මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පුවට බටහිර දෙසින් මහ කැලයේ පිහිටි කොටි භූගත බංකරයක් ඊයේ (3) පුපුරවා හළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
කොටි නායක ප්‍රභාකරන්ගේ භූගත බන්කරය පිහිටියේ ද මෙම පෙදෙසේය. මහල් තුනකින් සමන්විත මෙම බංකරයේ විට හදිසියක දී උමං මාර්ගයකින් ඉන් එළියට යා හැකිව තිබිණි.
‘කොටි බංකර කිහිපයක් ඉවත් කළා. මේ බංකරය අවට බිම්බෝම්බ බල දමා තිබුණු නිසයි පුපුරවා හරින්න ප්‍රමාධ වුණේ. එහෙම නැතිව පුපුරවා හැරියානම් කම්පන තරංග නිසා වටේ තියන අනෙක් බෝම්බත් පිපිරෙන්න ඉඩ තිබෙනවා.
එම බෝබ්බ ඉවත් කර ඉවර කළේ ගිය සතියේ.
කොටි සෙවනැලි තවත් තියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒවා ඉවත් කරනවා. පුදුකුඩුඉරුප්පු බටහිරින් පිහිට මෙම බංකර කොටි නායකයාගේම ද කියා හරියටම කියන්න අමාරුයි. නමුත් කොටින්ගේ බංකරයක් තමයි.‘
මහල් තුනකින් සමන්විත මෙම බංකරයේ විට හදිසියක දී උමං මාර්ගයකින් ඉන් එළියට යා හැකිව තිබිණි. බංකරය ඉදිරිපිට ප්‍රභාකරන් ඔවුන්ගේ විරුවන් ඇමැතීමේ මණ්ඩපයක් ද විය.
එම බංකරය ඉදිරිපිට මුරපොළවල වූ ආරක්ෂක කුටි වානේ තහඩුවලින් සවි ගන්වා තිබිණි. ප්‍රභාකරන්ගේ වාහනය එම නිවසට ඇතුළු කිරීමේ පහසුකම් ද එහි විය.
බංකරය වටා කටු කම්බි වැටවල් හතක් විය. එක් වැටක සිට අනෙක් වැටක දුර ප්‍රමාණය මීටර් 20ක් 25ක් පමණ විය.
ඒ හැම වැටකම මුර කපොලුවල තෝරා ගත් සන්නද්ධ කොටි ආරක්ෂාවට සිටියහ.
ප්‍රභාකරන්ගේ බංකරය බැලීමට පසුගිය කාලයේ බොහෝ පිරිසක් ගිය අතර මීට සති කිහිපයකට පෙර එය නවතා දැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කොටි සෙවනැලි තවත් තියන්නේ නෑ" කොටින්ගෙන් ගත්ත සල්ලිත් එක එක අයගේ ගිණුම් වලට දාගත්තේ එක නිසා වෙන්න ඇති ... අහවලාට ජයවේවා (දී)
සිහිවටන , හෙවනැලිත් ඉවර කළොත් තමා හොද කියන අයගෙන් මම අහන්නෙ. කරුණ අම්මාන් ගෙන , කේ.පී. ගැන මොකද කියන්නේ?? (දී)
එක හොදයි.නැත්නම් අලුත් මහඇමති තුමා මේක සිහිවටන කටුගෙයක් බවට පත් කරාවි.(අ)
කොටින්ව පර්ලිමෙන්තුවට ගෙනල්ල බංකර් පිපුරුවට ඇති පලේ මොකක්ක්ද .? (අ)
අපරාදේ ඡන්දයක් ලංවෙනකොට පුපුරවන්න තිබුනේ (නදී)
සමාජවාදීන් වශයෙන් අපේ අදහස දෙමල ජාතියට ස්වයං තීරණ අයිතිය දිය යුතු බවයි,අපේ පක්ෂයේ අදහසත් එයයි. (දී)
හෙවනැලි කෙසේ වෙතත් පන පිටින් කි දෙනක් හුරතල් වේවි ඉනවද ? මේ ගැන කතා නොකරන ගුනේ තමයි කියන්න ඕන තමන් හිටියේ ලංකාවේද කියල. (දී)
සංචාරකයන්ට බලන්න ලංකාවේ ඕන තරම් දේවල් තියෙනවා. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. කටුනායක පැත්තෙ එන් ජි ඕ කාරයෝ හරියට ඉන්නවා (දී)
මොකටද එයාලගේ ඉතිහාසය , අනෙක් තියන හෙම දෙයක්ම විනාස කල කල යුතුයි (දී)
අනේ මන්ද කොහොම කලාද කියල. අපි බලන්න ගියාම එතන හිටපු හමුදාවේ අය කිව්වේ ඒ වහලෙට දාල තියන කොන්ක්‍රීට් එක කෆීර් වලින් දාන බෝම්බ වලටවත් මුකුත් වන්නේ නැහැ කියල. කොහොම හරි කලානම් කමක් නැහැ. එත් අපරාදේ අපිට වත් ප්‍රයෝජනයක් ගන්න තිබුන.(අ)
අයියෝ මේවා පෞරාණික වස්තු හැටියට තිබිබානමි අපේ අනාගත පරපුරට බලාගන්න පලුවන් නේද?(දී)
දේශපාලනය පැත්තක තියමු හමුදා ජය සිංහලේ ජයයි. (අ)
මම හිතාගෙන උන්නේ මේක මගේ බංගලාව කරගන්න. (නි)
පමා වෙලා හරි කල යුතු සුදුසුම වැඩේ හමුදාව කරලා තියෙනවා
අර කට්ටියගෙ හිතට අමාරැ ඇති (අ).
මේවා නොකළ යුතු දේවල් එදා දුටුගැමුණු රජතුමා සතුරාගේ පිළිරුවක් හැදුවා. .(නදී)
කොටින්ගේ කියල පොඩි සිහිවටන ටිකක් තිබ්බ නම් තමා හොඳ..නැත්නම් අපේ මිනිස්සුන්ට කොටි කියල ජාතියක් මේ රටේ හිටියද කියල මතක නැති වේවි..ප්‍රභාකරන්ම කියල තිබ්බේ සිංහල මිනිස්සුන්ට ඕනි දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියල..
මේ ජාතිවාදී ක්‍රියා දැන්වත් නතර කරන්න,උතුරට හා නැගෙනහිරට ස්වයං තීරණ හා ස්වයං පාලන බලතල ලබා දෙන්න (දී)
ශාපලත් ඉතිහාසය මකා දැමිය යුතුයි.(දී)
කලින්ම දුලි කළා නම් හරි... (නි)
සෙනරත්ව අදහන්න වටිනවා. වික්‍රමට නම දාන්න තිබුනේ 'අවි ක්‍රම' කියලයි.(නදී)
විනාශ කළ එක නම් හොදයි, නමුත් ඔය යු. එන්. ඕ. කියන අයියලට පෙන්නුවා නම් තමයි හොද. (නි)
කුසල් ඔය කියනෙත්......හොදට තියෙයි නේ? (ත)
බංකරය විනාශ කලාට මදි ඉන්දියානු බලාපොරොත්තු වලට ඉඩ නොතැබිය යුතුයි. එය ජාතිවාදය නොවෙයි..(නදී)
දරුවන් පවා ගස්වල ගසා මරා දැමු ලේ පිපාසිත වියරු තිරිසන් ත්‍රස්තවාදියා ගේ කිසිවක් සිහිවටන නොවේ.වනසා දමා එහි හමුදා කදවුරක් පිහිටවිය යුතුය. (නි)
