රොමේෂ් මධුසංඛ
යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ එල්ටීටීඊ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ බවට සැලකෙන ගෙවත්තේ අද (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් කේක් කපා උපන්දින සැමරුමක් සිදු කොට ඇත.
වැල්වැටිතුරේ ප්‍රදේශයේ ප්රභාකරන් ඉපිද ඇති බවට සැකකෙරෙන ඉඩම අද උදෑසන පිරිසක් විසින් ශ්‍රමදානයක් මගින් එලිපෙහෙලි කොට 63 සඳහන් උපන්දින කේක් ගෙඩියක් කපා සමරා ඇති අතර එම අවස්ථාවට මන්ත්‍රී සිවාජිලිංගම් මහතාද සහභාගී වී තිබේ. ප්රභාකරන්ගේ ළඟම ඥාති සබඳතාවයක් ඇත්තේද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සමගය.
ගෙවත්තේ පිහිටි තාප්පයක ප්රභාකරන්ගේ රැව සහිත පොස්ටර් අලවා තිබිණි.
ප්රභාකරන්ගේ 63 වැනි උපන්දිනය ද අදට යෙදී ඇති හෙයින් අද දිනයේදී මෙසේ උපන්දින සැමරුමක් සිදු කරන බවට සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරදි මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම අත්අඩංගුවට ගෙන නිදහස් කරන්න...
ප්රභාකරන් කියන චරිතය තිබුණේ නැතිනම් මේ උන්දැලා නිකම්ම නිකන් උදවිය. අද ඉතින් කාලාබිලා ඉන්නේ එම චරිතය විකුණගෙනයි. නැතුව මෙයා යුද්ධය තියන කාලේ ප්රභාකරන් එක්ක හිටියද? බොරු සෝභන තමයි.
සිංහල ජාතියක් හැටියට අපගේම සිංහලුන් සුනඛයින් තත්වයකට ඇද වැටිමට වැඩි කලක් නැහැ..
කොටි නැවත නැගිටින්නේ ඊනියා යහපාලනේ පිහිටෙන්! නැවතත් ඔවුන් සහ ඔවුන්ට පිහිට වෙන අයත් අතුගා දැමිය යුතුයි.
මිනීමරු ත්‍රස්ත නායක ප්රභාකරන්ගේ ළඟම ඥාති සබඳතාවයක් තිබෙනවා කියන සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කේක් කැපුවා නම් ඒකෙ එච්චර ලොකු වැරද්දක් පේන්නෙත් නැහැ. එ්ත් රජයේ ආරක්ෂක හමුදා අතින් වෙඩිකා මළ ත්‍රස්තයෙක් වෙනුවෙන් පළාත්සභා මන්ත්‍රී කෙනෙක් සුළුවට හෝ සොමියක් දැමීම නම් අනුමත කල නොහැක. සංහිඳියාව වළපල්ලට යන්නේ මෙවැනි දේවල් නිසයි !!!
කොටි 10ක් එකතු වෙලා කේක් එකක් කපලා පොටෝ ගහලා, ප්‍රසිද්ධ කරලා පිටරටවල ඉන්න කොටින්ගෙන් සල්ලි හිඟාකනවා...
මැරුණට පස්සේ කේක් බැරිනම් පාන් කැවත් අපට මොකෝ.
රවිරාජ්ලා ඉල්ලන් කෑවේ ඇයි කියලා දැන් තේරෙනවනේ? ඒ නිසා යුදකාලේ සිදුවූ ඒ සිදුවීම් ගැන දැන් හාරා අවුස්සන්න එපා...
මොකද අයියා කේක් කපන්නේ? ලොකු වඩේ එකක් නේද කපන්න ඕනේ? කමක් නෑ... ඔය ගොල්ලෝ කේක් කපන කොට මතක් වේවි නේද... ප්රභාකරන් මැරී හිටිය විදිහ. අවුරුද්දකට සැරයක් එක මතක් කරන එක හොඳයි. ඊළඟ එක්කෙනාටත් එ්කම වේවි... ඝෝඨාභය මහතා පුටුවේ හිටියොත්....
හැටතුන්වැනි අවුරුද්දේත් ප්රභාකරන් හිටියා නම් සිවාජිලිංගම්ලා නෑ. ඒ බේරුණු බේරිල්ලට කේක් නොකා ඉන්නේ කොහොමද? මගේ සුභ පැතුම් ශිවා !!!
මෙයා අපේ විමල් අයියා වගේ.. බොරුවට කේක් එක කපනවා. පස්සේ තැඹිලිත් බොයි.
හතර පස් දෙනෙක් හොයාගෙන බොහොම අමාරුවෙන් කේක් එක කපනවා. කවුද කොටින්ට උඩගෙඩි දෙන්නේ එතකොට....
අපිට වීරයෝ නැති උනාට ඔයාලටවත් ඉන්නවනේ
ප්රභාකරන්ගේ උපන්දිනය සමරන එකයි, ඉල් මහා විරුවන් කියලා සමරන එකයි අතර වෙනසක් නොපෙනේ... එකම වෙනස ප්රභාකරන් දෙමල වීමත්, ඉල් මහා විරුවන් සිංහල වීමත් පමණි.