හිටපු ප්‍රභූ පවුලක් ඩුබායි හි බැංකුවල ගිණුම් පවත්වාගෙන යතියි ඇමැති මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට යයි.
එම ප්‍රභූ පවුලට අමතරව මන්ත්‍රීවරයකු හා රජයේ ආයතනයක ප්‍රධානියකුද සිටින බවත් ඔවුන් ඇමරිකා ඩොලර් කෝටි 300 ක් ඉක්මවා (රුපියල් කෝටි 43065) තැන්පත් කර ඇතැයි කියති.
මේ බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂ සංවිධායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගසා කන්නේ නැති ආණ්ඩුව සල්ලි වලට මොනවද කරන්නේ (බ)
කතා කියලාම කාලය කකා ඉන්න. මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරන්න කාලය කන්නේ නැතුව ඕව ලංකාවට ගෙනල්ල මිනිස්සුන්ට කියන්න එතකොට නේ හොද.මල්ල ඔබ ඔබ ඉන්නේ නැතුව මල්ල ලිහල බලලා කියන්න (බ)
මහින්ද නොහිටියානම් ඔය බනින අයගේ කෑලිවත් හොයාගන්න බැරිවෙයි.මොනදේ කරත් මුල අමතක කරන්න එපා. කෝ ඔය පම්පෝරි ගහන අය මොනවද කරලා තියෙන්නේ. හැමදාම කුණු හොයා,හොයා ඉන්නවා. (බ)
කාගේ සල්ලිද මේ.(හේ)
හොරකම් කරපු එක එක ගණන් කියනවා ,රටවල් ගාණක නම් කියනවා .ඕව බොරු හැටියට සැලකීම වඩා හොඳ යි .මොකද, මිනිස්සු රවටන්නේ හොර කතා කිය කියා (බ)
ගසනොකන ආණ්ඩුවේ අයවැය සනීපද (බ)
ආණ්ඩුවක් තියෙන්නේ මිනිසුන්ට වැඩ කරන්න මිසක් බොරුවට ඔප්පු කරන්න බැරි කතාවල් කියමින් කාලය නාස්ති කරන්න නොවෙයි.(කෞ)
සංදර්ශන නැතුව වැරදි කරුවන්ට දඩුවම් ලබාදෙන්න. එවිට ඔබලාට ජනතා ප්‍රසාදය වැඩි වේවි. (බ)
අනේ සර් ඔය ගිණුම ගැන කොච්චරනම් කිව්වාද, එක්කෝ නිත්‍යනුකුලව ක්‍රියා කරන්න ඕනේ නැතිනම් කට වහගෙන ඉන්න ඕනේ - මේ ප්‍රකාශ කියවන අපිට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආණ්ඩුවේ නොහැකියාව ගැන පුදුම කලකිරීමක් ඇති වෙන්නේ. (බ)
1994 පෙර කිසිම දුෂණයක් වෙලා නැද්ද කියල ඔය මම අහනවා ? එතකොට 1988 සහ 1989 කාලවල අපේ මුළු රටටම සහ ජාතියටම කළ විනාශය, වග කියන්නත් ඕනේ මෙයාම තමයි (බ)
ලංකාවෙ තියනව කිව්ව හෙලිකොප්ටර් ලැම්බෝගිනි රත්තරං අශ්වයො හෝටල් වතුපිටි මාලිගාවල් අන්න ඒව පෙන්නල ඉන්නකො මහත්තයො පිටරට වල තියන ඒව හොයන්න ඉස්සර. තව ටික දවසකින් කියයි ඩුබායි බැංකුවෙන් විස්තර දෙන්නෙ නෑ කියල. මහබැංකු හොරා අනුන්ගේ හොරකම් කතා කරන පුදුම රටක් මේක. රටේ අවාසනාවට ඒ වගේම ඕනෑම බොරුවක් ඇත්ත වගේ විශ්වාස කරන ඩුබායි තිලක් වගේ මීහරක් රංචුවකුත් ඉන්නව (බ)