ම්ලේච්ඡ ත්‍රස්තයිනගේ සියලුම දේ බිමටම සමතලා කළයුතුයි. සොහොන් විදිහට සකසා අවි ආයුධ සගවා තැබීමටද හැකිය. සැකය හොද දෙයක් නොවුනත් නාසී ත්‍රස්තයින් ගැන සැකයෙන්ම සිටිය යුතුය. දිනකට පෙර යාපනයේදී පොලිස් භටෙයකු කපා කොටා රෝහල් ගත කරා. අපි මොවුන්ට පණ දුන්නට අපට එහෙම අනුකම්පා නොකරති.(නදී)
පුදුමයි! අපි ගිය සතියට කලින් සතියේ ගිහින් බලලා ආවා විතරයි (නි)
කිසිම පළාතකට හෝ ප්‍රදේශයකට, ස්වයං තීරණ හෝ ස්වයං පාලන බලතල කිසිම ආකාරයකින් කිසිම දවසක ලබා ගැනීමට නොහැකි වනසේ ව්‍යවස්ථා සකස් කළ යුතුය. එසේ නොවුනහොත් වැඩිකල් යාමට පෙර, කෝටි අටක් පමණ ද්‍රවිඩ ජනතාවක් සිටින තමිල්නාඩු ප්‍රාන්තයට කෝටි දෙකකටත් අඩු සිංහල ජනතාව පොඩි පට්ටම් වී යන දිනය උදා වනු ඇත. (නි)
මට නම් හිතෙන්නේ පාලු ගෙවල් වල වලං බිඳිනවා කියලා. (නදී)
කලින් හිටිය අය දැන් අපේ මුදල්වලින් සැප විදිනවා.එයාලට නිවාඩු ගත කරන්න ඒවත් තියන්න තිබුනේ. (නි)
සෙනරත් ඔබ හරි,බුද්දීමත්ම හිතන්න පුලූවන් අය අද අඩුයි. .අනික මේවා මේ මහජනයාට පෙන්න පෙන්න ඉන්න නෙමෙයි තිබුනේ එදාම අයින්කරලා දාන්න.(නදී)
හොඳ බුද්ධිමත් තීරණයක්. කොටි කඳවුරු සියල්ල මෙන්ම කොඩි සොහොන්ද වනසා දීර්ඝකාලීන බෝග හෝ ගස් වවන්න. (නි)
ත්‍රස්තවාදීන්ගේ ඉතිහාසයෙන් අපට වැඩක් නැත (නි)
කොටින්ගේ කිසිම දෙයක් ඉතුරු කරන්නට නරකයි. මැරුන කොටින්ටත් හුලන් ගසා පුම්බන්න කට්ටිය බලාගෙන ඉන්නේ. මේවා පුරා වස්තු කියා රැක ගන්නට ඕනෑ කියන්න පුළුවන් මේ අලුතින් ආපු හෙවනැලි වලට (නි)
කොටින්ගේ බංකර විනාශ කළාට කමක් නැහැ , නමුත් කොටි වධකාගාර විනාශ කරන්න එපා. විදේශ වල සිට පැමිණෙන සංචාරකයන්ට මෙම වධකාගාර නොමිලයේ පෙන්විය යුතුයි. කොටින්ගේ ක්‍රියා ගැන අවබෝධයක් ලබාගන්න. (නි)
අයියෝ! (නි)
මර බයෙන් වෙව්ලපු ගැරඬියෙක් හිටපු තැනක් මොකට තියා ගන්නවද? (නි)
