හිටපු ප්‍රභූවරයකුගේ පුත්‍රයකුට හා බිරියට අයත් බව කියන සුඛෝපභෝගී නිවාස දෙකක් දෙහිවල මිහිඳු මාවතේ ඉදි කර ඇති බවත්, විදුලි සෝපාන ද සවි කර ඇති මෙම මහල් නිවාස ඉදි කිරීමට අඩු ගණනේ රුපියල් කෝටි 100ක් වත් වැය කරන්නට ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ගල්කිස්ස උසාවියට වාර්තා කර ඇත.
එම ඉඩමේ පර්චස් 65ක් ලක්ෂ 490කට මිලදී ගෙන ඇති බව ද, සමූපකාරයක් ද සහිත පර්චස් පහක ඉඩමක් ඉතා අඩු මිලට මිලදී ගෙන ඇති බව ද පොලිසිය දැනුම් දී තිබේ.
මුළු ප්‍රමාණයෙන් පර්චස් 37ක් ප්‍රත්‍රයාගේ නමින් ද, ප්‍රභූ බිරියගේ නැන්දනියක බව කියන අවිවාහක කාන්තාවකගේ (88) නමටද ඇතැයි පොලිසිය පවසයි.
මෙම ප්‍රභූ පුත්‍රයාගේ වත්කම් පිරික්සද්දී පොලිසිය මේ බව සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ දේශපාලන බලය ලබාගෙන ටික කලකින් කොහොම හම්බකිරීමක් කරලා තියනවා ද කියල හිතාගන්න අපට පුළුවන්. මෙහෙවූ අයට "ප්‍රභූ" කියන විශේෂණ පදය යොදන්න පුළුවන් නම් නියම "ප්‍රභූ" වරුන්ව හඳුන්වන්නේ කුමන විශේෂණ පදයකින් ද ? (බ)
ඔන්න දැන් ලංකාවේ බේරෙන්න බැරිව ජිනීවා යන හේතුව. (බ)
තවත් මාස 2-3 ක් විතර නම් මේවා පෙන්වමින් ජනතාව රවටා ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. (නි)
මොනවද ආයේ ඔප්පු කඅරන්න තියෙන්නේ? මෙච්චර සල්ලි කන්දරාවක් කොහෙන්ද? තව ඔප්පුකරන්නත් කියනවා. (නි)
කෝ අර කුලියාපිටියේ වොල්ක්ස්වැගන් කොම්පැනි? දින 100 න් ජනපතිගේ බලතල අඩුකිරීම එහෙම කෝ? (නි)
මේ රන් අම්මණ්ඩි සහ අැයගේ පුත් නේවී බටයා නේද? (බ)
ඇති මන්දිර දෙකකින් නැවතුණා! (නි)
ගොඩගේ තවම දන්නේ නැහැ වගෙයි මවුබිමට මේගොල්ලන්ගේ තිබුණ ආදරේ ගැන! (නි)
රටේ ප්‍රශ්න වෙන අතකට හරවන්න කරන අටක නාටක කෝ ඇල්ලුවද ලම්බෝ ගිනි,රත්‍රන් අස්වයෝ ,බිලය ගණන් සල්ලි නොහැකියාව වසාගන්න කරන වැඩ (හේ)
දැනට ආ ගිය අතක් නැති ෆොරස්ට් මහත්මියගේ නමින් වංචාකාරී ප්‍රභූ පුතා ගත්ත දේපලද මේ?(කෞ)
ඔය ඇමති බුරුත්තේ වත්කම් ටික බැලුව නම් මීට ගවු ගානක් එහා. ඒවත් බලන්න.නැත්නම් මේක පළි ගැනීම් ගණයට අයත් වේවි. (බ)
පින්තුර නැද්ද (බ)
කාගේ වුනත් කරලා තියෙන්නේ මහ අපරාධයක්.(හේ)
මේ කවුද කියලා අපිට නම් හිතාගන්න පුළුවන් (නි)