නිකන් බයිලා ගහල වැඩක් නෑ ඔප්පුකරල පෙන්නන්න ඔයිට වැඩිය සාක්කි ඇතිව ඔප්පුකරන්න පුළුවන් දේවල් තියාගෙන ශ්‍රී ලංකන් එකේ ගැනු ලමයින්ව බලකායේ සේවයේ දාල ශ්‍රීලන්කන් එකෙන් පඩි ගෙවපුව එහෙම කදිම නිදසුන් (බ)
කුලියට කොමෙන්ට් ලියන අය බය වෙලාද කොහෙද මුකුත් ලියන්නේ නැහැ. මුළු රටේම දුප්පත් ජනතාවක් නගා සිටවන්න පුළුවන් තරම් මුදලක් මේ මනුස්සය වංචා කරලා. කත කළොත් අපේ හාමුදුරුවනේ කියල පටන් ගන්නේ. මේ මුදල් රටට ගැනීම රජයේ වගකීම, ජනතාවගේ ඉල්ලීම. (බ)
ඇමරිකා ඩොලර් කෝටි 300 ක් ඉක්මවා (රුපියල් කෝටි 43065) ක් කියන්නේ කජු අැටවත් කොස් අැටවත් නෙමෙයිනේ. අසරණ දුප්පත් මිනිස්සු කන පාන් කෑල්ලෙන්,පරිප්පු සිනි ටිකෙන්,පෙට්‍රල්/භූමිතෙල් ටිකෙන්, වාහන බලපත්‍ර වලින්...... සිට මරණ සහතිකය දක්වා 1000% කින් බදු මුදල් වැඩි කරමින් කරපු ගසා කෑමෙන් නිසා දැඩි දඩුවම් දෙන්න.අවරුදු 15 කාටවත් බරපතල වැඩ ඇතිව දෙන දඩුවමක් දෙන්න. (බ)
හිටපු ජනපති තව අවරුදු 2 කක හිටියනම් අපි දන්නේ නැහැ අපිට සහ රටට වෙන විනාශය.අපේ රට ඉතියෝපියාවක්,සෝමලියාවක්,උගන්ඩාවක්, සුවාසි ලන්තයක්,කෙන්නියාවක්,බංගලිදේශයක් කරලම තමයි පස්ස බලන්නේ. (බ)
කෝ යහපාලනයේ කතාව විතරයිනේ , වැඩ නැහැ , වැඩක් නැහැ , මෙලෝ රහක් නැහැ (බ)
එ්ක තමයි රටම කියන්නේ ආණ්ඩුවම අංජබජල් කියල. (බ)
මේ බයිලා කියන්නේ සීපා වගේ රටම අමාරුවේ දාන ගිවිසුම් ගැන මිනිස්සුන්ට අමතක කරවන්න වෙන්න ඇති. (බ)
රාජපක්ෂලාගේ "හතර වරම් ගැහිලි" වලින් දුක් විඳින්නේ රටේ අසරණ දරුවන් සහ උපදින්න ඉන්න අසරණ දරුවන්.දැනටමත් රටේ පාසල් දරුවන්ගෙන් 40% ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා.45% ගැබිණි මව්වරු රක්තහීනතාවයෙන් පෙළෙනවා.මෙන්න මේ කම්බා හොරු ඉක්මනින් අල්ලලා,ගසා කාපු ධනස්කන්දය නැවත ජනතා සතු කරලා ,තරාතිරම නොබලා උපරිම දඩුවම් දෙන්න කියලයි සංඝයා වහන්සේලා පෙරට එන්න ඕනේ. (බ)
තිලක් ජයවේවා ! (බ)
තිලක් ඩුබායි, ඔයාද මේ මුදල් භාරව ඉන්නේ? දන්නැති දේවලට හොට නොදා ඉන්නවද (බ)
පුස් වෙඩි සංදර්ශන ගොඩායි. (බ)
පේනවා නේද හක්කේ බුදු රැස් තියෙන අයගේ බොක්කේ දඩමසුත් යහමින්ම තිබෙන බව (නි)
තිලක් ඩුබායි බැරිද උදව් කරන්න . දැන් නාමල් ගේ සල්ලි හොයල ඉවරයි . ජනාධිපති තුමා ඊයේ කැබිනට් එකේදී කිව්වා මේ ආණ්ඩුව මේ දක්වා කිසිම දෙයක් කෙරුවේ නැහැ.බැරිනම් පුළුවන් කෙනෙකුට දෙන්න කියා. තිලක් හෙට පත්තරේ බලා ගෙන ඔය ඔලුව අප්ඩේට් කරගන්න නැති නම් අර උඩින් කිව්වා වගේ දන්නා දේවල් විතරක් ලියන්න මිනිස්සු නොමග නොයවා .(බ)
ඩුබායි තිලක්ට හොඳ වෙලාවට අං දෙකක් නැත්තේ. (නි)