ශ්‍රී ලාල් ඔබගෙ අදහසේ ඈත්තක් තිබෙනවා මෙය රජයේ වගකිවයුතු අංශ ඉතාමත් කාලෝචිතව හා දීර්ග ලෙස කල්පනාවෙන් ජාත්‍යන්තරයත් හොදින් තබාගෙන විසදුමක් ඉදිරිපත් කලයුතුයි.අද ගෝලීයකරණය තුල තනිවම රටකට තීරණ ගෑනීමට අපහසු තත්වයක් උදාවෙලා තියෙනවා. ඈමරිකාව ප්‍රමුක බටහිර රටවල් ඕනා දෙයටයි එපා දෙයටයි අත දානවා.මෙවෑනි තත්වයකදි එක්සත් ජාතින්ගේ සෑසිවාරය අමතා අපේ ජනාධිපතිතුමා කල කතාව පාටබේදයකින් තොරව අප සතුටුවිය යුතුයි. එමෙන්ම කොටින්ගේ අදුරු සෙවනෑලි ලෝකය පුරා විසිරී සිටිනවා. ඔවුන් බහුතරයක් සිටින රටවල දේශපාලන භූමිකාවට ඈතුල්වෙලා ඒවයින් පල නෙලන්න විශාල උත්හහයක් අරගන්නවා.ජත්‍යන්තරව එක් පෑත්තකින් ඒවාට ප්‍රතිබල ගොඩනෑගිය යුතුයි. තවද කොටින්ගේ බංකර පමනක් නොව සොහොන් පිටිද සුද්ද කලයුතුයි,නෑත්නම් පසුවට ඒවා සුද්ධ භූමි බවට සමහර අය බලය ආපුවාම පත්කරයි.ඒ තෑනින් ඔවුන් නවතින්නේ නෑත.තමිල්නාඩුවේ ජනතාව සරණාගත ලංකා දමිල ජනතාව වගේ උතුරේ පදිංචි කරාවි.කාටද ඒගෑන සහතිකයක් දෙන්න පුලුවන්....? ඒ වගේම විශාල ඉන්දියාවෙන් තමිල් නාඩුව වෙන්කරවන්න ජාත්ය්න්තර කුමන්ත්‍රණ කරුවන්ට අවශ්‍ය අද ඊයේ සිට නොවේ..වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ජාත්යන්තරව වෑඩි සහයෝගයක් ලබාගෑනීමටත් හේතුසාධකයක් උනේ ජාත්යන්තර සමස්ත දමිල ප්‍රජාවයි.. ඔවුන්ටම අවශය දේශයක් නිර්මාණ කර ගෑනීමයි.ලංකාවේ හෑම ප්‍රදේශිය සභාවකටම එකම බලතලයක් දීම විනා වෑඩිපුර බලතල කාටවත් අවශය නෑත. එසේ යම් බලතලයක් දෙනවනම් රටේ බහුතරයකගෙ ජනමත විචරණයක් තිබිය යුතුයි.මුස්ලිම් , බර්ගර් , තවත් සුලු ජනකොටස් අප රටේ ඈත.මේ රටට සාමය ඉදිරියටත් අවශ්‍යව ඈත. අද හෑම ජන කොටසකටම නිදහසේ රටේ ඕනෑම තෑනක ජීවත්විය හෑක. එහෙනම් වෙන බලතල කුමකටද්?(නදී)
වාද විවාද වලට වැඩිය අපි හිතන්න ඕනෑ එක එක ඉල්ලීම් ගැන. පොලිස් බලතල ඉල්ලන්නේ,හමුදා කඳවුරු ඉවත් කරන්න කියන්නේ මොන හේතුවක් නිසාද? බොහොම පරෙස්සමෙන්. යුද්ධය ජය ගත්ත කියලා අපි තවමත් නිදහස් නැහැ. අපේම අයත් ජයග්‍රහණයට අයිතිවාසිකම් කියනවා. පිටරට ඉන්න කොටි දැන් සංවිධානය වෙලා යටින් පහර දෙන්න ලැහැස්ති වෙනවා. ළඟදී ලංකාවට ආපු දමිල මැතිනියත් ලංකාවට විරුද්ධව ක්‍රියාකලාපයක් ගෙනියන්න හදනවා. අපි මොනවද කරන්න ඕනෑ කියලා දන්නා කෙනෙක් උපදේශයක් දෙන්න. (නි)
නියම වැඩේ නැත්නම් අලුත් ඇමති ඕක කන්තෝරුව කරගනී ඊළඟට වදිනකොට හැංගෙන්න (නදී)
