
(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ ආගමික නායකයන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂකයන් (ප්‍රභූ ආරක්ෂක සේවය) වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 583 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ප්‍රභූ ආරක්ෂකයන් වෙනුවෙන් පසුගිය 2018 වසරේ සිට 2022 වසර දක්වා කාල පරිච්ඡේදයේ දැරූ වාර්ෂික සාමාන්‍ය වියදම රුපියල් කෝටි 434 ක් බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අනුව ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාල පොලිස්පතිගේ චක්‍රලේඛයට පරිබාහිරව අනුයුක්තව සිටින නිලධාරීන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා දීමනා වියදම පිරිමැසුම්දායක නොවන බව විගණන නිලධාරින්ගේ නිරීක්ෂණයවී ඇත.
COMMENTS
ඉතින් රටට ඔළුව උස්සන්න පුලුවන්ද?
කොහෙද ප්‍රභූවරු ඉන්නේ ? වැඩි හරියක් රටම හොරා කාලා විනාශ කරපු දූෂිත දේසපාලුවෝ .?
ගොඩක් වයසයි මැරෙන්න බයයි
ජනාධිපති ආර්යාවට තියෙන ආරක්ෂාව දැක්කම ඔය ගානෙන් බේරුණා එක ගැන සතුටු වෙමු...!
ප්‍රභූවරයකු වෙන්න ජනතා මුදලින් කොපමණ කොටසක් හොරා කන්න ඕනද කියලා දන්න කෙනෙක් කියන්න
රටේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා නුන්ව උඩ ඉන්න දෙවියෝම බලාගන්න ඕනෑ මහජන මුදල් වලට කරන අපරාදයට තවත් බලයට එන්න ඡන්දේ ඉල්ලනවා
මුර බල්ලෝ පිරිවරාගෙන යමින් ලෝකල් ප්‍රභූවරු ලෙස හිතාගෙන රඟන කම්බා හොරු දැක්කම අපේ ගෙදර ඉන්න බල්ලා මට නම් ප්‍රභූවරයෙක් මොනා උනත් ඌ හොරෙක් නෙවෙයි නේ...අනික, මුර බල්ලෝ වටකරගෙන යන බියාදු නිවටයෙක්ට වඩා එඩිතරව තනිව මහපාරේ සක්මන් කරන බල්ලා මට නම් සිංහයෙක්...
තව පෝය දෙකයි. මිනිස්සු දූෂිත දේශපාලනයට සහ ප්‍රභූ දේශපාලනය අතුගාලා දායි.
පේනවනේ... රට නන්නත්තාර කරලා රටින් පැනලාගිය නන්දසේනත් ප්‍රභූවරයෙක්... ලංකාවට ගිය කල...
මේ අපරාධය සහ නාස්තිය උපරිම තව මාස දෙකකින් අවසන් වෙනවා. ඒ සමගම මේ රටේ අවසන් විධායක ජනාධිපතිත් අනුර කුමාර දිසානායක මැතිතුමා...!