දැන් ඔහොම එව්වා කීයක් නම් පෙන්නනවා කිව්වද . පෙන්නපු බල්ටියක් නැහැ , විසිල් විතරයි . (හේ)
නන්දන, ඔයා හොඳ මිලානෝ වලට තමයි. හිරේ යවන්න තිබුනා ඔයාලගේ ආණ්ඩුව කාලේ වගේ රාජ්‍ය ආයතන වල වැඩේට දේශපාලනය අතදැම්මා නම්. ඒවායේ ඉන්නේ ඔක්කොම පහුගිය ආණ්ඩුව දාපු හොරු. ඔවුන් කැමති නැහැ හොරු අල්ලන්න. (නි)
අහිංසක අපව රවට්ටන්න කියන තවත් පට්ට බොරුවක් (හේ)
ඔන්න දේශප්‍රේමී නායකයන්ට ආයෙත් ජිනීවා යන්න මරු පොටක්. ගහමු පොල්, ... පොල් පොල් පොල්.... ලංකාවේ වතුවල හොරට කඩපු පොල්... (නි)
අපෝ මේකත් ගාණක් ද (බ)
උතුරේ බෝම්බ කට්ටල අහුවෙනකොට සමහරු මෙහෙ බේගල් බෝම්බ අතහරිනවා. දැනට මාස15ක්ම කළේ ඕකයි. (නි)
ඔය ප්‍රභූ පවුලට හැර වෙන කිසිවෙකොට කොළඹ ගෙවල් නැතිද ? (ර)
අනේ ඉතින් කෝටි දහ පාලොස් දාහක ආධාරයක් චීනෙන් ගන්නකොට උන් සන්තෝසමක් හැටියට දෙන සොච්චමෙන් නොවැ මේ අහිංසකව ගෙවල් පොඩ්ඩක් හදල දාල තියෙන්නේ. ඕකට ඔය හැටි කෑගහන්නේ. (බ)
අපි නම් දන්නවා ඕවා ඔහොම වෙයි කියලා (නි)
අවූරුදු දෙකක් එකක්වත් ඇල්ලුවේ නැති ආණ්ඩුවේ තව බොරුවක්. මේගොල්ලෝ ඡන්දෙට කියපු විදියට 10 වෙනිදා ඔප්පු කරනවා වගේ සාක්කි අතේ තියන් කීව. අද කෝ. එදා රැස්වීම නිසා අයෙත් බොරුවක් (බ)
අනේ මේ පිටිගල වගේ ගුණමකු මිනිහෙක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. (නි)
මීට කලින් හම්බවුණ ගෙදර නම් පින්තූරත් දාලා තිබුනා. එ්කට වුණදෙයක් නැහැ. ආයෙත් ගෙවල් දෙකක්. බලමු මේකට මොකද වෙන්නේ කියලා. (නි)
මේවා ඇත්ත නම් ශාප වෙනවා. මම දැන් වසර 23ක් පිටරට සේවය කරනවා. අවුරුද්දකට සැරයක් ගෙදර එන්නේ. ඒ අාවහම තමයි කටට රහට වේලක් කන්න හම්බවෙන්නේ. එහෙම කරලත් මට තාම බැරිවුණා මම ජීවත්වන නගරෙන් පොඩි කඩ කෑල්ලක් ගන්න අනාගතය වෙනුවෙන්. (නි)
මෙතන අදහස් දාලා තියන සමහරුන්ට රටට වෙලා තියන විනාශය පෙනෙන්නේ නැහැ. (නි)
මොනවා කියනවද, මොනවා කරනවද අපි දන්නේ නැහැ. අවුරුදු 1 මාස 3ක් ගතවෙලත් කරපු දෙයක් නැහැ. (නි)
මේ එකක්. එච්චර ප්‍රභූ නැති ප්‍රභූලගෙ ළඟ සේවය කළ අයත් ඒ කාලේ ඉඩම් හතර පහ ගත්තා. ගෙවල් දෙක තුන හැදුවා. වාහන ගත්තා. පවුල් පිටින් සංචාර ගියා. සල්ලි අහසින් පහත්වුණාද කියලා ගමේ අය කතා වුණා. නමුත් අද වෙනකම් කිසිම හාවක් හූවක් නැහැ. මේවත් හොයන්න. මේ අපේ බදු සල්ලි තමයි පාවිච්චි කරලා තියෙන්නේ (නි)
