කොටි සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන එම් කේ සිවාජලිංගම්ට මහා මැතිවරණයට ඉදිරිපත් වීමේ වටපිටාව සකසා දීමට තම රජයට හැකිවීයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්ගම ඡන්ද රැස්වීමක දී පැවසීය.
එම් කේ සිවාජලිංගම් ද මහින්ද රාජපක්ෂ මහතා ද කුරුණෑගලින් තරග කරයි.
එල් ටී ටී ඊ සාමාජිකයන්ටත් ඡන්ද ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දී ඇත්තේ තම රජයෙන් බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ජයග්‍රහණය කරන්නයි බලන්නේ. සියලු නායකයනි, පරිස්සන් වෙන්න. (ර)
මහින්ද මහත්තයාගේ එක පැත්තක කරුණා අනිත් පැත්තේ කේ පි වගේ. මේවා අපේ වීරෝදාර රණවිරුවන්ටත්, එහි සෙන්පතිවරුන්ටත් කරන අපහාසයක් (නදී)
කවුද ඇත්තටම මේ මස්සිනා? (නි)
ඉතින් දැන් මේවා හරි වැඩද? (නි)
ඔබතුමා අපිට වටිනවා (නි)
මේ තණ්හාකාරයින්ව අපි කොහොමහරි පරදවනවා. ඊටපසුව බලාගන්න පුළුවන් වේවි මොකද වෙන්නේ කියලා .... (නි)
අම්මෝ කොටි එනවෝ! ඒ කියන්නේ එයාට විතරක් ඡන්දය දෙන්න කියලද? (නි)
ප්‍රභාකරන්ගේ මස්සිනත් ඡන්දෙට එනවා නම් එල්ටීටීඊ ඩයස්පෝරාව 'එල්ටීටීඊ ජනසංහාරයක් සිදුකළා යැයි කියන කතාව බොරුවක් බවයි තේරුම්ගත යුත්තේ. පුනරුත්තාපනයවුවන් බහුතරය සමාජයේ ඉහළට ගියා. සංහාරයට හසුවුවන් සිහිකරන්නෙක්වත් නැති තත්වයට ආවා. (නි)
එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ්, ස්ත්‍රී දූෂකයෝ, මැරයෝ එන්නේ කා නිසාද? පක්ෂයට දෙන්නම්, මේ අයට දෙන්නද එපාද කියලා ඔබතුමාම කියන්න බලන්න (නි)
මහින්ද මහත්තයෝ, දැන් එතකොට....? මට නම් තේරෙන්නේ නැහැ. ජනතාව උත්තර දෙයි. (නි)
හොරුත් සමග හෙළුවෙන්. ඔන්න ගොයියෝ අනාගත්ත තැන. (නදී)
මේවා වෙන අපේක්ෂකයෙක් කලොත් ඒ කොටි ඩයස් පෝරාවේ කෙනෙක් මහින්ද මහත්තය කරන නිසා සාමයට කැමති දෙමල සහෝදරයෙක්. කෝ මේ විමල් උතුමාණෝ (නදී)
මේවට මොනවා කියන්නද තේරෙන්නේ නැහැ. (ර)
හුඟක් මස්සිනාලාට අතීතය අමතකවේ (ම)
එහෙම කරලා අනෙක් අයට චෝදනා කරනවා කොටි සමඟ සම්බන්ධකම් තිබෙනවා කියලා? වීරවංශ මහත්තයා මොකද මේ ගැන කියන්නේ...?මේ විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? (නි)
මහින්ද මහත්තය "එල් ටී ටී ඊ සාමාජිකයන්ටත් ඡන්ද ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දී ඇත්තේ තම රජයෙන් බව" කියා ප්‍රකාශ කරේ නැහැ. ඔහු ප්‍රකාශ කරේ ඔහු යුද්ධය නිමා කරපු නිසා සියල්ලන්ටම එම අවස්ථාව ලැබී ඇති බවයි. (ර)
අපි නම් මේ කතාව අනුමත කරන්නේ නැහැ (නි)
බලාගෙනයි, ඊටපස්සේ කියයි කනවෝ කනවෝ...කියලා. (නි)
මෙතුමා මොනවද මේ කියන්නේ? (නි)
කොටි සමඟ කුරුණෑගලින් ඡන්ද ඉල්ලන්නේ මොකද කියලා අපිට තේරෙනවා (නි)
කොටි ඡන්දෙට එන එක හොඳ දෙයක්ද? (නි)
දැන් ජනතාව බුද්ධිමත් (නි)
ඒ කියන්නේ එයා ඒක අනුමත කරනවද? (නි)
ආයිත් එනවා කොටි ආවෝ, කොටි ආවෝ කියාගෙන? (ර)
චින්තක මහින්ද කියනදේ පැහැදිලිව තේරුම් කර ඇත. එහෙත්, ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් එජාපයට කඩේ යන අයට නැති බවයි මේ කතාවලින් පෙනෙන්නේ. (නි)
පක්ෂයට වුණත් ගන්න පුළුවන්නේ ඉතින්. ඕනෑනම් ඔය උප සභාපතිකමකුත් දෙන්න බැරියෑ (නි)
තවත් ඡන්දය දීපල්ලා ජාතියේ ආඩම්බරකාර තාත්තට (නදී)