල්. (නි)
රුපියල් කෝටි 42650 ක් සොරකම් කළැයි කියන ප්‍රභූවරුන් සිවු දෙනෙකු ගැන දැන් පරීක්ෂණ පැවැත්වෙන.....අපිනම් දන්නවා.(කෞ)
මගෙන් ගසා කාපු බදු මුදල් ගැනනම්,මම නම් කන්න නැති දඩාවතේ යන බල්ලොන්ට "බලු කපුටු දානයක්" දුන්න කියල හිත හදා ගන්නවා.(කෞ)
කියනවා විතරයි ... ප්‍රබු සෙට් එක කෝටි ගණන් හොරකම් කරපු එක බොහොම පැහැදිලියි ... එත් අත්අඩංගුවට ගන්න එක බාලගිරි දෝසයට අහුවෙලා වගෙයි (අ)
ප්‍රභූවරුන් හතරදෙනෙකු කෝටි 42650 ක් ගිලලා........ කෝටි 42650 ක් කියන්නේ ගසා කාපු මුළු ධනස්කන්දයෙන් 0.000001 කක් පමණයි. (අ)
කෝටි 42,650 ක් කියන්නේ කජු ඇටවත් කොස් ඇටවත් නෙමෙයි.(අ)
සේනාරත්න මහත්තයාට ට්‍රෝලර් බෝට්ටු ගන්න සල්ලි කොහෙන්ද කියා තමයි දැන් හොයන්නේ! (ම)
‘ඇල්මෙන් අකුරු උගනිව් ඩෙස් පුටු නොතකා‘ ලිපියේ ෆොටෝ ටික මේ කියන කම්බා හොරුන්ට යවන්න.(අ)
තාත්තා වගේම බොරු කියන්න දක්ෂය හැබැයි කට විතරයි වැඩ නැහැ (අ)
ප්‍රභූවරුන් සොරකම් නොකරන අතර සොරකම් කරන්නවුන්ට චෞරවරුන් යනුවෙන් හඳුන්වයි (අ)
අනේ මන්දා අත්අඩංගුවට ගැනීමට බාලගිරි දෝසෙ හදිලාද?(අ)
මෙයාල දන්නේ මේවගේ නාටක ගෙනෙන්න තමා. ඉස්සර යුද්දේ වවාගෙන කෑවේත් මේවගේ බංකලොත් දේශපාලකයෝ තමා. මෙයාලගේ විගඩම් වලට කට ඇරන් බලන් ඉන්න අය ඉන්නකන් මේ රටේ සංවර්ධනයක් නැහැ. (අ)