සද්දය විතරයිනේ. වැඩ කෝ? (නි)
ලංකාව ගැන නොදත් ඩුබායි සිටිනවායි කියන තිලක්, කෝටි 3000ක් කජු ඇට කොස් ඇට නෙමෙයි තමයි. ඒත් ඒවා හදපු බොරු මඩ වුණාම ඡන්ද කාලෙන් පස්සේ කිසි වටිනාකමක් නැහැ. ඇත්ත කෝටි 3000ක් සෑහෙන වටිනා නිසා තමයි මහා බැංකු බැඳුම්කර හොරු අල්ලලා රටේ සල්ලි ආපසු ගන්න ඕනෑ. (නි)
රටේ ජනයා රවටන්න එපා දිගට හරහට... (නි)
මෛත්‍රීපාල මහත්තයා පක්ෂ නායකත්වය රැකගන්න ඩීල් ගහන කොට රනිල් මහත්තයා කොහොමද හොරුන්ට එරෙහිව කටයුතු කරන්නෙ? ජනාධිපති බලතල තවම තියෙනවනෙ. (බ)
ඕනෑම ප්‍රකාශයක් සාක්ෂි ඇතුව හෝ නැතුව කළත් වැදගත් වන්නේ නීතිය ඉදිරියේ ඔප්පුකර ගැනීමයි. කටමැත කියවීමෙන් පමණක් සිදුවෙන්නේ චුදිතයා හට සමාජ අනුකම්පාවක් දිනාගැනීමට අවස්ථාව උදාකරදීම හරහා සිදුව තිබෙන වංචාව දියකර හැරීමයි. (නි)
අද රාත්‍රී 9 ට අග්‍රාමාත්‍ය තුමාගේ විශේෂ ප්‍රකාශයක්....අහලම එපාවෙලා..(බ)
පිටරට බැංකුවල ඇති ගිණුම් පිළිබඳ විස්තර ලබාගැනීම රජයකට වුණත් අපි හිතන තරම් ලෙහෙසි නැති බව තේරුම් ගතයුතුයි. (නි)
මේ රජය බලයට ආ දවසේ ඉඳලා මේ බොරු කයිවාරු තමයි ගහන්නේ. චන්ද්‍රිකා නෝනා 1994 බලයට ඇවිල්ලා එයාගේ නිල කාලය ඉවරවෙනතුරු ව්‍යවස්ථාව වෙනස් කරමින්, දුෂිතයන්ට දඬුවම් දෙමින්, කොමිසන් සබා පත්කරමින්, සුදු නෙළුම් සංදර්ශනයකුත්, අවුරුදු 17 ශාපයත් කිය කියා කාලය අවසන්කළා. ඒකේ දෙවන අදියර තමයි දැන් ප්‍රදර්ශනය වෙන්නේ. (නි)
අහිංසක මිනිසුන්ගේ සල්ලි ගත්තා නම් එහෙම අයට හොඳක් නම් වෙන්න එපා. (නි)
හැමදාම බොරුව එපා. වෙන වැඩක් කරන්නේම නැද්ද?
මම නිකන්ද කියන්නේ, මිනීමරු ප්‍රභාකරන්ට අවුරුදු 35 කදී කරන්න බැරි වුණ විනාශයක් පසුගිය අවුරුදු 5-6 ක් තුළදී රටට කරලා තිබෙනවා කියල. මොළේ කළඳක් තිබෙන කෙනෙකුට වුණත් තේරෙනවා. (නි)
ප්‍රකාශ විතරනේ හැමදාම! (නි)
තිලක් ඩුබායිගේ යහපාලනයෙන් මේ රටට කරනව මාර වැඩ ගොඩක් (කෞ)
දැන් බයවෙලාද අලුත් පක්ෂයක් පිහිටුවයි කියලා? (නි)
මේ මුදල් ජනතා සතු කරලා උපරිම දඬුවම් දුන් දවසට ඔබට ජනතාව උපරිමයෙන් සහයෝගය ලබාදේවි. (නි)
බෙන්තර ගඟෙන් එහා අය ගැන අහලා තිබුනට මෙච්චර හරියක් කරයි කියලා නම් හිතුවේ නැහැ. (නි)
අගමැතිතුමනි, මේ කම්බා හොරුන්ව බෙල්ලෙන් අල්ලලා ඇතුළට දාලා ඉවරවෙලාම ප්‍රකාශ නිකුත් කරන්න. හොරු එළියේ ඉඳිද්දී ප්‍රකාශ නිකුත් කරලා වැඩක් නැහැ. (නි)
ආපෝ ..ඔය රාජිත කියන ඒවා නම් මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ..ඔයගොල්ලන්ට මතකද,එයා තාජුඩින් ඝාතනයට සම්බන්දව කතාවක් කීවා.." ඒ වීඩියෝ ටික දැක්කහම මිනි මරුවෝ කවුද කියලා පෙනේවි..." කීවා. ප්‍රභූවරු වගයක් හිටියා කීවා.තව කවුද ඩ්‍රයිවර් කෙනෙක් තාජුදින්ගේ හිසට ටි 56 කින් පහරදුන්නා කීවා....දැන් මොකදවුනේ..ඒ වීඩියෝ ඉතාමත්ම අපැහැදිලියි ඒ නිසා විදේශීය රටක තාක්ෂණික සහය ලබාගන්න කියලා, කොළඹ විශ්ව විද්‍යාලය නිර්දේෂකලා.එහෙම වීඩියෝ එකක් ගැන මෙයා කිවේ සම්පුර්නම බොරුවක්. ඉතින් ඒ වගේ බොරු කාරයන්ව තවත් විශ්වාස කරන්න අපට හැකිද ..? (බ)
ඉස්සර රුපියල් කෝටි දහස් ගණනින් ගසා කන අය ගැන කිව්වම දේශද්‍රෝහියෙක් කියල හංවඩු ගහනවා.හිටපු අයගේ සහ හත්මුතු පරම්පරාවේම "හතර වරම්" ගැහිලි/දුෂණය ගැන කියල දේශද්‍රෝහියෙක්/කොටියෙක් වෙනවා කමක් නැහැ. (බ)
උදේට තේ කහට කෝප්පය බිල සෙරෙප්පු දෙකක් නැතිව,පහසුකම් නැති පාසලට ගිහින් අධ්‍යාපනය කරන අපේ රටේ දුප්පත් දරුවන් මොන තරම් ඉන්නවද?අම්මලට දරුවන්ට කන්න අදින්න දෙන්න නැතිව ගගේ මුහුදේ පැනල මැරෙන රටක,එහෙව් දුප්පත් අසරණ මිනිස්සු ඉන්න රටක මේ තරම් විශාල ධනස්කන්ධයක් තමන් සතු කර ගැනීම වැහි නැති හෙන ගහන අපරාධයක්. (බ)
තිලක් ඩුබායි කියන්නේ යහපාලනයේ නිත්‍ය සාමාජිකයෙක් වගෙයි (නි)
ඇමරිකා ඩොලර් කෝටි 300 ක් ඉක්මවා (රුපියල් කෝටි 43065) ක් කියන්නේ හිටපු ඒකාධිපතිය ගසා කාපු මුළු ධනස්කන්ධයෙන් 0.0001 ක මුදලක්. (බ)
ඒ වුනාට උපන්දින උත්සව පවත් වන්නේ ටකරන් මඩුවේ. රටේ බත් කන හරක් ඉන්නකම් මොනවද කරන්න බැරි? (බ)
බුදුන් දේශනා කළේ මහජන මුදල් ගසා කෑ පාලකයින් බලු කපුටන් වී උපත ලබන බවයි බුදු වචනයේ පිහිටා සියලු පාලකයින් රට පාලනය කරන්නේ නම් රට ඉබේටම සශ්‍රික වේවි.(බ)
අර තිලක් ඩුබායි ඇත්තටම ඩුබායි වලද ඉන්නේ.මොකද එයා ලංකාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති පාටයි.(කෞ)
සමන්.දැන් දැන් කුලියට ලියන අය වැඩි වේගෙන එන්නේ.දැනට දුෂණ වංචා පරීක්ෂණ වල ප්‍රතිපල නිකුත් වෙනකොට මෙය විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්.(කෞ)
සමන්, ඔය හරියට බබෙක් වගේ. මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න අමතක කරන්න මේ වගේ පොඩි චුන් එකක් දුන්නම අපේ සමහර ය හිතනවා මේවා ඇත්ත කියල. එතින් එක දිහා කට අැරගෙන බලාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් බදු ගණන් යනවා. අද සමන් රුපියල් 100 කින් වැඩි වෙනවා. අනිත් එක මේක කියන්නේ දත් දොස්තර! (බ)
අසරණ මිනිස්සු කන පාන් ගෙඩියෙන්,පරිප්පු ටිකෙන් බදු පිට බදු ගහලා කරලා තිබෙන ඔවැනි දේවල් වලට මුළු ලංකාවම විරුද්ධ වෙන්න ඕනෑ. ඔය චීවරධාරීන් ඉදිරියට එන්න ඕනෑ මෙවැනි අපරාධ වලට විරුද්ධවයි. (බ)
මෙයාට සහ ඩිලාන්ට කාන්තා ඇඳුම් අන්දන්න ඕන. (බ)
අපි බලාගෙන ඉන්නවා .. මේ ප්‍රභූ පවුල මේ විශාල මුදල් සම්බාරය අයථා විදිහට හම්බ කරලා තියෙනවා නම් තරාතිරම නොබලා අදිකරණයට ගෙනල්ලා දඩුවම් දෙනකම්..යුද්දේ දිනන කියන ලේබලයට මුවා වෙලා මේ විදිහේ වංචාවල් කරන්න රටේ මහා ජනතාව වරමක් දුන්නේ නැහැ නේ..(බ)
අගමැති තුමනි ඔබ හොරෙක් නොවෙය නම් සහ හොරුන්ට සහය නොදෙන්නෙක් නම් මෙයට උපරිම ක්‍රියා මාර්ග ඉක්මනින් කරන්ඩ . පක්ෂ බේද බින්න කරලා තාවකාලික ජයග්‍රහණ වලට නොයා හරිදේ කොට ජනතාව දිනා ගන්ඩ. (කෞ)
කතා නම් කියනවා කෝ මුකුත් ඔප්පු කරලා පෙන්නන්න එපැයි. නිකම් මිනිස්සු ගොනාට අන්දන්න එපා (කෞ)
අගමති තුමනි අපි ජන්දේ දුන්නේ ඔබටයි.කරුණාකරලා ඔබේ වගකීම ඉටු කරන්න.අපිට තාමත් ඔබ තුමා විස්වසි. (කෞ)
මේ ගිණුම් චන්ද්‍රික බණ්ඩාරනායකගේ සහ පුතාගේ .. ඒ නිසා වැඩි විස්තර කියන්න බැහැ(කෞ)
විශේෂ ප්‍රකාශ අහලම ඇතිවෙලා දැන්..නරකද ඉන්ධන මිල ගැන ප්‍රකාශයක් කළොත්..වෙන බොරු වලින් ඒක වහගන්නේ නැතුව..(බ)
කිවුවට තරහා වෙන්න එපා පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම විහිළු කාරයෙක් තමා කිරිඇල්ල.(බ)
බරපතල වැඩ ඇතුව හිරේට දාලා විතරක් වැඩක් නැහැ, ගසා කාපු මුදල් සම්බාරය නැවත ජනසතු කළේ නැත්නම්.මේ අති විශාල මුදල් කන්දරාවම ඇති අපේ රටේ මිනිසුන්ගේ දුප්පත් කම යම් තරමකට හෝ දුරලන්න.දුප්පත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න.වගකිව යුත්තන්ගේ ඇස කන් ඇරේවා.....! (බ)
දිසානායක, ඔබ හරියටම හරි. මේ කතාවත් මංගල කීව මිලියන ගාන වගේද ? (බ)
තිලක් ඩුබායි කියන්නේ යහපාලන ගිරවෙක්. ඔලුවත් කොහෙද වැදිලා වගේ. (නි)
පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටදී හෝ මේවා ගැන පැය ගණන්, සති ගණන්, මාස හෝ අවුරුදු ගණන් කතා කළාට මහජනයාට කිසිම සෙතක් වෙන්නේ නැහැ. එවැනි දේවල් නීතිය හමුවට ගෙනැල්ල චුදිතයන්ට දඬුවම් නොදුන්නොත් රජය නිකම්ම පාච්චල් වෙනවා .... (බ)
ධනුෂ්ක කොලපාට කන්නාඩි දාගෙන ඉන්න මිනිසුන්ට මේ ආණ්ඩුව කරන බොරුව තේරෙන්නේ නැත. රට දවසින් දවස ප්‍රපාතයට යන බව ඕනෙම මෝඩයෙකුට තේරෙනවා. ඒවාට විසදුම් නොයොද මෙයාල හදන්නේ පරණ කතාවම කියල පොඩි ඡන්දෙත් දිනන්න. (බ)
තිලක් ඩුබයිල දන්නේ කෑ ගහන්න විතරයි. කෝ ඉතින් ඔය කියන ඒවා ඔප්පු කරලා පෙන්නන්නකො නිකන් කියවන්නේ නැතුව. (බ)