අපෝ තව කොච්චර තියෙනවද සල්ලි හොයපු විදියක් නැතුව ගෙවල් හදපුවා, වාහන ගත්තුවා. පහුගිය කාලේ හිටිය ලොකු ලොක්කෝ ඔක්කොම වගේ කල දුටුකල වළ ඉහගත්තා. (නි)
අනේ මන්ද මේවට මොනා කියන්නද කියලා. (ර)
මේවා ඇත්ත තමයි. නමුත් කිසිදෙයක් ඔප්පු කරලා නැහැනේ (නි)
දෙහිවලින් පර්චස් එකක් බැරිද මටත් ඒ ගානට ගන්න? (නි)
අසවල් පළාතේ ඉන්න අපේ වයසක නෑදෑයෙක් කියලා තියනවා ඉස්සර අර ගමේ මිනිසුන්ගේ ඉඩකඩම් වලට මොකද වුණේ කියලා. මේවා පරම්පරාවෙන් පැවත එන වැඩකටයුතු තමයි. (නි)
ඔය තියෙන්නේ අයථා විදියට හම්බකළ මුදල් ගිය එක තැනක්. (නි)
ජනක, ඔයාලා වගේ අය දහදුක් විඳලා පිටරට වලට වෙලා හම්බ කරපුවායින් කෝටි ගණන් වියදම් කරලා ස්ටාර් තරඟ පැවැත්වුවා. දන්සැල් දුන්නා. යටිමඩි ගැහුවා. ඔයාලට කඩ කෑල්ලක් ගන්න විදියක් නැහැ තාම. ඕක තමයි යථාර්ථය (නි)
මේකේ අයිතිකාරයින් කවුද කියලා හිතාගන්න එච්චර අමාරු නැහැ (නි)
ප්‍රභූ පුතකුට රුපියල් කෝටි 100ක්වත් ගියා නම්, එච්චර ප්‍රභූ නැති අයත් අඩුගානේ ගෙවල් හදන්න කෝටියක්වත් වියදම් කරන්න ඇති එ් කාලේ (නි)
ජනක ඔයාට රට ඉඳලත් කඩකෑල්ලක් ගන්න බැරිවුණාට රට යවන තැන් වල අය නම් ගොඩගියා. (නි)
පහුගිය කාලෙ හිටපු ලොක්කො ඉන්න ගමකට ඇවිල්ලා බලන්නකෝ එයාලගෙ ගෙවල් කොහොමද කියලා. පවුලේ අයගෙ නමින් ඉඩම් කීයක් අරගෙන තියෙනවද කියලා. රටේම සල්ලි පාවිච්චි කළේ ප්‍රභූලයි එයාලගෙ වන්දිබට්ටයොයි තමයි. (නි)
රාජ්‍ය ආයතන වල ඉන්නේ බහුතරය පහුගිය ආණ්ඩුව දාපු හොරු. ඔවුන් කැමති නැහැ හොරු අල්ලන්න කියලා නාලක කියපු කතාව නම් සහතික ඇත්ත. (නි)
සිය්‍යම රාජ්‍ය ආයතන/කාර්යංශ වල හිටපු ලොක්කන්ගේ සහ පවුලේ අයගේ වත්කම් පරික්ෂා කරන්න. තව හුඟක් අහුවෙයි. දැනට අහුවෙන්නේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පමණි. නමුත් තව තව හොරකම් දූෂණ වුණේ මීටත් යට තට්ටුව නියෝජනය කරන අය අතිනුයි. ඒවා එකතු කළාම මේවට වැඩිය වැඩියි. කොහෙන් ගියත් මේ ගිහින් තියෙන්නේ දුප්පතාගේ සල්ලියි. රටට යමක් කරන්න තිබුනු සල්ලියි. (නි)
