උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් සොයමින් කොටි සංවිධානය 30 වසරක් ගෙන ගිය ආයුධ සන්නද්ධ අරගලය සාධාරණ බවත්, මෙහි සාධාරණත්වය වටහා ගනිිමින් එම අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසදුමක් ගෙන එ්ම රජයේ වගකීමක් බවත් නැතහොත් යළිත් නොසිතු අන්දමෙි ඉරණමකට මුහුණ දීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සමිබන්ධන් පැවසීය.
1979 වසරේදී තමන් පාර්ලිමෙින්තුවට තේරී පත්වීමෙන් පසු එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ ජනතාව සමඟ එක්වී එක්සත් අරගලයක් සිදු කළ යුතු බවට තමා සමඟ පැවසීයැයි ද ඔහු කීවේය.
කිලිනොචිචියේ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයයේ පැවති සාකචිඡාවට එක්වෙමින් සමිබන්ධන් කීවේ කොටි නායක වෙිළුපිල්ලේ ප්‍රභාකරන් උතුරුනැගෙනහිර අර්බුදවලට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන එ්ම වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක නිරත වූ බවයි. එම අරගලය සාධාරණ අන්දමෙන් සිදුකල අරගලයක් බවත් හෙතෙම සදහන් කළේය.
ආයුධ සන්නද්ධ අරගලයෙන් තොරව සිය අර්බුදවලට විසදුමි හිමි වන ස්ථීර දේශපාලන විසදුමකට බලපෑම් කිරීමෙි අයිිතියක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඇති බවත්, මෙි සමිබන්දයෙන් තමන් ද ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතා හා සාකචිඡා කරන බවත් සමිබන්ධන් මහතා සදහන් කර සිටියේය.
සාකචිඡා මාර්ගයෙන්ම මෙම අර්බුදයට ස්ථීර විසදුමක් ගෙන ආ යුතු බවත්, මීට මුස්ලිමි ජනතාව වෙනුවෙන් ඔවුනගේ නියෝජිතයින්ද දායක විය යුතු බවත් මෙම අර්බුදයට විසදුමි ගෙන එම පැහැර හැරයහොත් නොසිතු අන්දමෙි ඉරණම්වලට යළි මුහුණ දීමට සිදුවනු ඇති බවටත් සමිබන්ධන් අනතුරු ඇගවීය.
තවද උතුරු නැගෙනහිර ජනතාව කිසිවිටක අමතක කර නොමැති බවත් එම ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන විසදුමක් කිසිසේත්ම පිළිනොගන්නා බවත් එම ජනතාව පිළිගන්නා ආකාරයේ විසදුමක් කෙසේ හෝ ගෙන එන බවත් විපක්ෂ නායකවරයා සදහන් කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානක 100% හරි. ගරු විපක්ෂ නායක තුමාගේ පණිවිඩය රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. අපි මෛත්‍රී මහතා ජනාධිපති කළේ රටට සංහිඳියාව හා සහජීවනය ගේන්න. (බ)
ලොකු උන්නැහේ නැවතත් මේ රට විනාශ නොකර මිනිසුන්ට නිදහසේ ඉන්න දීලා කට පියාගෙන හිටියොත් හොදයි. මිනීමරුවෝ දෙමල වුනත් සිංහල වුනත් බැට කන්නේ (බ)
අායෙත් අවුලවා ගන්න හදන්නේ. ඔක්කොමටම යුද්දෙන් පිච්චුනා මදිවෙලාද ? (බ)
ද්‍රවිඩ සන්ධානය එදා පෙනී සිටියේත් කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන්,අද පෙනී සිටින්නේත් ඔවුන් වෙනුවෙන්.මෙය එදා සිටි නායකයින් තෙරුන්ගෙන සිටියාට අද නායකයින් එය තෙරුන් නොගැනීම තමයි ප්‍රශ්නය. (බ)
ද්‍රවිඩ ජනතාවට ඇති ප්‍රධාන ගැටලුව දැරිය නොහැකි බඩු මිලයි. මෙය ද්‍රවිඩ ජනතාවට පමණක් නොව සිංහල ජනතාවටද පොදුය. මන්ත්‍රී පර්මිට් වැනි ප්‍රකෝටි ගණනින් ලබාදෙන අනවශ්‍ය දීමනා නවත්තවා බඩු මිල අඩු කරවා ගැනීමට සිංහල දමිල මුස්ලිම් සියලු දෙනා එකා වගේ එකමුතු විය යුතුයි. (බ)
අමතක කරන්න එපා. ඔය කථා කරන්නෙ විපක්ෂ නායක. දැන් ඔය කථා වලට ඉස්සරට වඩා ජාත්‍යන්තරේ පිළි ගැනීමක් තියනවා..(ම)
නිතරම දකුණේ සිංහල අන්තවාදීන්, අන්තවාදීන් කියන ජනාදිපතිතුමා මේ ගැන මොකද කියන්නේ (ම)
නැවතත් අපි සුදානම්. (ම)
දකුණේ ජනතව විරුද්ධ වෙන තීන්දුවක් උනාට කමක් නැද්ද මහත්තයෝ?(කෞ)
1977 අමිර්තලිංගම් විපක්ෂ නායක වෙලා රට තිස් අවුරුදු යුද්දෙකට ගියා. අනේ මන්ද මේ පාර මොනව වීවිද කියලා.(කෞ)
ප්‍රබකරන්ට උන දේ මෙයත් බලාපොරොත්තු වෙනවා වගෙයි (ම)
හැම නායකයෙක්ම තම ජාතියට ආදරයක් නැහැ.ඒ අය ඒ ජාතියේ ජන්ද බලාගෙන ප්‍රකාශ කරනවා.මෙහෙ ඉන්න ඇතැම් අය ඒවා තමන් බලයට පත් වෙන්න පාවිච්චි කරනවා. (බ)
ලක්මාල් ඔබ හරියටම හරි. (බ)
මේවට උත්තර දෙන්න ගියහම අපිට ජාති වාදියෝ කියනවා .හැබෑටම ,පිට කොන්දක් නැති යහාපාලනයත් ඉතින් කට පියාගෙන ම ඉන්නවා . එක පාරක් රට ගිනි තියුව මදිවෙලාද කොහේ දෝ .(බ)
මුන් අායිත් සෙල්ලම් කරනවා මහින්ද නැති නිසා (බ)
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි. වැඩිම වුණොත් ජීවත් වීමේ කාලය කෙටි බවනම් කිව යුතුයි (ම)
තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට එයි. මේවට වග කියන්න ඕනේ යහපාලනයට ඡන්දය දුන් අපේම අය....දැන් ඇස් උඩදාගෙන හිටපල්ලා (බ)
මහින්දගේ අඩුව දැන්වත් පේනවද? හෙට අනිද්දාට අපිට අාපහු මුල ඉදන් පටන් ගන්න වෙයි. (හේ)
තරහ ගන්න එපා මහතුනි මේ තමයි සංහිඳියාව. (හේ)
දැන් හරි නේද?
කාට කාටත් දැන් පැහැදිලි වෙයි.(හේ)
කලින් එකාට වුන දේම තමා මුටත් වෙන්නේ (බ)
මේ හඬ ඇසෙන්නේ අල්ලපු රටෙන් අපේ ගරු අගමැතිතුමාට කෙරෙන විරෝධය කරුණාකර කල්පනාකාරිවන්න (බ)
‘ආයුධ සන්නද්ධ අරගලයෙන් තොරව‘ සම්පූර්ණ ප්‍රජාතාන්ත්‍රික මතයක්. හැමෝටම තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ඉඩ තිබිය යුතුයි. (බ)
රටේ විපක්ෂ නායකයා 40000ක් අමුවෙන් වෙඩිතියල කපල කොටල මරල 60000 ක් විතර අබ්බගාත කරල 50000 ක් විතර කාන්තාවො වැන්දඔුවන් කරපු මිනීමරුවකු ගැන මේ කියන කතාව නපුංසකයකුට හැර මේ රටේ ජීවත්වන පුද්ගලයෙකුට අනුමත කළ හැකිද (බ)
දැන් කොහොමද වෙනස? මහින්ද නැති එකේ පාඩුව තවම තේරුනේ නැහැ. හැබයි වැඩි කලක් යන්න කලින් අපි සැමටම තේරෙනවමයි. ඒක නියතයි. (බ)
ඒක තමය ඒගොල්ල දැන් ආයුධ එකතු කරන්නේ.(ම)
මෙම කතාව කිසිවිටකත් සැහැල්ලුවෙන් තකන්න එපා, එදත් සිංහලයට වැරදුනා, අදත් සිංහලයට වරදින්න යන්නේ. මෙවැනි ප්‍රකාශ සම්බන්දයෙන් නිදහසට කරුන් ඇසීම පාර්ලිමේන්තුවේ වගකීමයි. පැහැර නොහරින්න. (අ)
පහුගිය කාලේ ඔය සද්ද තිබුනේ නැහැ නේද? සැබෑ වෙනසකට මුල පුරන්න වාගේ හදන්නේ. (නි)
මෙයා කොටියම තමා. ප්‍රභාකරන් ආනන්ද සංගරීව බලයෙන් එලියට එදා දලා ටී එන් ඒ එකේ නායකයා කළේ නිකමටයි.(අ)
ඉන්දියාවේ දෙමළ ජනතාවා කෝටි ගණනක්, මැලේසියාවේ ඉන්නේ ඉතා විශාල දෙමළ ජනතාවක්, සිංගප්පූරුවේ ඉන්නේ විශාල දෙමළ ජනතාවක්, අපේ ඉන්නේ ලක්‍ෂ 10 ක් විතර ඉතා සුළුතර දෙමළ ජනතාවක් දෙමළ ජනතාවට රටක් නැති වුණ පළියට මේ රටේ ජනතාව පලිද, කොන්දක් නැති නායකන් බිහි කරන එකේ පව් තමයි අපි හැමදාමත් අත් වින්දේ. (බ)
නැතුව නැතුව හැබැයි මතක තියා ගන්නවා ලොකු උන්නැහේ මහින්ද රාජපක්ෂ නම් වු ඒ සද්දන්තයා තාම ඉන්නව. කට පරිස්සන් කරගත්තොත් හොදයි නැත්නම් ප්‍රබා ලොක්ක ගිය දිහාටම ඉක්මනටම වීසා ලැබෙයි (බ)
යහපාලනයේ රැස් විහිදේ! (නි)