කොළඹ මහනුවර යෝජිත අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටවැල්ල පිවිසුමට මුල් ගල් තැබීමට යන ප්‍රභූන් පිළි ගැනීම සඳහා තොරණක් ඉදිකරමින් සිටි තරුණයෙක් (26) විදුලි සැර වැදී මිය ගියේය.
ඔහු විසින් එසැවුණු පුවක් කොටය වොල්ට් 33000 අධි බලැති විදුලි රැහැනක ගැටී ඇත.
කොළඹ මහනුවර යෝජිත අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටවැල්ල පිවිසුමට මුල් ගල් තැබීමට යන ප්‍රභූන් පිළි ගැනීම සඳහා තොරණක් ඉදිකරමින් සිටි තරුණයෙක් (26) විදුලි සැර වැදී මිය ගියේය.
ඔහු විසින් එසැවුණු පුවක් කොටය වොල්ට් 33000 අධි බලැති විදුලි රැහැනක ගැටී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියෙන්නෙම තොරන් තමයි. හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ දැන් මේ මුණු (දිල්)
කෙලුවට නිවන් සුව ලැබේවා.(හේ)
එක තොරණක් කඩා වැටිලා දොස්තර මහත්තයෙක්ගේ කොන්ද කැඩුනා. වේදිකාවක් ගෙනියපු ලොරියක් ගිලන් රථයක හැප්පිලා එකේ හිටපු තරුණ දොස්තර නෝනා මිය ගියා. දැන් තවත් තරුණයෙක් තොරණක් නිසා මිය ගිහින්. (හේ)
අහිංසක ජීවිතයක් නැති වුණා ඒක තමයි දුක.(හේ)
මට නම් ඔය ප්‍රභූන් කියලා කොටසක් නැහැ. එයාලත් අපි වගේම මිනිස්සු. අහිංසකයෙක් එයාලට තොරණ් බඳින්න ගිහින් ජීවිතය නැතිකරගත්තා. මේ මොන අපරාධයක්ද? (නි)
ඉතින් ඔය තොරණ් හදන්නම ඕනෑද? දැක්කනේ දැන් වෙච්ච දේ... (නි)
නරක පෙරනිමිත්තක් වගේ. (හේ)
අපලේ අහිංසකයෙක් පිටින් ගිය. පව්.(හේ)
මට හිතෙන විදියට ලංකාවේ මුල්ගල් තැබීම් සහ විවෘත කිරීම් සඳහා වියදම් කරන මුදලෙන් එම ව්‍යාපෘතිය වගේ දෙකක් කරන්න පුළුවන්. දැන් මේ තොරණ ගහන්න ගිහිල්ලා තියෙන්නේ හදන්න මුලික කටයුතු වත් සිදුකර ඇති මාර්ගයකට පිවිසුමක් සඳහා මුල්ගල තියන්නයි. මේ පාරට පිවිසුම් කීයක්ද? පිටවීම් කීයක්ද ? එතකොට ඒවායේ මුදල් එකතු කරන කාර්යාල දෙක බැගින්, මේ හැම එකකටම මුල්ගලට උත්සවයයි,විවෘත කිරීමේ උත්සවයයි . අනේ මන්දා. මියගිය තරුණයාට නිවන් සුව.(හේ)
මුල් ගල් තැබීමට එන ප්‍රභූන් මේ මියගිය අහිංසකය ගැන කරන්නේ මොනවද කියල බලමු.(දිල්)
විදුලිය එක්ක සෙල්ලම් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා.පරිස්සම් නැතිකම.(හේ)
අකාලේ ජීවිත නැතිවෙනවා දැන්.(හේ)
අපේ රටේ තරම් විදුලිය අපරික්ෂකාරිව පරිහරණය කරන රටක් මම නම් කොහේදී වත් දැකල නැහැ .විශේෂයෙන් වැඩබිම් වල , කුඩා පරිමානයේ කාර්මික ආයතන වල විතරක් නෙමෙයි සමහර ගෙවල් වලත් ආරක්ෂාව බින්දුවයි .මේක කියවන කී දෙනෙක් තමන්ගේ ගෙදර "ට්‍රිප් ස්විච් "එක පරික්ෂ කරනවද ?අඩු තරමේ මාසයකට වරක් වත් ? තමන්ගේ ගෙදර "භූගත " වයරයේ සම්බන්දතාවය ,එකේ ප්‍රතිරෝදය පරික්ෂ කරනවද ? මේ වගේ සුළු දේවල් නොසලකා හැරීම කෙලවර වෙන්නේ මරණයකින්.අධි වෝල්ටීයතා (අදි බල කියන යෙදුම වැරදියි ) රැහැන් අසල දිග රිටි වගේ දේවල් පරිහරණය කිරීම මාරාන්තිකයි .මෙතන වෙලා තියෙන්නේ ඒ ගැන දන්නා කවුරුවත් එතන ඉඳල නැහැ .අපරාදේ ජීවිතයක් .(හේ)