ජනක මහතාට රට ඉඳලත් කඩකෑල්ලක් ගන්න බැරිවුණාට රට සම්බන්ධ තැන් වල අයගෙ වත්කම් හොයලා බැලුවොත් විදේශ විනිමයට වෙලා තියෙන දේ පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඇයි සොයා නොබලන්නේ කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය. (නි)
අපේ රටේ අය හිතාගෙන හිටියේ ආණ්ඩු කරනවා කියන්නේ රටේ සියළු දේපොල එයාලට ලියලා දුන්නා කියලයි. ඇමතිලාට වන්දිබට්ටකම් කරපු අය හිතාගෙන හිටියෙත් නීතිය එයාලගේ අතේ, අපිට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකයි මෙහෙම වුණේ. අනේ කොච්චර දේවල් අපේ දේශපාලඥයින්ට දියුණු රට වලින් ඉගෙනගන්න තවමත් තියෙනවද? (නි)
ඔය කට්ටිය මේවා විශ්වාස කරනවද ,,,අැත්තටම පොලිසියට පිස්සු කොටි 100ක් කියන්නේ ලොකු මුදලක් ,,, ඔය කියන ගානෙන් පුළුවන් රත්‍රන් වලින් ඔය ගේ හදන්න (හේ)
සමහරු ජනතා මුදල් වියදමි කළේ කිසිදිනක කිසිම කෙනෙකුව අහුනොවන්නට බව ජනතාව නොදනිති. (නි)
මේවාට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි? (නි)
පුදුම ගැහිල්ලක් නේද ගහල තියෙන්නේ. දැන් අයගේ කියලා වෙනසක් නැහැ. (ම)
මේ යුගයේ මුලික කටයුත්ත වනුයේ රටේ වංචාව හා දුසනය පිටුදැකීම (හේ)
කාලෙන් කාලෙට එක එක කතා කියමින් ජනතාවගේ ප්‍රදාන අවස්යතාවයන් මග අරිමින් ඉන්න බව නම් පේනවා.. (ර)
චෝදනා ඔප්පු කළ යුතුයි.(හේ)
ඔය විතරක් නෙවේ ලංකාවේ හැමතැනම සල්ලි හංගලා තියනවා මම හිතන්නේ.(හේ)
අවුරුදු 10ක් රට ඉදලත් තම ගේ හදල නිමකරලා පදිංචි වෙන්න බැරිවුණා , පුදුම සල්ලියක් යන්නේ , මේවා නම් සහ ගහන අපරාධ , අපේ විදේශ විනිමය බදු මුදල් වලට වුන දේ තමයි මේ (හේ)
තවත් අලුත් නාට්‍යයක්ද? (නි)
පසුගිය රජයට පින්සිදු වන්නට තනාගත් ගෙවල් මේවා. ට ඔවුන්නැවත බලය අරන් දීලා ඉතිරි ප්‍රභූවරුන්ගේ දුවණියන්ට පුතුන්ට ඉක්මනින් මෙවැනි නිවාස තනාගන්නට ඉඩදෙමු (නි)
ලැහැස්ති වෙලා ඉන්න බලන්න .(හේ)
විනාශය දෙගොල්ලොන්ම වග කියන්න ඕන හරි විපක්ෂයක් තිබුනේ නැහැ ඒ අය ඒ කලේ පාවාදෙන එක සහ බල අරගලය ඔය කියන දෙසපලුවට නැවත බලය දිය යුතු නැහැ විකල්ප නායකත්වයක් සොයා ගත යුතුය (හේ)
මෙයාලට ඡන්දයක් ළංවෙනකොට, හින පෙනෙනවා. ඡන්දෙ ඉවරුනාම මුකුත් මතක නෑ වගේ ඉන්නවා. රට බාරගත්තනම් කරලා පෙන්නන්න. දවසින් දවස රට ප්‍රපාතයට යනවා විතරයි දැනට පෙනෙන්නේ . (බ)
තවත් ආටක නාටකයක් ගිහාන් රට බේරගත්ත වීරයාගේ පුත්තු බැදල නෑ හොදට කියවන්න නිව්ස් එක (බ)
