(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කෝටි දහයක ලොතරැයි ජයග්‍රහණයක් ලබා සිටී බව කියන අයකුගෙන් මහවිරු දිනය සැමරීමට යැයි කියමින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළේ යැයි පැවසෙන එල්ටීටීඊ සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලීසිය පවසයි.
එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශ හිටපු සාමාජිකයා තර්ජනය කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා එම හිටපු එල්ටීටීඊ සාමාජිකයා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලීසිය පවසයි.
ඉල්ලා සිටින කප්පම් මුදල ලබා නොදුනහොත් කොකාවිල් හි මංගල්‍යය පැවැත්වීමට ඉඩ නොදෙන බවට ද අත්අඩංගුවට ගත් සැකකරු තර්ජනය කළ බවට එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව කියති.
මෙම පැමිණිල්ල කළ අය කෝවිල් කමිටුවක ක්‍රියාකාරී සාමාජිකයකු බව ද පොලිසිය සදහන් කරයි.
පැමිණිලිකාර පුද්ගලයාට මීට වසර 3 පමණ ඉහතදී ලොතරැයි පතක් සඳහා රුපියල් කෝටි දහයක මුදලක් ජයග්‍රහණය කර ඇති අයකු යැයි දඋසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ මෙම සැකකරු එම සංවිධානයේ මඩකලපුව ප්‍රදේශයේ බුද්ධි අංශ සාමාජිකයකු ලෙස කටයුතු කළ අයකු බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණි යැයිඑම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ අතට අරන් හොරා කාපු එකයි මංකොල්ල කාපු එකයි තමයි පුපුරුද්ද.
මුන්ව මොන මගුලකට ආයිත් නිදහස් කලාද මන්දා
දැන් තියන කැබිනට් එකට මෙම කප්පම් කොටි සාමාජිකයා සුදුසුයි. දැනටමත් කප්පම්කාරයක් මේ කැබිනට් එකේ ඉන්නවා.