ශාපලත් ඉතිහාසයක් කියන්නේ මොකක්ද? විජයග්‍රහණ ඉතිහාසයක්.දිවිපිදු විරුවන් සුන්දර සුරගුන්ගේ අතේ නැළවෙන බව සිතනු පුතේ!! කොටින්ට පන්දම් අල්ලන වීර වික්‍රමලා දැන් ටික ටික එලියට බහිනවා. (නි)
දැන් මේ විනාශ කළ එක බලන්න අපේ සිංහල අයියලා බුරුතු පිටින් එහේ සංචාරය කරන්න පටන් ගනීවිද දන්නෙ නැහැ (නි)
සනත්,ජාතිවාදී ක්‍රියා නම් නතර කළ යුතුයි. නමුත් ස්වයං තීරණ හා ස්වයං බලතල ඒ තරම් හොද දෙයක් කියලා නම් මම හිතන්නේ නැහැ. (නි)
ඕක විතරක් නෙමෙයි දැනට ඉතුරු වෙලා තියෙන හැමදෙයක්ම තිබුන තැනක් සොයා ගැනීමට බැරි වෙන විදියට මකා දන්නා ඕනෑ. නැතිනම් අරගොල්ලෝ ඇවිල්ලා ඕවා වලට මල් මාලා දාලා ස්මාරක කරනවා. (නි)
මේක පෙන්නලා සංචාරකයන්ගෙන් හොඳ ගානක් හොයාගන්න තිබුනා. අවට මිනිසුන්ටත් සංචාරකයන්ට මොනවා හරි විකුණලා ආදායමක් ගන්න තිබුනා. නරක වැඩ වලින් ප්‍රසිද්ධ වූ පුද්ගලයන්ගේ (හිට්ලර් ගේ පවා ) දේවල් මේ ආකාරයට ලෝකය පුරාම සංචාරක ව්‍යාපාරයට යොදා ගන්නවා (නි)
වික්‍රම, අපි නුවර. උඩරට අපිටත් ස්වයං තීරන අයිතිය ඕනෑ. මොකද අන්තිම දේශීය රාජධානිය තිබුනේ උඩරට. එතකොට උතුරට නැගෙනහිරට දෙනවා නම් උඩරට අපිටත් ඕනෑ. (නි)
මිනීමරු ප්‍රභාකරන්ගේ භූගත බංකරය බලන්න ගිය අයට ජෙනරාල් කොබ්බැකඩුව දිවි පිදු තැනත් හසලක ගාමිණී දිවි පිදු තැනත් බලන්න අමතක උනා නේද ? . (නදී)
සිංහලයින්ගේ ක්‍රමය පිළිගන්නවා නම් ද්‍රවිඩයින්ට පාර්ලිමේන්තුවට විතරක් නොවෙයි රජකමත් යන්න පුළුවන්. සිරි වික්‍රම රාජසිංහ රජකළේ අපේ කැමැත්තෙන් (නි)
වික්‍රම තවම ඉන්නේ බංකරයක් ඇතුලේ වගේ. (නි)
පෙත්තාගේ එඩිතර වචනවලට මගේ ප්‍රණාමය. කොටින් මිහිතලයෙන් දුරිංභූත වේවා! (නි)
කළ යුතු දේ කළ යුතුමයි. (නි)
ලෝකයේ කුඩාම රටක් වන මගේ රත්තරං රට කෑලි කෑලි කරලා විනශ වෙනවා දකින්න සමහරු ආසයි. හරියට පිපිලා බැබලෙන රෝස මලක ලස්සන විදිනවා වෙනුවට මලට ගලකින් ගහලා පෙති විහිරිලා යනවා දකින්න කැමතියි වගේ නරුම මානසික රෝගවලින් පෙලෙන උදවිය තවම ඉන්නවා.මගේ ජීවිත කාලයෙ නම් මම තනිවම හරි සටන් කරනවා.මගේ රට කෑලි කරන්න දෙන්නෙම නෑ නෑ නෑ නෑ නෑමයි. (නි)
මේක තිබුනා නම් හොඳයි කියලා හිතෙනවා අඩු වශයෙන් සංචාරකයන්ට බලන්නවත්. (නි)
තවත් අළුත් දෙයක් වගෙයි (නි)
කිසිම දෙයක් ඉතුරු කරන්න එපා. (නි).
"කොටි සෙවනැලි තවත් තියන්න අවශ්‍ය නැහැ"... ඒත් අරයට මුකුත් කරන්නේ නැත්තේ එයා අහවලාගේ සෙවනැල්ලක් නොවෙයි මිත්‍රයෙක් වුන නිසා වෙන්න ඕනෑ...හ්ම්ම්ම්ම් (නි)
සත්‍යපාල, නුඹ තනි නොතනියට මම ඇති ළඟ. ජය. (නි)
සුනිල් ගම්පොල, යුද්දේ දිනුවට අපි යුද්දේ ඇතිකළ ප්‍රශ්නේ විසඳගෙන නැහැ. ජාතියක් විදිහට අපි ක්‍රිකට් මැච් විතරය් දිනලා තියෙන්නේ අනිත් හැම අතින්ම අපි පරාජිතයි (දී )
දැන් ඔය යාපනයේ දිනලා තියෙන්නේ කොටි රාජ්ජයක සෙවනැලි. (නදී)
අමිල, තමුන් ජිවත් වුනේ ලංකාවේ නෙමෙයිද? ලංකාවේ නොවෙයි නම් කටපියාගෙන ඉන්න (නි)
අපි නම් යන්තම් බැලුවා. (නි)
කොටින්ගේ කිසිම සිහිවටනයක් අවශ්‍ය නැහැ අපිට (නි)
කොටින්ගේ හෙවනැලිත් ඉවර කළොත් තමා හොද (නි)
දේශපාලනයට ඇවිත් සිතන කොටි සෙවනැලි වලද කෙරුවාවල් නැවැත්විය යුතුය.(නදී)
සත්‍යපාල මහත්මයෝ ඔබට පින්. ඔබ වැනි දහසක් එකතු කර ගැනීමට ලැබුණානම්. ඉදිරියෙදි හැකි වුවහොත් හමු වෙමු.(නදී)
මෝඩ කතා කියන්න එපා සෑම්.(නදී)
ඩයස් මහතාගේ කතාවට මාත් එකගයි. එහෙත් දහස් ගණන් ජිවිත පුජාකර ඒකීය රටක් විදිහට අනාගත පරපුරට නිදහසේ ජිවත් වීමට තිබුණත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දේශපාලන කොටි නිත්‍යානුකුලව ඉදිරියට ඇවිල්ලා. (නි)
ඕව විනාශ කරන එක හොදයි නැත්නම් දැන් ඉන්න අයත් ඉස්සරහට හැංගෙන්න එම බංකර යොදා ගනී (නදී)
සියල්ල සුන්නත් දූලි කරලා එම භූමි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන බවට පරිවර්තනය කල යුතුයි. නැතිනම් මේ යක්කු අනාගතේ ඔතන ප්‍රබාකරන් දේවාලය කියල කෝවිලක් හදාගනියි. මේ ඉන්නේ වික්‍රම්ලා එහෙම පූජා වට්ටි ඔලුව උඩ තියාගෙන. (නදී)
අමිලට වාසුගේ නෑදෑකමක් තියනවද? (දී)
පිල්ලේට පෙන්නන්න තියන් හිටිය එක හොදයි
ජය වේවා !! (නි)
නුල් පොටක් වත් තිබුනොත් මුන් අමුඩ මහන්න පටන් ගනීවි. (දී)
ගුනේ දන්නේ නැති දේවලට කට දාන්න එපා
කැලේ ඉන්න කකුල් හතරේ කොටින්ට විතරයි මේ රටේ ආයෙත් පය ගහන්න ඉඩ ලැබෙන්නේ. (දී)
මේක නැතිකරලා දාපු එක කාලෝචිත ක්‍රියාවක්.ඔය මිනීමරුවාගේ අමිහිරි මතකයන් වලලා දාමු.,නැත්නම් පිල්ලේ නෝනා ඔතන කෝවිලක් හදන්න යෝජනා කරයි.(දී)
කව්ද දන්නේ? (දී)
මෝඩ කතා කියන්න එපා සෑම් (දී)
පාලු ගෙදර වලන් බිදලා වැඩක් නැහැ. කොටි දැන් යන්න ඕන උසම තැනට ගිහින් ඉන්නේ. .(නදී)