පවු මුකුත් කියන්න එපා නැති බැරිකමට පුංචි සෙල්ලම් ගෙයක් හදාගෙන තියෙන්නේ (බ)
රටකට පවතින නීතියක් ඇත. නීතියට පිටින් කටයුතු කළ යුගයක්ද අපිට තිබිණ. දැන් නිතිය යම් දුරකට හෝ ක්‍රියාත්මක වන බව පිළිගත යුතුව ඇත. එහෙත් නිතිය සැමට පොදු විය යුතුය. නිතිය පිළිබද මහජන විශ්වාසය උදෙසා ප්‍රයෝගික ක්‍රියාකාරිත්වය විනිවිද විය යුතුය.පවතින නීති සම්ප්‍රදාය තුල එක රැයකින් විසදුම් ලබා දිය නොහැක. යල් පැනගිය හා යාවත්කාලින නොවූ දැනට පවතින නීතියේ පිළිගත් ක්‍රමවේද අනුව එක එක අදියර පසුකර ක්‍රමානුකුලව කටයුතු කළ යුතු නිසා කාලය ගත වීම අරුමයක් නොවේ. (බ)
මාස 15ක් ගිහිල්ලා තාම කයිවාරුව විතරයි. මේ ආණ්ඩුවේ හොරු ඇල්ලීමත් අන්තිමට ගහපු පදේකුත් නෑ, නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ වගේ තමා. (බ)
මොකක් හරි දැක්ක ගමන් බල්ලෝ රැළ හිටු කියල බුරනවා පස්සේ තමයි තේරෙන්නේ අපරාදේ බිරුවේ කියල (බ)
මුන් ගහපු පොල්වල සාපය ළඟදීම ලැබෙයි. (බ)
ඉතින් මොකක්ද ප්‍රශ්නේ? රට බේරගත්ත වීරයාගේ පුතා නේ. අනික රට වෙනුවෙන් හමුදාවට බැඳිලා කොච්චර සේවයක් කලාද.මෙයා හින්ද ඔක්කොම තරුණයෝ හමුදාවට ආවා. අනික රජ පවලට නැති සල්ලි කාටද තියෙන්න පුළුවන්. (කෞ)
නිදහසින් පස්සේ බිහිවුන හැම දේශපාලකයෙක්ගේම වත්කම් සොයා බැලුවනම් කෙතරම් හොඳයිද ...? (ර)
චීනගේ ණයට හිලව් වෙන්නවත් රටේ ඉඩක් ඉතුරුකරන්නේ නැතුවම සංවර්ධනේ කෙසේ වෙතත් අකුරටම සුද්දෙ නම් දීලා තියෙන හැඩයි.(කෞ)
මිනිස්සුන්ට එන්ඩ කියල මේවා පෙන්නන්ඩ. එතකොට තමයි මුන් හොරා කාල තියන හැටි මිනිස්සු හරියටම දැන ගන්නේ. (කෞ)
රජවරු සිටිය යුත්තේ රජවරු විදිහටයි ඒ අයට ධනය තිබිය යුතුය. රටක ආහාර හිගයක් ආවොත් තම ධනය යොදාගෙන රට ස්වයංපෝසිත කළ යුතුයි. රජ පවුලේ අය ධනය ඉපැයිය යුත්තෙ එයටයි රජ පවුලට ධනය තිබීම අනිවාර්යයෙන් එය වැරදි ලෙස දකින්නේ රටක් ආගමක් නැති අයයි(කෞ)
කෙනෙකුව අහුනොවන්නට වියදම් කලාට හෘදය සාක්ෂියට අහුනොවි වියදම් නොකිරීමට නොහැක. මරන මංචකයෙදි හරි සිහිපත් වෙයි කාට කාටත් තමන් කල කි දේවල්(කෞ)
තමන්ගෙ දරුවන්ට පිටරට ඉගෙනගන්න යවපු නැති ඇමැති කෙනෙක් හොයාගන්න පුළුවන් ද? ඒකනම් හරියට නොමල ගෙයකින් අබ සොයනවා වගේ වැඩක් වෙයි. (කෞ)
