(එෆ්.අස්ලම්)
වේළුපිල්ලේ ප්රභාකරන් ප්රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයක නිරත වීම වරදක් සේ නොදකින බවත් වඩුකෝඩෙයි යෝජනාවලිය ප්‍රකාරව ගෞරවාන්විත සටනකට ඔවුන් ප්‍රවිෂ්ට වී ඇති බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
විග්නේෂ්වරන් මහතා මේ බව සදහන් කලේ දමිළ මාධ්‍ය වෙත සතිපතා යොමුකරන සතියේ පැනයට පිළිතුරු යවමින් නිකුත් කළ නිවේදනය මගිනි. එහි මෙසේ දැක්වේ.
1976 වසරේ මැයි මස 14 වනදා අප පිළිගත් වඩුකෝඩෙයි යෝජනාවලියේ අවසන් වගන්තිය තුළ දෙමළ දේශයක් වෙනුවෙන් පොදු බලකිරීමක් සිදුකරනු ලබනවා.
විශේෂයෙන් දෙමළ තරුණයින්ට තම නිදහස වෙනුවෙන් "ගෞරවනිය සටනකට" එක්වන්නැයි ඉල්ලමින් ස්වෛරී දෙමළ ඊලමක් ලැබෙන තාක් පසුබට නොවී සටන් කරන ලෙසට එම යෝජනාව තුලින් අවධාරණය කර තිබෙනවා.
එදා දෙමළ නායකයින් ගෞරවනීය සටනක් යැයි හදුන්වාදුන් සටන අවිහිංසාවාදී සටනක් ලෙසින් හෝ සත්යග්රහ මගින් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදුකළ යුතුයි කියල පැහැදිලිව අවධාරණය කර නැහැ.
එනිසා මල්ලි ප්රභාකරන් වඩුකෝඩෙයි යෝජනාවලිය පිළිගනිමින් ආයුද සන්නද්ධ අරගලයක් ආරම්භ කිරීමේ ඇති වරද මොකක්ද ? අපි අවිහිංසාවාදී අරගලයක නිරත වූ නිසාවෙන් අපට ආයුද සන්නද්ධ අරගලයක අඩුපාඩුකම් කීමට හෝ අවතක්සේරු කිරිමට කිසිම අයිතියක් නැහැ.ප්රභාකරන් එදා දෙමළ නායකයින්ගේ ඉල්ලීම් හා බලකිරීම් වෙනුවෙන් තමයි විශ්වාසයකින් යුතුව ක්‍රියාත්මක වුනේ. තවද ප්රභාකරන් විසින් ආරම්බ කළ ආයුද සන්නද්ධ අරගලය එවක දෙමළ නායකයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් ගෙන සටනක්.එය අද වැරදියි කියල කියන්න අපි කාටත් අයිතියක් නෑ.යැයිද විග්නේෂ්වරන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කෙහෙල්මළකටම නඩු දාන්න රටේ ආණ්ඩු ක්‍රමය ව්‍යවස්ථාවට පටහැන් දේවල් කියන අයට විරුද්ධව නඩුවක් දාන්න කෙනෙකු නැහැ...
බොරු ඉතිහාසයක් ගෙන හැර පාමින් දෙමළ තරුණයන් උසි ගැන්වූයේ දෙමළ දේශපාලකයන්. වඩුක්කොඩෙයි සම්මේලනය එහි එක අවස්ථාවක් පමණයි. සී විග්නේශ්වරන් කියන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ වර්තමාන ජාතිවාදී දෙමළ දේශපාලකයා ද අයත් වන්නේ එම ගණයටයි. කෙසේ වුවත්, ප්රභාගේ තුවක්කුවට, කඩුවට, බෝම්බෙට ගොදුරු වූ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් අදෝනා නොඇසෙන මෙවැනි අවස්ථාවාදී සහ ජාතිවාදී දෙමළ දේශපාලකයන්ට හෙටත් දෙමළ සමාජය හසු වීම මුළු මහත් රටේම අවාසනාවකි.
සිංහල ජනතාව සමඟ සාමයෙන් සාධාරණව ඉන්න ඕනම කෙනෙකුට පුලුවන් . ආයුධ අරගත්තොත් ඒකට හරියන උත්තරේ ලැබෙනවාමයි.
පේනවා නේද? මැරිච්ච ප්රභාකරන් ත්රස්තවාදියා සහ කොටි කල්ලියේ වැඩ වර්තමාන අමෘර්තලිංගම් සාධාරණීයකරණය කරනා හැටි... ත්රස්තවාදීන් සාධාරණ යැයි කියන්නේත් ත්රස්තයන්මයි. පහන් පත්තු කරන්න දැඟලුවේ මොකද කියලා දැන්වත් අපේ උන්නැහෙලාට තේරෙනවා නම් හොඳයි...
කොටි පවුල සහ ඒ සම්බන්ධ අයවලුන් සමූල ඝාතනය කිරීමත් අපි වැරැද්දක් ලෙස දකින්නේ නැහැ. එමනිසා අතුරුදන් වූවන් ගැන අපේ වගකීමක් නැහැ. අපෙන් අහන්නත් එපා..
මෙය ලංකා දේශපාලනයෙන් අතුරුදන් විය යුතුය.
මෝඩයෝ කියන කතා. නිරායුද අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය කිරීම මොහු සාධාරණීය කරන්න හදනවා.
වරදක් විදියට නොපෙනුණත් ප්‍රතිඵල ලැබුණා නොවැ.
මේ කොටියව අල්ලලා නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ...