2002-2004 කාලයේ ඇති වූ සාම සාකච්ඡා වලදී කොටි නායක ප්‍රභාකරන් එම සාකච්ඡා වලින් නිසි ප්‍රයෝජන ගත්තා නම් අද ඔවුන්ටත් දේශපාලන කටයුතු වල යෙදෙන්නට ඉඩ තිබුණි. නමුත් ප්‍රභාකරන්ට නිරන්තරයෙන්ම අවශ්‍ය වූයේ යුද්ධය බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඊයේ (26) ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශනය වූ ‘සත්‍යාගාරය‘ වැඩසටහනට සහභාගී වෙමින් කීය.
සත්‍යාගාරය රූපවාහිනි සංවාදය මෙහෙයවූයේ උපුල් ශාන්ත සන්නස්ගල ය.
කරුණා අම්මාන් සඳහන් කළේ සටන් විරාම ගිවිසුම් පිළිබඳව ප්‍රභාකරන් රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි දැඩි වෛරයෙන් හා ක්‍රෝධයෙන් නිතරම කථා කළ බවත් ප්‍රභාකරන් නිතරම තමන්ට කියා සිටියේ ජාත්‍යන්තරය අල්ලා ගෙන තම සංවිධානය විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ ගනිමින් සිටින්නේ යැයිද කීය.
ප්‍රභාකරන් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායන් පිළිබඳ කොතෙක් බියට පත්වූවාදැයි කිවහොත් ජපානයේ පැවැත්වීමට නියමිතවූ සාම සාකච්ඡාට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ උදව් ඇතිව තම සංවිධානයට තරවටු කරතියි හටගත් බිය නිසා බවත් යැයිද කරුණා අම්මාන් සඳහන් කළේය.
මඩකලපුව, කල්මුණේ, අම්පාර යන පොලිස් වල නිලධාරින් 600ක් ඝාතනය කිරීමේ චෝදනාව තමාට එල්ල වුවත් ඒ අවස්ථාවේ තමා සිටියේ යාපනයේ බවත් නිරායුද පොලිස් නිලධාරින් ඝාතනය කිරීමේ යුද අපරාධයක් ලෙස තමන් පිළිගන්නවා හිටපු නියෝජ්‍ය ඇමති සහ කොටි සංවිධානයේ මඩකලපුව හිටපු කොටි නායක ‘විනයාගමුර්ති මුරලිදරන්‘ හෙවත් කරුණා අම්මාන් පැවැසීය.
කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්වූ පසු මේ දක්වාම ජාතිවාදය අවුස්සන ක්‍රියාවන්හි නොයෙදුනු බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් කීය.
පසුගිය රජය මේ යුද්ධය මොකක්ද? කුමක් නිසා සිදුවීද? කුමක්ද සිදුවුනේ? යන්න පිළිබඳව ජාත්‍යන්තරය දැනුම්වත් කළ යුතුව තිබූ නමුත් එසේ නොකිරීම වරදක් බවත් කී කරුණා අම්මාන්, එසේ ජාත්‍යන්තරය දැනුම්වත් කර තිබුණා නම් යුද අපරාධ පිළිබඳ ප්‍රශ්නය මෙතරම් දුරදිග නොයන බවත් සඳහන් කළේය.
නැවත ප්‍රභාකරන් කෙනෙක් එනවා. එල්.ටී.ටී.ඊ ය නැවත එනවා යයි මතවාද සමහරු ඉදිරිපත් කළත් අපට හොඳ විනයගරුක හමුදාවක් සිටින නිසා එවැන්නක් තවදුරටත් මේ රටේ ඇති නොවන බව ඔහු කීය.
මෙම සාකච්ඡාවේදී පසුගිය මැතිවරණයේදී උතුරේ ජනතාව ඡන්ද පාවිච්චි කළ ආකාරය ගැනද කරුණු සඳහන් කරමින් සුළු ජාතිකයන්ගේ ඡන්ද ලබා ගැනීමට නොහැකිවීම මහින්ද රාජපක්ෂ මහතාට පමණක් දොස් කිව හැකි කරුණක් නොවන බවත් දෙමළ ජනයාගේ සිත්දිනා ගැනීමට පසුගිය රජය උත්සහ කළානම් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සිදු නොවනු ඇති බවත් කරුණා අම්මාන් සඳහන් කළේය.
2001-2004 පැවැති සාම සාකච්ඡා කාලයේදී තමා එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්ව ආ පසු සාම සාකච්ඡා ඇන හිටිමෙන් පසුව එල්.ටී.ටී.ඊය ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට ඉදිරිපත් කළ කොන්දේසියක් වූයේ තමාව එල්.ටී.ටී.ඊ ය වෙත භාර දෙන ලෙසත්ය.නමුත් ජනාධිපතිනිය හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විසින් එය ප්‍රතික්ෂේප කළ බවත් ඊට ඔවුන්ට තම ස්තූතිය පුද කරන බවත් කරුණා අම්මාන් පැවැසීය.
තමන් කිසි දිනක කොටි සංවිධානය පාවා නොදුන් බවත්, රජයට සම්බන්ධ වූයේ යුද්ධය අවසන් කිරීමට බවත් සඳහන් කළ කරුණා අම්මාන් තමන්ට දේශපාලන සතුරන් කිසිවකුත් නැති බව ප්‍රකාශ කළේය.
යුද්ධය පිළිබඳ නිවරැදි දැනුම්වත් කිරීමක් දෙමළ ඩයස්පෝරාව සමඟ පසුගිය රජය සිදුකර නොගැනීම අඩුවක් බවත්, වෙනම රාජ්‍යයක් ගොඩ නැගීම දෙමළ ජනයාට අවශ්‍ය නැති බව තමාගේ හැඟීම යයිද කරුණා අම්මාන් කීය.
2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේදී සිදුවූ ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදී සංවිධාන වලට ලෝකයෙන් කිසිම බුරුලක් නොලැබුණු බවත්, මහින්ද රාජපක්ෂ මහතා රට බේරා ගැනීමට යුද්ධ කළ අතර ප්‍රභාකරන් වෙනම රටක් ගොඩ නැගීමට යුද්ධ කළ බවත් කීය.
2004 සාම සාකච්ඡා පැවැති කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ප්‍රභාකරන්ගේ දැක්ම වුයේ දැඩි විරෝධාකල්පයක් මෙන්ම වෛරී ස්භාවයක් බවත් ඊට හේතුව වුයේ රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය හරහා එල්.ටී.ටී.ඊ ය විනාශ කිරීමට කටයුතු කරන බව වරින් වර ප්‍රභාකරන් තමන් සමඟ ප්‍රකාශ කළ බවත් ඔහු කීය.
තමන්ගේ දෙමාපියන් පවා කුඩා කාලයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වූ බවත් තමා ජිවිතාන්තය දක්වා ශ්‍රී ල නි ප ය හැර නොයන බවත් දැනට මගේ අයට සම නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා බවත් කරුණා අම්මාන් සඳහන් කළේය.
උතුරේ පැවැති අවසන් යුද්ධයේදී ලක්ෂ තුනක් පමණ සිවිල් ජනතාව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පලිහක් ලෙස ප්‍රභාකරන් විසින් තබාගත් බවත්, එසේ නොකලා නම් ඔවුන් සැබෑ විමුක්තිකාමීන් ලෙස පිළිගැනීමට හැකියාව තිබු බව කී කරුණා අම්මාන් ඒ යුද්ධයේදී යුද අපරාධ සිදු නොවු බවද කීය.
බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ජාතිවාදය අනුව ගණනය කිරීම තමන් කිසිසේත් පිළි නොගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී ඇත්තේ සෑම ජාතියකම අනුමැතියෙන් බවත් කීය.
යුද්ධයේදී එල්.ටී.ටී.ඊ ය සමඟ සම්බන්ධවී සිටිම නිසා සිංහල ජනතාව අතරේ තමන්ව විවේචනයට ලක්විය හැකි නමුත් යුද්ධය අවසන් කිරීමට තමන් රජයට ලබාදුන් සහයෝගය නිසා බොහෝ සිංහල ජාතිකයන්ගෙන් තමන්ට මිත්‍රශීලි බව හිමිවූ බවත් තමාගේ ආරක්ෂාව සලසනු ලබන්නේ සිංහල ජාතිකයින් බවත් කරුණා අම්මාන් මෙම සාකච්ඡාවේදී පැවැසීය.
දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුන නමුත් එය ත්‍රස්තවාදී සංවිධානයක් යයි තමන්ට හැඟී ගිය අවස්ථාවේ ඉන් ඉවත් වූ බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තය ගේ බලය ගැන ප්‍රභාකරන් දන්නේ හින්ද තමා එදා 2005 දෙමල ජනතවට ඡන්දය දෙන එක නැවැතුවේ . (අ)
ප්‍රභාකරන් ජිවත් වුනේ මුළු සිංහල ජාතියත් එක්කම වෛරයෙන් රනිල් විතරක් එක්ක නෙමෙයි. නැත්නම් කොච්චර මුදල්, අවි ආයුධ, සන්නිවේදන උපකරණ දීපු ප්‍රේමදාස ජනාධිපතිතුමවත් මැරුවේ බෝම්බ තියලා.(හේ)
රනිල්ට ඇති හැකියාව හොඳට පේනවා අතීතය මතකවෙනකොට,රටට දෙයියන්ගේම පිහිටයි!(හේ)
ඒ කියන්නේ රනිල් මහත්තයා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෙක් කියලා විමල් කියන එක ඇත්ත ඒකද? නැතිනම් අපට ත්‍රස්තයක් උන ප්‍රබාකරන්ට රනිල් ප්‍රබාකරන් මහතා කියාවි (නදී)
නැත්නම් කොච්චර මුදල්, අවි ආයුධ, සන්නිවේදන උපකරණ දීපු ප්‍රේමදාස ජනාධිපතිතුමාවත් මැරුවේ බෝම්බ තියලා. මම මේ වගේ බුද්දිමත් කතාවක් අැසුවාමයි (නදී)
ඒ කියන්නේ ප්‍රභාකරන් මහින්දට ආදරේ කරාද? (ර)
රනිල්ගෙන් අපි වැඩගෙන නැහැ තාම. එ්ක අපේ රටේ අවාසනාව. එතුමාගේ හැකියාවන් බුද්දිය ඉදිරිය බලා වැඩකිරීම සරලත්වය රටේ ජනතාව තේරුම් ගත යුතුයි. (නදී)
මට මේ කතාව කිව්වේ සන්ධානේ මන්ත්‍රී කෙනෙක්. රනිල්ට ලංකාව පාලනය කරන්ඩ නොලැබෙන්නේ රනිල්ගේ අවාසනාවට නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ගේ අවාසනාවට කියල. එතුමාට කොටි ලේබල් අලවල පැත්තකට කරලා තියපු කාලේ රටට වැඩක් ගත්තනම් අපේ රට අද ගොඩක් දියුණුයි. (නදී)
කාට කාටත් 2005 ඡන්දෙදි උන දේවල් තේරෙනවා ඇති. ජාත්‍යන්තරය සමග වැඩ කරන්න දන්නා හොදම කෙනා රටේ වාසනාවට නැවත රටට ලැබී තියෙනවා (නදී)
ජාත්‍යන්තරය සමග හොරකන් නොකරන නායකයෙක් රනිල්. හොරට පාස්පෝර්ට් හදල ජාති ආලය ගැන කතාකරන අයට වැඩිය දහස් ගුණයක් රටට හොඳයි (නදී)
2005 උන වැරැද්ද ආයේ නොවී රටේ ජනතාව රනිල්ගේ බුද්දියෙන් වැඩ කර ගන්න සිතිය යුතුයි (නදී)
අනේ සන්න්නස්ගල (නදී)
මම ඔබතුමාව විශ්වසකරනවා, කවදාවත් ලෝකයේ ජාතීන් අතර වෛරය ඇති නොවේවා. ඔබ කියන පරිදි ජාතිවාදය, ආගම්වාදය සහ පක්ෂ බේදය රටේ විනාශයට හේතුවෙනවා. සියලු දෙනාම ශ්‍රී ලාංකික හැටියට කල්පනාකළ යුතුය. මෙතන බාසාව පිළිබඳව ප්‍රස්නයක් තියනවා, එය ඉක්මනින් විසඳීමට අවශ්‍යයි. මේ වැඩසටහන බලන කොටත් එය හොදින් තේරෙනවා. ආගම සහ පක්ෂය කියන්නේ පුද්ගලිකව ඇතිවෙන හැගීමක්, එය වෙනස්වෙන්න පුළුවන් අතර තමා මොන අදහසක් දැරුවත් අනෙකාගේ ආගමටත් පක්ෂයටත් ගරුකළ යුතුයි. (නදී)
විස්වාස කරන්න පුලුවන්ද? (නදී)
අනේ බමුණු නොදිටි මොක් පුර!(නදී)