මේ ගැන ලොකු විස්තරයක් තව වෙබ් අඩවි වල දාලා තියෙනවා හොයල බලන්නකෝ (කෞ)
දෙයක් පැවසු සැනින් එයට විරුද්දව අදහස් ප්‍රකාශ කරනවා මිසක කවුරුත් මෙහි ඇත්ත නැත්ත සොයා බලන්නේ නැත...(හේ)
දැන්වත් මේ අමුනුස්සයන්ට බලකරන්න ඕන දැන් රට පාලනය කරන ආණ්ඩුවට වෙට්ටු දාන්න එපාකියල.(කෞ)
මහා හුරා මහා තැනට මන්ගච්චල හින් හුරට ගෙවල් පොජ්ජක් දෙකක් ඔය ගණන් වලට හැදුවම මොකෝ.(කෞ)
සෙනරත්, ඔයාත් පහුගිය කාලේ ආණ්ඩුවෙ තැනක සේවය කල ලොක්කෙක් කියලා මට හිතෙනවා. මම හරිද? (කෞ)
අලුත් නාට්‍යයක්, පාඨකයෝ නම් දැන්මම අදහස් පළකරන්න පටන් අරන්.(කෞ)
මහ ඡන්දෙට ඉස්සෙල්ලා නම් මේ කතා අප විස්වාස කළා. දැන් අපට මේවා අහලා ඇතිවෙලා.(ම)
ඕවා අහිංසක අපට කියල වැඩක් නැහැ රාජසන්තක කරලා අහිංසක මිනිස්සුන්ට සහනයක් දෙන්න (ම)
ඉන්නවා කියපු රත්තරන් අශ්වයෝ ඉඩමේ හිටියේ නැද්ද (බ)
මම වසර 23 වැඩිය අරාබියේ ඉඳල ලක්ෂ 50 ක වටිනාකම තියෙන ඉඩමක් තියෙනවා ජීවිතෙන් බාගයක් මගේ නෑයන්ගෙන්,දියනියගෙන් වෙන් වෙලා හොර දෙටු දේසපලුවෝ සහ ඔවුන්ගේ හෙන්චයි පරපුර දිනකදී හෝ කෝටියක් මුදල් පහසුවෙන් සොයාගන්නවා වෙනස කොහොමද, (බ)
මේවත් හරියට අර කොන්ඩයගේ කේස් එක වගේ. කවුරු හරි කිව්වා පලියට පිළිගන්න ඕනේ නෑ. රටේ උද්ගතවෙලා තියෙන තත්වය ඕවයින් වහන්න පුළුවන් කියලද හිතන්නේ. අනික මේවා හොයා ගන්න මෙච්චර කල් යනවද. (බ)
මේවා තමයි ජාතික අපරාධ කියන්නේ. මෙතරම් මුදලක් මේ අයට කොහෙන්ද?(හේ)
කාලෙන් කාලෙට මොකක් හරි දේපලක් මාතෘකාවට ගෙනැල්ලා අරයට අයිතියි මෙයාට අයිතියි කියා කියා පරීක්ෂණ පවත්වනවා. හොරු හොරු හොරු කියා කියා ඉන්නවා මිස අල්ලපු හොරෙක් නැහැ. මේවා කාලෙන් කාලෙට මවන පුවත් විතරයි. බැසිල් මහතාගේ හදපු නිවස - පීකොක් මන්දිරය - රත්තරන් ගොඩ දාන්න පොලොව හැරීම වගේ එකක් ද මේකත් ? (බ)
තවම කවුරුවත් හිරේ යවලා නැති නිසා අපි මේ ගැලරියේ නාටක වලට හුරේ දාන්නේ නැහැ. පුලුවන්නම් වැරදි කල අයෙක් ඉන්නවනම් හිරේ යවලා පෙන්නන්න. (ර)
අපේ ජනාදිපතිතුමා සාධාරණ වැඩියි. මෙයාලට දඬුවම් දෙන එකක් නැහැ විස්තරය පමණයි (හේ)
රටේ මොනවා හරි ප්‍රශ්නයක් වෙනකොට මේගොල්ලෝ ජනතාවට මැජික් පෙන්නනවා. මිනිස්සු කට අරගෙන බලාගෙන ඉන්නවා. අර ප්‍රශ්නේ අමතක වෙනවා. (හේ)