තිස්ස සහ බමුණු ,රනිල්ට ඒ අවස්ථාවේදී අවශ්‍ය වුයේ යුද්ධය නැවත්වීමට බව ඔබට තේරෙන්නේ නැත්ද? ඔබලාගේ තර්කය අනුව රටට හිතකර ක්‍රියාමාර්ග සඳහා විදේශ රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ? ඒ තර්කයම දැම්මොත් මහින්ද සහ චන්ද්‍රිකාත් එහෙනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ?ඔය විමල්ගේ කෝකටත් තෛලය ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතාව අද විහිළුවක් වෙලා ඉවරයි ! (බ)
මෙම බහුතරයක් ප්‍රතිචාර බලනවිට හැඟෙන්නේ සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හා ඉන්පසුව පසුකල අවාසනාවන්ත කාලයතුල ගැඹුරු කෝමා තත්වයක සිට දැන් සිහිය ලද්දවුන් විසින් පලකල අදහස් බවයි. ප්‍රභාකරන්ගේ හමුදාව සමග යුද්ධ කර පන නහ ගන්නවාට වඩා රටෙන් කෑල්ලක් කොටියන්ට ලියාදී නිදහසේ දකුණ පාලනය කරගෙන ඉන්න හැකියි සිතා ඉතිහාසයේ සිදුකල ලොකුම පාවාදීම සිදුකලා .සටන් විරාම ගිවිසුම හරහා බලචාත් වූ කොටියා වෙනම රටකට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කරගෙන තිබූ මොහොතේ ජාතියේ වාසනාවට මහින්ද රාජපක්ෂ බලයට පත් නොවන්නට ඔය රනිල් මහත්මයා ගැන ගුණ වයන හැමෝටම සිදුවන්නේ දකුණු පැත්තෙන් මුදට පනින්නටය. (අ)
තිස්ස සහ බමුණු ,රනිල්ට ඒ අවස්ථාවේදී අවශ්‍ය වුයේ යුද්ධය නැවත්වීමට බව ඔබට තේරෙන්නේ නැත්ද? ඔබලාගේ තර්කය අනුව රටට හිතකර ක්‍රියාමාර්ග සඳහා විදේශ රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්? ඒ තර්කයම දැම්මොත් මහින්ද සහ චන්ද්‍රිරිකාත් එහෙනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ? ඔය විමල්ගේ කෝකටත් තෛලය වන ජාත්‍යන්තර බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතාව අද විහිළුවක් වෙලා ඉවරයි ! (අ)
අගමැති රනිල් අදට වඩා හෙට දකින නායකයෙක් බව සනාත නොවේද.? (ර)
රනිල් එක්ක නොවේ රනිල් හැර අනිත් හැමෝම එක්ක කියල කියන්න.(නදී)
ඒ කියන්නේ රනිල් මහත්තයා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෙක් කියලා විමල් කියන එක ඇත්ත.ඒකද ? (දිල්)
කරුණා අම්මාන් ගේ මේ අදහස් නිවැරදි අවංක ඒවා නම් මේවා අපට පිළිගන්න පුළුවන්. නමුත් ඔහු කොටි ත්‍රස්තවාදීන් සමග සිටි කාලයේදී රජයට සහ ආරක්ෂක හමුදාවන්ට විරුද්ධව කටයුතු කළාද කියා මේ සකච්ඡාවෙන් පැහැදිලි නැහැ නේද?(දිල්)
කොහොමත් වෛරයෙන් තමයි ප්‍රභාකරන් ජීවත් වුණේ.(හේ)
එතකොට මහින්දට ආදරය කලා කියලද කියන්නේ.? (ර)
රනිල් මහත්තයා ජාත්‍යන්තර සමග ඉතා හොදින් වැඩකරන්න පුළුවන් එතුමාගේ බුද්ධිය රට දියුණු කරන්න යොදාගමු එතුමාගේ හැකියාවන් ඉදිරියේදී අපිට දැක ගත හැක ජාතිවාදී ආගම්වාදී පටු දේශපාලන වාසි වලින් මිදී රටවෙනුවෙන් එකාමෙන් වැඩ කරමු !!!(හේ)