තමන්ගේ වැරදි වහ ගන්න කාලෙන් කාලෙට ගොතන බොරු අපිට දැන් ඇති වෙලා.(හේ)
දැන් දෙහිවල මෙහෙම ගෙවල් හදලා නැද්ද? ඒ සල්ලි කාගෙද? මේවා හොයන්න එපාද? (හේ)
අර ලම්බෝගිනියකුයි හෙලිකොප්ටරයකුයි තිබිල අහුවෙලා දඬුවම් එහෙම දුන්නේ මේ කියන පුතාටම වෙන්න ඇති නේද?(හේ)
හොර නඩයෙම ඒවා හොයන්න ඕනේ. මේවා විතරක් හොයලා මදි. ඇමතිලාට පන්දම් අල්ලා අල්ලා තමන්ගෙ යටිමඩි තර කරගත් නිලධාරින ගැනත් හොයනන්. වත්කම් හොයන්න. පවුලේ අයගෙ නමට ඇරන් ඇති දේපොල සොයන්න.(හේ)
කවුරු කියලද හිතන්නේ.(හේ)
මෙය ඇත්තක් නම් විශාල වශයෙන් කණගාටුවෙනවා. රටේ හිටපු පාලකයාට දුගී දුප්පත් ජනයා අමතකවුණේ ඇයි? මේ මුදල් වලින් ගෙවල් කීයක් හදලා දුප්පතුන්ට බෙදාදෙන්නට තිබුනද? (නි)
ඡන්දෙ කාලෙදී වගේම පහුගිය කාලෙම යහපාලන ආණ්ඩුව කිව්වේ ඔය ටිකමනේ. ඒ වුනාට ප්‍රභූ කියන පැලැන්තියට අත තියන්න තරම් "කොන්දක්" නැහැ කියලා. එහෙම නෙමේනම්, යහපාලනය කියාගෙන බලේ ගත්තු ලොකු ලොක්කොත් \" ඩීල් \" දානවා. පත්තරේ දාන්න තරම් සාක්ෂි තියේනම්, ඇරෙස්ට් කරන්න බැරි ඇයි.? සාමාන්‍ය මිනිහටත් රටේ ක්‍රියාත්මක වෙන්නේ ඔය ඇල්මැරුණු නීතියමද..? ඒකෙන් මේකෙන් වෙන්නේ, බොහෝ කැප කිරීම් සහ තාඩන පීඩන මධ්‍යයේ මොවුන් පත්කරගත්තු ප්‍රගතිශීලී ජනතාවට යහපාලන ආණ්ඩුවත් එපා වෙන එකයි. (හේ)
විදේශ විනිමය බදු මුදල් වලට වුන දේ දන්නේ ඒවා පරිහරනය කළ ඇත්තෝම තමයි. තරඟ වලට කෝටි ගණන් වැය කලාලු. මැයි දිනයට කෝටි ගන්න වැය කලාලු. අපේ විනිමය වලට වුනු දේ දන්නෝ දනිති. මේවා හොයන්නේ නැත්තේ ඇයි.(හේ)
සුමිත්ගේ කතාව ඇත්ත රාජසන්තක කරලා දුප්පත් මිනිස්සුන්ට ගෙවල් 100 ක් හදලා පෙන්නන්න බොරු කරන්නේ නැතුව. (හේ)
මේවා ඇත්තද නැත්තද දන්නේ නැති වුනාට අපේ පළාත් වල ඉන්න අය ආන්ඩුවේ ආයතන/කාර්යාංශ වල ලොුකු පුටුවල හිටිය අය හදපු ගෙවල්, හැදුවා.(හේ)
කාගෙන් හරි යමක් හොරකම් කරනවට වඩා සිය දහස් ගුණයක් පව් පිරෙන වැඩක් රටක ජාතික ධනය පුද්ගලික පරිහරණයට ගැනීම.(හේ)
අහුවෙන හැම හොරෙකුගෙම දේපොල රාජසන්තක කරලා ජනතාවට වැඩක් කරන්න. අපිට ඕනෑ එයයි. හොරු මේ ටිකේ නමගිය දේවාල වල පදිංචි වෙලා ඉන්නේ. දේවාලයක් මුර කෙරුවොත් හොරු අල්ල ගන්න පුවළුන් (හේ)
කාගේ සල්ලි වලින්ද දන්නේ නෑ මේ මන්දිර හදන්න ඇත්තේ.(හේ)